IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අලි වැටක් ඉල්ලා දිසාපති කාර්යාලය වටලති

(දයාරත්න ඇඹෝගම)

විදුලි අලි වැටක් ඉදිකර දෙන ලෙස ඉල්ලා තලාව ගම්මාන රැසක ගම්වාසීහූ පිරිසක් අද (27) අනුරාධපුර ඩි.එස්.සේනානායක වටරවුම අසල උද්ඝෝෂණයක නිරතවුහ.

ඉන්පසුව විරෝධතාකරුවෝ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.වන්නිනායක මහතා හමුවිම සදහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ඇතුළුවූහ.
එහි ආරක්ෂක සේවයේ නිරතව සිටි සිවිල් ආරක්ෂක භටයකු විසින් කරනු ලැබූ පහරදිමක් නිසා එහිදි දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය.

එය සමතයකට පත්විමෙන් පසුව විරෝධතාකරුවන් පස් දෙනකු කැදවු දිස්ත්‍රික් ලේකම්වරයා ඔවුනට කඩිනමින් විදුලි අලි වැටක් ඉදිකර දිමට පොරොන්දු විමෙන් පසුව උද්ඝෝෂකයෝ විසිර ගියහ.


 



අදහස් (5)

අලි වැටක් ඉල්ලා දිසාපති කාර්යාලය වටලති

aravinda Wednesday, 27 September 2017 11:08 AM

අලි වැටවල් ගැසීම මේ ප්‍රශ්නයට ඇති ප්‍රායෝගික නොවන, තාවකාලික පිළියමක් පමණි. අලි මිනිස් ගැටුමේදී කවුරු කෙසේ කිව්වත්, අවසානයේ අප ගත යුත්තේ මේ පළාත්වල ජීවත්වන අහිංසක මිනිසුන්ගේ පැත්තයි. මේ උවදුරට ඇති එකම පිළියම නම්, මේ ප්‍රදේශ වල ජීවත් වන අලි ඇතුන්ගේ සංඛ්‍යාව අවම කිරීමයි. මේ සඳහා රටේ හැකියාවක් ඇති අයට අලි ඇතුන් ඇති කිරීමට ඉඩ දිය යුතුයි. එසේ නැතහොත්, මේ අලින් අල්ලා වෙනත් ආසියාතික රටවලට යැවිය යුතුයි.

:       10       11

මුදිThursday, 28 September 2017 02:30 AM

අදහස ඉතා නිවැරදියි.

:       10       7

gamarala Thursday, 28 September 2017 07:23 AM

මහ බැංකුවටත් අලි වැටක් ඕනේ.

:       0       38

asiri Thursday, 28 September 2017 10:08 AM

මෙයාල විල්පත්තුව අලියන් නාච්චදුව වැවට යන කොරිඩෝව හරස් කරලා ඉඩම් අල්ලාගෙන ගෙවල් හැදුව. ඉතින් අලියා ගමන් කරපු මාර්ගය වැහුවම අලින් ටික ගම්වදින එක අහන්න දෙයක්ද. ඉස්සර අනුරාධපුර පාදෙණිය පාරේ ශ්‍රාවස්තිපුර ඉඳල තලාවට යනකන් තිබුනේ මෙම කොරිඩෝව. නමුත් දැන් එක පැත්තක් මිනිස්සු අල්ලාගෙන මදිවට පාර දිගට ටෙන්ට් දාපු කඩ අටවල.

:       1       0

තනියා Friday, 29 September 2017 01:40 AM

මාර හොයා ගැනීමක්. තෑ ගුටියක් දෙන්න වටිනවා. අලි ගම්වලට ආවේ ඒ අයට ඉන්න කැලෑ නැතිකම හෝ කොරිඩෝර් නැතිකම නිසා නොවෙයි. කැලෑවල වතුර නැතිකම නිසා. අවුරුදු හතලිහක සිට වියළි කලාපයට වැස්ස නෑ. විල්පත්තුව යාල වේලිලා. අලි වතුර හොයාගෙන ගම් වදිනවා. ඒ අයට ගම්වල කෑමට රස වැටුණාම ආපහු යන්න කැමතිම නෑ. කොච්චර එලෙව්වත් ආපහු එනවා. මේ අලි කාට හෝ දිය යුතුමයි. අලි සැලකිය යුතු ප්‍රමාණයක් මඳසරුභාවයට පත්කල යුතුයි. නැත්නම් ගොවියෝ ඒ අය විනාශ කරාවි.(සාධාරණයි) හැමදේටම කලින් මේ ප්‍රශ්නය නොදැන කතාකරන අයට හක්කපටස් කැවිය යුතුයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 116 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site