IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ආයෝජන කලාපයේ ඖෂධ කම්හල ජනපති අතින් විවෘත වේ

(අංජුල මහික වීරරත්න)

රට ගොඩනැඟීමට අවශ්‍ය ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තියක් බවත් පක්ෂ බේදයකින් තොරව එකම ජාතික ප්‍රතිපත්තියක් ඔස්සේ කටයුතු කර රට ගොඩනැඟීමට කැපවිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ ඉහළටම ඔසවා තබමින් දියුණු ආර්ථිකයක් ඇති කිරීමට නම් හොඳ ආර්ථික ප්‍රතිපත්තියක් සේම දේශපාලන ස්ථාවරත්වයක් ද පැවතිය යුතු බව සඳහන් කළ ජනාධිපතිවරයා “ජාතික සභාව” වේදිකාවක් කර ගනිමින් ජාතික ප්‍රතිපත්ති රාමුව පිළිබඳ සාකච්ඡා කිරීමට එක් වෙමු යැයි ද පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ස්ථාපිත ප්‍රථම ජීවානුහරණය කරන ලද ද්‍රව්‍යමය ලෙස නිපදවන ඖෂධ නිෂ්පාදනාගාරය කටුනායක ආයෝජන කලාපයේ දී අද (10) විවෘත කරමිනි.

තරඟකාරී හා නවීන තාක්ෂණය යොදවා අපනයන ආර්ථිකයක් සකස් කිරීමේ ජාතික ප්‍රතිපත්තියක් ඇති කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා මෙහිදි සඳහන් කළේය.

 



අදහස් (4)

ආයෝජන කලාපයේ ඖෂධ කම්හල ජනපති අතින් විවෘත වේ

janahitha AUS Tuesday, 11 October 2022 08:43 AM

ජාතික ප්‍රතිපත්තියක් භේදයකින් තොරව එකම ජාතික ප්‍රතිපත්තියක්.එය සිදුව ඇත .රටේ සම්පත් සූරා කන අය එකතු වී ඇත .භේදයකින් තොරව එකින් එක ආරක්ෂා වන ජාතික ප්‍රතිපත්තියක්

:       1       5

Nelum Tuesday, 11 October 2022 10:24 AM

රට ගොඩ දැමිල්ල කෙසේ වෙතත් මෙයා රාජපක්ෂ නඩය ආපහු ගොඩ දාන්න හදන බව පේනවා. බහ බැංකුව මංකොල්ලා කාපු එකාට අලුත්ම විධියට කිවිවොත් අග්ගලාවත් කජ්ජක්ද කියල තමයි අහන්න වෙන්න. ඡන්දෙ කල් දාන්න හදන්නේ මහජනයා ඉදිරියේ අවලංගු වුන ආණ්ඩුවක් පවත්වාගෙන යාම නීති විරොධියි. එය වටහා ගෙන කරැණා කරල ඉවත්ව යන්න.

:       4       9

fairoos Tuesday, 11 October 2022 12:55 PM

රනිල්,රාජපක්ෂ කරන මේ නාඩගමට නම් ස්වාභාවදහමින් තමයි පඩිසන් ලැබෙන්නේ

:       4       6

Hafeel Tuesday, 11 October 2022 01:54 PM

ජාතික ප්‍රතිපත්තියක් හැටියට රට බංකලොත් කරපු රනිල්, රාජපක්ෂ ඇතුළු ඔවුන්ගේ වහල්ලු සේරම මුලින්ම අතු ගාල දාන්න ඕනේ. අවුරුදු 45ක් ක්‍රයාකාරී දේශපාලනයේ නිරත වෙලා , හය වතාවක් රටේ අගමැති වෙලා ඉඳල, දැන් තමයි මෙයාට ජාතික ප්‍රතිපත්තිය ඕන වෙලා තියන්නේ.

:       3       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 574 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site