IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අලි කරදරයට එරෙහිව ගම්මු පාරට බසිති

(ක.ග කරුණාරත්න)
 

තම ගම්මානවලට දිගින් දිගටම එල්ල වන වල් අලින්ගේ හිරිහැර වලක්වාලීමට පියවර ගන්නා ලෙස බල කරමින් මැදිරිගිරියේ ගම්මාන රැසක ජනතාව අද   පෙරවරුවේ මැදිරිගිරිය නගරයේ දී උද්ඝෝෂණයක් ආරම්භ කළහ.
 
මැදිරිගිරිය නගරයෙන් ආරම්භවූ මෙම උද්ඝෝෂණයට එක් වූ පිරිස මැදිරිගිරිය කළගෙඩි පාලම තෙක් පැමිණ මැදිරිගිරිය හිගුරක්ගොඩ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවෙහි යෙදීම නිසා එහි ගමනා ගමනය පැය ගණනාවක් තිස්සේ මුළු මනින්ම ඇණහිට තිබුණි.
 
උද්ඝෝෂණයට එක්ව සිටි ජනතාව කියා සිටියේ තම ගම්මානවලට පැමිණෙන වල් අලින් පලවා හැර දැනට අඩක් ඉදිකර තිබෙන විදුලි වැට සම්පූර්ණයෙන්ම ඉදිකර මෙම පීඩාවන් වැලැක්වීමට පියවර ගන්නා ලෙස‍යි. ජනජීවිත අඩාල වී තිබෙන මෙම වල් අලින්ගේ හිරිහැරයට නිසි විසඳුමක් ලබාදෙන තෙක් තමන් මෙම උද්ඝෝෂණය අත් නොහරින බවද ඔවුහු කියා සිටියහ.



අදහස් (5)

අලි කරදරයට එරෙහිව ගම්මු පාරට බසිති

chandra Monday, 25 September 2017 09:47 AM

අලි නම් කියන්නේ මිනිස්සු අලින්ගේ නිජ භූමියට වැදිලා කියලා.

:       7       60

arschfikaa Monday, 25 September 2017 10:01 AM

හානේ රටට ගිය කලක්, ඉගෙනුම් නැති ගොයියොත් දැන් පාරට බැහැලා උද්ඝෝෂණ කරනවනේ....

:       12       14

aravinda Monday, 25 September 2017 10:09 AM

අද රටේ ජනගහනය 1950 දී මෙන් තුන් ගුණයක් වන අතර තවමත් ග්‍රාමීයව ජීවත් වන බොහෝ දෙනා කෘෂි ආර්ථිකයෙන් යැපෙන්නෝ වෙති. මෙලෙස වැඩි වූ ජනගහනයකට වාසස්ථාන සඳහා අනිවාර්යයෙන්ම රටේ කැළෑ එළි කිරීමට සිදු වෙයි. මේ අලි උවදුරට ඇති ප්‍රයෝගික පිළියම් දෙකක් නම්, රටේ හැකි කමක් ඇති අයට අලින් ඇති කිරීමට නීති සම්පාදන කිරීම සහ, මිනිස් ජනාවාස ප්‍රදේශ අසල වනයේ සිටින අලින් අල්වා වෙනත් ආසියාතික රටවලට යැවීමයි. මෙවැනි අදහස් වලට බොහෝ විට විරුද්ධ වන්නේ නගරබදව, වායු සමීකරණය කරන ලද කාමර වල සිට ප්‍රකාශ නිකුත් කරන "නියායවාදීන්" වන අතර, මේ උවදුරින් බොහෝ විට පහර කා අසරණ වන්නේ කටු මැටි වලින් සාදාගත් පැල්පත් වල සිටින දුප්පත් ගොවියන්ය.

:       0       4

ජයරත්න Monday, 25 September 2017 01:59 PM

ඔබ කියන බොහෝ කරුණුවලට එකඟයි. ඒත් මේ විධියට ජනගහනය වැඩි වුනොත් කවද හරි මිනිස්සුන්ටත් ඉන්න හිටින්න තැනක් නැතිවෙනවා. අනිත් එක කෘෂිකර්මාන්තය ආරක්ෂා කරන්නත් වන පද්ධතිය අත්‍යවශ්‍යයි. ගස් වැල් කොයි තරම් දුරට අලින්ගෙන් යැපෙන්න පුරුදු වෙලාද කිව්වොත් ඇතැම් ගස් ප්‍රජනනය සඳහා ඒවායේ ඇට අලින්ගේ උදරයේ තිබෙන ඇතැම් ශ්‍රාවයන් හා මුසු වී පොලොවට වැටිය යුතු බවට ඇතැම් උගතුන් මත පල කරනවා. ඒ කියන්නේ ගස් නැතුව අලින්ට ඉන්න බැහැ වගේම අලි නැතිවීම ගස්වලටත් ප්‍රශ්නයක්. බොහෝ දියුණු රටවල අලි නැති නිසා මේ පිලිබඳ දැනුම තවම තියෙන්නේ බොහොම දුර්වල මට්ටමක. කොහොම වුනත් හැම දෙයක්ම ජාතික සැලැස්මකට අනුව සිදු විය යුතුයි කියල මමත් හිතනවා. එතනදි අපි හැමෝටම කැපකිරීම් කරන්න වෙයි.

:       4       12

ruchi Monday, 25 September 2017 12:20 PM

මේ මිනිස්සු ගැන හරිම දුකයි. ඒ වගේම අසරණ අලි ගැනත් හරිම දුකයි. එන්න එන්න කැළෑ එළි කිරීම මගින් සතුන්ට ඔවුන් ගේ භූමිය අහිමි වෙලා. මිනිසුන් වගේම වන සතුන් රටකට සම්පතක්. රජය මැදිහත් වී සාධාරණ වැඩ පිළිවෙලක් දියත් කල යුතුයි.

:       0       152

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 117 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site