(පුෂ්පකුමාර ජයරත්න)
යුද්ධයේ දී පුර්ණ කාලීන ආබාධිත තත්ත්වයට පත්වු විජයබාහු පාබල රෙජිමේන්තුවේ රණවිරුවෝ තිදෙනෙක් අද(24) යුග දිවියට එළැඹුණහ.
මාතලේ මහවෙල පදිංචි සැරයන් ඩී.ජි.එස්.කේ.නන්දසිරි මහතා ගොකරැල්ලේ නිශාන්ති මධුෂානී මෙනවියගේ අතගත් අතර මතුගම පන්නල පදිංචි කෝප්‍රල් ජි.ඩී.ටී.චාමිකර මහතා කළුතර වළල්ලාවිට පන්නිල දිස්නා ප්‍රබෝධනී මෙනවියගේ ද අත ගත්තේය.
අම්පාර පදියතලාවේ පදිංචි කෝප්‍රල් එම්.ජි.ප්‍රේමසිරි මහතා සහ හොරොව්පතාන මොරනෑව චන්දිමා හේමලතා රණතුංග මෙනවියගේ විවාහය ද අද පැවැත්විණි.
ගම්පහ සියනෑ සංවිධානයේ පුර්ණ දායකත්වයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ සහායෙන් සංවිධානය කෙරුණු මෙම විවාහ මංගල උත්සවයට සාක්ෂිකරුවෝ ලෙස යුද හමුදාපති මහේෂ් සේනානායක සහ කුරූණෑගල සිංහල වෙළඳ සංගමයේ සභාපති ඩයස් රත්නායක යන මහත්වරු අත්සන් තැබුහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වේවා සිරි සුබ මංගලම් තෙරුවන් සරණයි යුවතිපතින්ට
ඔබ සියලු දෙනට සම්මා සම්බුදු සරණින් සතුටින් පිරි යහපත් දිවියකට අසිරි පතමි.
මේ රණ විරුවන්ගේ ඉදිරි ජීවිත සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියා ඉත සිතින් ප්‍රර්ථනා කරනවා. රට වෙනුවෙන් ඔවුන් සිය දිවි පරදුවට තබා කල පරිත්‍යාගයම ඔවුන්ගේ ඉදිරි ගමන සාර්ථක වෙන්න හේතුවක්ම වේවා. ඔවුන් සමග අපිත් අද දින ප්‍රීති වෙමු. මේ අපගේම සොයුරු සොයුරියන්.
රට බේරා ගත්තෙ තම දිවි අඳුර කර.. ජීවන මගේ මෙපමණ කල් පිරි අඳුර.. ආලෝකමත් කරමින් මින් පසු නිතර.. පින්වත් කුමරු කුමරිය ඔබ අප අතර.... යුග ජීවිතයෙ දුක් කරදර නැතිවේවා! ජීවන ගමන නිසි අයුරින් සැලසේවා! සාමය සතුට බැඳි ප්‍රේමය පැවතේවා! ඔබ මුළු පවුල් යසඉසුරින් වැඡඹේවා!
ඔබලාගේ ජිවිත පරිත්‍යාගයෙන් අප මවුබිමට ලබාදුන් නිදහස වෙනුවෙන් සියලුම රණවිරුවන් වෙත අප හිසනමමු. මේ මොහොතේත් අප එකිනෙකාට බැන වැදිමින් කෑකෝ ගසන්නෙත් ඔබගේ කැපකිරීමෙන් බව ගොඩ දෙනෙකුට අමතකවී ඇති බව කණගාටුවෙන් වුවද කිවයුතුය. ආචාර කරන්නෙමු. ඔබ සැමට සුබ මංගලම් ඔබලාගේ සියලුම ප්‍රාර්ථනා ඉෂ්ට වේවා....මොහිදීන් බෙග් මහත්මයාගේ සුන්දර ගිතයක පද කීපයක් ලිවීමට කැමැත්තෙමු. මංගලම් ජය මංගලම්.... වේවා සිරි සුබ මංගලම්.....
සියලු දේවියන්ගේ ආශීර්වාදය ලැබේවා. මේ දරුවන් රැක ගැනීම ජාතියේ වගකීමකි
තෙරුවන් සරණයි
මේ රණවිරුවන්ට හා ඔවුන්ගේ මනාලියන්ට, ජේසු සමිඳුගේ පිහිට ආශීර්වාදය හා ආරක්ෂාව ලැබේවා.
ආදරණීය ඔබ සැමට සුභ යුග දිවියකට හිත සිතින් සුභ පතමි.
සුබ යුගදිවියකට ආසිරි ප්‍රර්ථනා, බුදුසරණයි....!!!