(ක.ග කරුණාරත්න)
තම ගම්මානවලට දිගින් දිගටම එල්ල වන වල් අලින්ගේ හිරිහැර වලක්වාලීමට පියවර ගන්නා ලෙස බල කරමින් මැදිරිගිරියේ ගම්මාන රැසක ජනතාව අද පෙරවරුවේ මැදිරිගිරිය නගරයේ දී උද්ඝෝෂණයක් ආරම්භ කළහ.
මැදිරිගිරිය නගරයෙන් ආරම්භවූ මෙම උද්ඝෝෂණයට එක් වූ පිරිස මැදිරිගිරිය කළගෙඩි පාලම තෙක් පැමිණ මැදිරිගිරිය හිගුරක්ගොඩ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවෙහි යෙදීම නිසා එහි ගමනා ගමනය පැය ගණනාවක් තිස්සේ මුළු මනින්ම ඇණහිට තිබුණි.
උද්ඝෝෂණයට එක්ව සිටි ජනතාව කියා සිටියේ තම ගම්මානවලට පැමිණෙන වල් අලින් පලවා හැර දැනට අඩක් ඉදිකර තිබෙන විදුලි වැට සම්පූර්ණයෙන්ම ඉදිකර මෙම පීඩාවන් වැලැක්වීමට පියවර ගන්නා ලෙසයි. ජනජීවිත අඩාල වී තිබෙන මෙම වල් අලින්ගේ හිරිහැරයට නිසි විසඳුමක් ලබාදෙන තෙක් තමන් මෙම උද්ඝෝෂණය අත් නොහරින බවද ඔවුහු කියා සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි නම් කියන්නේ මිනිස්සු අලින්ගේ නිජ භූමියට වැදිලා කියලා.
හානේ රටට ගිය කලක්, ඉගෙනුම් නැති ගොයියොත් දැන් පාරට බැහැලා උද්ඝෝෂණ කරනවනේ....
අද රටේ ජනගහනය 1950 දී මෙන් තුන් ගුණයක් වන අතර තවමත් ග්‍රාමීයව ජීවත් වන බොහෝ දෙනා කෘෂි ආර්ථිකයෙන් යැපෙන්නෝ වෙති. මෙලෙස වැඩි වූ ජනගහනයකට වාසස්ථාන සඳහා අනිවාර්යයෙන්ම රටේ කැළෑ එළි කිරීමට සිදු වෙයි. මේ අලි උවදුරට ඇති ප්‍රයෝගික පිළියම් දෙකක් නම්, රටේ හැකි කමක් ඇති අයට අලින් ඇති කිරීමට නීති සම්පාදන කිරීම සහ, මිනිස් ජනාවාස ප්‍රදේශ අසල වනයේ සිටින අලින් අල්වා වෙනත් ආසියාතික රටවලට යැවීමයි. මෙවැනි අදහස් වලට බොහෝ විට විරුද්ධ වන්නේ නගරබදව, වායු සමීකරණය කරන ලද කාමර වල සිට ප්‍රකාශ නිකුත් කරන "නියායවාදීන්" වන අතර, මේ උවදුරින් බොහෝ විට පහර කා අසරණ වන්නේ කටු මැටි වලින් සාදාගත් පැල්පත් වල සිටින දුප්පත් ගොවියන්ය.
මේ මිනිස්සු ගැන හරිම දුකයි. ඒ වගේම අසරණ අලි ගැනත් හරිම දුකයි. එන්න එන්න කැළෑ එළි කිරීම මගින් සතුන්ට ඔවුන් ගේ භූමිය අහිමි වෙලා. මිනිසුන් වගේම වන සතුන් රටකට සම්පතක්. රජය මැදිහත් වී සාධාරණ වැඩ පිළිවෙලක් දියත් කල යුතුයි.