(දයාරත්න ඇඹෝගම)
විදුලි අලි වැටක් ඉදිකර දෙන ලෙස ඉල්ලා තලාව ගම්මාන රැසක ගම්වාසීහූ පිරිසක් අද (27) අනුරාධපුර ඩි.එස්.සේනානායක වටරවුම අසල උද්ඝෝෂණයක නිරතවුහ.
ඉන්පසුව විරෝධතාකරුවෝ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.වන්නිනායක මහතා හමුවිම සදහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ඇතුළුවූහ.
එහි ආරක්ෂක සේවයේ නිරතව සිටි සිවිල් ආරක්ෂක භටයකු විසින් කරනු ලැබූ පහරදිමක් නිසා එහිදි දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය.
එය සමතයකට පත්විමෙන් පසුව විරෝධතාකරුවන් පස් දෙනකු කැදවු දිස්ත්‍රික් ලේකම්වරයා ඔවුනට කඩිනමින් විදුලි අලි වැටක් ඉදිකර දිමට පොරොන්දු විමෙන් පසුව උද්ඝෝෂකයෝ විසිර ගියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි වැටවල් ගැසීම මේ ප්‍රශ්නයට ඇති ප්‍රායෝගික නොවන, තාවකාලික පිළියමක් පමණි. අලි මිනිස් ගැටුමේදී කවුරු කෙසේ කිව්වත්, අවසානයේ අප ගත යුත්තේ මේ පළාත්වල ජීවත්වන අහිංසක මිනිසුන්ගේ පැත්තයි. මේ උවදුරට ඇති එකම පිළියම නම්, මේ ප්‍රදේශ වල ජීවත් වන අලි ඇතුන්ගේ සංඛ්‍යාව අවම කිරීමයි. මේ සඳහා රටේ හැකියාවක් ඇති අයට අලි ඇතුන් ඇති කිරීමට ඉඩ දිය යුතුයි. එසේ නැතහොත්, මේ අලින් අල්ලා වෙනත් ආසියාතික රටවලට යැවිය යුතුයි.
මහ බැංකුවටත් අලි වැටක් ඕනේ.
මෙයාල විල්පත්තුව අලියන් නාච්චදුව වැවට යන කොරිඩෝව හරස් කරලා ඉඩම් අල්ලාගෙන ගෙවල් හැදුව. ඉතින් අලියා ගමන් කරපු මාර්ගය වැහුවම අලින් ටික ගම්වදින එක අහන්න දෙයක්ද. ඉස්සර අනුරාධපුර පාදෙණිය පාරේ ශ්‍රාවස්තිපුර ඉඳල තලාවට යනකන් තිබුනේ මෙම කොරිඩෝව. නමුත් දැන් එක පැත්තක් මිනිස්සු අල්ලාගෙන මදිවට පාර දිගට ටෙන්ට් දාපු කඩ අටවල.
මාර හොයා ගැනීමක්. තෑ ගුටියක් දෙන්න වටිනවා. අලි ගම්වලට ආවේ ඒ අයට ඉන්න කැලෑ නැතිකම හෝ කොරිඩෝර් නැතිකම නිසා නොවෙයි. කැලෑවල වතුර නැතිකම නිසා. අවුරුදු හතලිහක සිට වියළි කලාපයට වැස්ස නෑ. විල්පත්තුව යාල වේලිලා. අලි වතුර හොයාගෙන ගම් වදිනවා. ඒ අයට ගම්වල කෑමට රස වැටුණාම ආපහු යන්න කැමතිම නෑ. කොච්චර එලෙව්වත් ආපහු එනවා. මේ අලි කාට හෝ දිය යුතුමයි. අලි සැලකිය යුතු ප්‍රමාණයක් මඳසරුභාවයට පත්කල යුතුයි. නැත්නම් ගොවියෝ ඒ අය විනාශ කරාවි.(සාධාරණයි) හැමදේටම කලින් මේ ප්‍රශ්නය නොදැන කතාකරන අයට හක්කපටස් කැවිය යුතුයි.