(මහනුවර විශේෂ චමිල් රුපසිංහ)
ආදි වාසීන් විසින් ශ්‍රී දළදා සමිඳුන් උදෙසා සාම්ප්‍රදායිකව පවත්වන මී පැණි පූජාව මෙවරත් මහත් බැතියෙන් සිදුකිරීම සඳහා අද (10) ආදිවාසී නායකතුමා සහ එතුමාගේ බිරිඳ වන හීන්මැනිකා මෑනිල ඇත්තන් ඇතුලු 60 දෙනෙකුගෙන් සමන්විත ආදි වාසීන් පැමිණ ශ්‍රී දළදා වහන්සේ සඳහා සාම්ප්‍රදායික මී පැණි පූජාව 21 වැනි වරටත් පැවැත්වූහ.
ආදිවාසීන් විසින් වනයෙන් නෙලා ගන්නා මීපැණිවල හොඳම නොඉඳුල් කොටස ඔවුන් සෑම වර්ෂයකදීම දන්තධාතූන් වහන්සේ උදෙසා පූජා කිරීම පුරාණයේ සිට පවත්වාගෙන එනු ලබන චාරිත්‍රයක් බවත් මෙවර 21 වන වරට දළඳා වහන්සේ උදෙසා මී පැණි පූජාව පැවැත්වූ බවද ආදි වාසි නායකයා පැවැසීය.
ඉන් අනතුරුව දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දැල මහතා විසින් ආදිවාසින් සදහා ත්‍යග පිරිනැමීමක් සිදු කළ අතර ඌරුවරිගේ වන්නිලා ඇත්තන් තමන් හට දිස්ත්‍රික්ක 6 ක ගම්මාන 52 ක සියලු ජනතාව ආරක්ෂා කර ගැනිම සඳහා ඔවුන්ගේ ඉදිරි නව පරම්පරාව ගැන විශාල වගකීමක් ඇති බවත් තම පරපුර රටේ ජාතියේ ආගමික පරිසරයක තමන්ගේ අන්‍යතාවයන් රැකගෙන ඉදිරි ගමන යන අතරම ඔවුනගේ දැනීම් වර්ධනය කිරීමද අවශ්‍ය බව නායකවරයා පැවැසීය.
පුරාණයේ විදේශීය ආක්‍රමණ මෙරටට ඇතිවූ අවස්ථාවලදී දළදා වහන්සේ ගල්ගුහා, කැලෑවල සඟවා ආරක්ෂා කරගත් අවස්ථාවන් වලදී දළදා වහන්සේට පුද පූජා සඳහා අල වර්ග, ධාන්‍ය, මී පැණිවලින් පුද පූජා පවත්වමින් පුරාණයේ සිට ආදිවාසීන් එම චාරිත්‍රයන් රැක ගත්බවත් වන්නියලැ ඇත්තෝ එහිදී කීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ආදි වාසීන්ගේ මී පැණි පූජාව අද මහනුවරදී