රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේනය ආක්‍රමණය කිරීමට ගත් තීරණයට විරෝධය දක්වමින්, යුද විරෝධී රුසියානුවොන් දහස් ගණනින් මොස්කව් අගනුවර ඇතුළු රුසියාවේ ප්‍රධාන නගරවල විරෝධතා ආරම්භ කර ඇත.
විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය යොදවා ඇති බවත් ගතවුණු පැය 24 ඇතුළත 2,000 කට වැඩි විරෝධතාකරුවන් පිරිසක් පොලිස් අත්අඩංගුවට පත් වුණු බවත් විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
රුසියානුවන් තමන්ට යුද්ධයක් එපා කියමින් ජනාධිපති පුටින්ට විරෝධය පළ කරමින් වීදි බැස්සේ රුසියානු හමුදා යුක්රේනය ආක්‍රමණය කළ දිනයේ එනම් පසුගිය 24 වැනිදා සිටය.
එදා සිට මේ වනතුරු විරෝධතා පැවැත්වෙන අතර, පොලිසිය අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් ගණන 5,000 ඉක්මවා ඇතැයි ද වාර්තා වේ. විරෝධතා මෛහයවන්නේ රුසියානු රජය විසින් දැඩි ලෙස මර්දනයට ලක් කරනු ලැබූ එරට විපක්ෂ ක්‍රියාකාරීන්ගේ මැදිහත් වීමෙනි.
(රොයිටර්)
යුක්රේන-රුසියා අර්බුදය :- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
අපට යුද්ධයක් ඕනෑ නෑ
sujeewa Wednesday, 02 March 2022 03:02 PM
රජයක ඔනෑම දෙයකට විරුද්ධ වීමේ විපක්ෂයේ භූමිකාව කළ දුටුකළ වල ඉහගන්නවුන් විසින් මැනවින් සිදුකරනු ලැබේ. සිරියාවේ විපක්ෂය යුක්රේනයට සහාය දක්වන බවට ප්‍රකාශයක්ද අසන්නට ලැබුණි. රුසියාවේ වැරැදි සම්බන්ධයෙන් පලවන ඕනෑම ප්‍රවෘත්තියක් අපගේ කුරීරු ත්‍රස්තවාදය විනාශකිරීම සම්බන්ධයෙන් තිබූ හා තවමත් තිබෙන තත්වය සම්බන්ධයෙන් වූ ප්‍රවෘත්ති හා සසඳා බැලීම සුදුසුයි.