(ජයමාල් චන්ද්‍රසිරි)
රටට, ජාතියට හා රණවිරුවන්ට සෙත් පතා භික්ෂූන් වහන්සේලා දහස් නමක් උදෙසා දානමය පිංකමක් අද(27) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම පිංකම සඳහා අමාත්‍යවරුන් වන සාගල රත්නායක, සජිත් ප්‍රේමදාස, ලක්ෂ්මන් කිරිඇල්ල, ගාමිණී ජයවික්‍රම, රංජිත් සියඹලාපිටිය, සරත් ෆොන්සේකා, ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
කෝට්ටේ කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහ නායක අති පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහ නාහිමි, මල්වතු පාර්ශවයේ අනුනායක අති පූජ්‍ය නියංගොඩ විජිතසිරි මහ නාහිමි, අමරපුර මහා නිකායේ මහ නායක අති පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නාහිමි යන නාහිමිවරුන්ද, පූජ්‍ය කිරින්දේ අස්සජි හිමි, පූජ්‍ය පැල්පිට ජිනරතන හිමි, පූජ්‍ය කොළොන්නාවේ සුමංගල හිමි, පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි ඇතුළු හිමිවරුද ඒ සඳහා වැඩම කළහ.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දානේ දෙන එක නම් හොඳයි. එ්ත් මේ දානේ එහෙම පින්බලාගෙන කරන එකක් නෙමෙයි වගේ පෙනෙන්නේ. කැළණිය වරක් වැන්දොත් නම් කරපු පව් සේදෙනවා කියලා කතාවක් තියෙනවා.
අනුන්ගේ සල්ලි වලින් දානේ දීලා පිං ලබා ගන්න පුළුවන් වෙන ක්‍රමයත් නරකම නැහැ. එ්ත් අපිට කොයින්ද එහෙම පිං? අපේම පොකට් එකට තට්ටු කරගෙන ලබා ගන්න පිනම තමයි අපට තියෙන්නේ...
ඇත්තටම මේ දානයට යන වියදම දරන්නේ කවුද...? රජයේ වියදමින් කළොත් එය දූෂණයක්, අල්ලසක් එහෙමත් නැතිනම් පුද්ගලික වුවමනාවක් සඳහා මහජනයාගේ මුදල් අවභාවිතා කළා වෙන්න බැරිද..?
ගම්මන්පිල මහත්තයා මාධ්‍ය සාකච්ඡාවක් තියලා ප්‍රසිද්ධියේ ඉල්ලා සිටියා දානයට වඩින්න එපායැ කියලා. හැබැයි කවුරුත් ඇහුම්කන් දීලා නැහැ...
මෙය කඩාකප්පල් කරන්න ගම්මන්පිල එහෙම ලොකු උත්සහයක් ගත්ත. දැන් බැරිවෙනකොට වෙන දේවල් ගොතන්න පටන් අරගෙන. ඔවුන්ට සල්ලි ගන්න පිඩුසිඟා (වැරදිවලට) වදින කොට හොඳයි. රජයක් බුද්ධ සාසනයේ දියුණුවට මොකක් හරි කරන කොට එය ටිකක් හොඳ මදි. මෙන්න මෙයයි අපේ සමාජයෙන් නිවැරදි විය යුත්තේ. ජනපති තුමනි, අගමැතිතුමනි, රාජ්‍ය නායකයන් විදියට මෙය ඉතා වැදගත් ක්‍රියාවක්. මෙය ඔබල ඉදිරියටත් කරගෙන යනු දැක්ම අපගේ බලාපොරොත්තුවයි.
දැන්වත් අපලේ ගෙවිල විධායක බලතල අතට ගන්න ලැබෙයිද?
දැන් දීම හොද පින්කමක්. ඒ වගේම ඔබතුමාගේ ගෝලයන්ට කියන්න රජයේ දේපොළ මංකොල්ල කන්න එපා . ටෙන්ඩර් වලින් ගහන්න එපා. රජයේ වාහන අවබාවිතා කරන්න එපා. මිලියන 14.5 මාසික කුලී ගෙවන ගෙවල් තෑගී ගන්න එපා. වත්කම් නියම විදියට පෙන්වන්න. විනිවිද භාවයෙන් කටයුතු කරන්න. කරන්න පුලුවන්නම් මේවත් ලොකුම පින්කම්.
පහුගිය රජය දන්සල් දුන්න කියල කිව්වා අය දැන් මොකද කියන්නේ....
අරලිය ගහ මන්දිරෙත් ෂොපින් බෑග් .......
සිල්රෙදි දුන්න අයට හිරේ යන්න උනා එතොකොට මේ දානමය පින්කමට මෙයාල සාක්කුවෙන්ද සල්ලි වියදම් කරන්නේ ? නැත්නම් පසුව මෙයාලත් හිරේ යයිද?
මේ ගොල්ලෝ දාන මාන දෙන්නේ මහජනතාවගේ සල්ලි වලින් නේද? කෝ සාමාන්‍ය ජනතාව පේන්න නෑනේ... බොරු සෝබන... අහිංසක ජනතාවගේ සල්ලි වලින් ලෝකෙට පෙන්නනවා.
චේතනා හං භික්ඛවේ කම්මං වදාමි... චේතනාව හොඳ නම් මේ දානය උතුම් දානයක්.... රනිල් මහත්තයා පිරිත් නූල බඳින්න අත දික් කරගෙන ඉන්න හැටියෙන්ම පේනවා බෞද්ධාගමේ තියෙන මූලික සිරිත් විරිත් වත් දන්නවාද කියලවත්...
කලින් ආණ්ඩුවට නම් කෑගැහුවා. මේ වගේ වැඩ කරනවට. මෙයාලා ඊට වඩා කරනවා. අනේ මන්දා...
හොදට වළදන්න, හොදට වදාරන්න අපේ හමුදුරුවනේ.
මීට වඩා හොඳ නැද්ද, නියඟයෙන් පීඩාවිදින උතුරුමැද ජනතාවට එක ආහාර වේලක් ලබාදුන්නානම්.
සාදු! සාදු! සාදු! මමත් දායක වුණා කියල හිතනවා. මමත් බදු ගෙවනවා. ජනතාවටත් පින්..
සමහරුන්ට දේශපාලන මහත්තුරුන්ගේ වත්කම් ගැන අබමල් රේණුවකවත් වැටහීමක් නෑ. මහින්ද වගේ සල්ලි ගසාකාපු අය නෙමෙයි මෙතන ඉන්නේ තමුන්ගේ සල්ලිවලින් දේශපාලනයට ආපු අය. සමහර අයට ව්‍යාපාර තියෙනවා..... සමහරුන්ට සල්ලි දෙන්න අය ඉන්නවා. ගසාකන්න ඕනේ නැහැ.
අපි දන්නවා ඒ අරමුදල් එන්නේ කොහෙන්ද කියලා...
පොලිතීන් භාවිතය නවත්තලාද තියෙන්නේ? මේ ග්‍රීන් බෑග්ස් මොනවද? දේශපාලනය, පොලිතීන් සහ දූෂණය... අපේ භූමියෙන් මේවා නිදහස් කර දෙන්නේ කවද්ද?
දානය අගය කරමි.. ඒ උනත් කතාව නම් පොලිතීන් තහනම් කරන්න. එතකොට මේ මේස උඩ තියෙන සිලි බෑග් 1000 ගැන මොකද කියන්නෙ.. අගමැතිලු ඵයාගෙ නිල නිවසලු..
දමිත්, බලන්න හොඳට මේ අය ඊටත් වඩා පට්ට හොරු... දන්නේ නැත්තන් කට වහගෙන ඉන්න.