IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අලුත බඳින ජෝඩුවලට අලුත් විදියේ තෑගි

(ඩයනා උදයංගනී)

මේ දිනවල පැවැත්වෙන විවාහ මංගල උත්සවවල දී මනාල යුවළගේ මිතුරු මිතුරියන් කාලයට ගැලපෙන අයුරින් ත්‍යාග ලෙස ඉන්ධන කෑන් ලබාදීමේ සංස්කෘතියක් ඇතිවෙමින් පවතින බව දක්නට ලැබේ.

විවාපත් නව යුවළට මධුසමයට පිටත්වයාම සඳහා බව පවසමින් ඔවුන්ගේ මිතුරු මිතුරියන් විසින් තිලිණ ලෙස ඉන්ධන අඩංගු කෑන් ලබාදුන් විවාහ උත්සව කිහිපයකම ඡායාරූප මේ දිනවල මුහුණු පොත ඔස්සේ හුවමාරු වෙමින් පවතී.

ඇතැම් මිතුරු මිතුරියන් විවාපත් නව යුවළට තිළිණ ලෙස ඩීසල් කෑන් සමඟ කිරිපිටි යනුවෙන් ලේබල් ඇලවූ පාර්සල් ද ලබා දී තිබිණි.

මේ දිනවල ලබාගැනීම ඉතා දුෂ්කර මෙවැනි දෑ විවාහ උත්සවයේදී තිළිණ ලෙස ලබාදීම වටිනා බවට එම ඡායාරූපයන්ට ප්‍රතිචාර දැක්වූවන් සඳහන් කර තිබිණි. 



අදහස් (22)

අලුත බඳින ජෝඩුවලට අලුත් විදියේ තෑගි

ravin Monday, 20 June 2022 02:34 PM

වැඩේ හොඳයි... ඒත් අර සාටකයෝ නම් එපාමයි.

:       5       321

චතුරංග Tuesday, 21 June 2022 11:23 AM

ඇත්ත, ඔය සාටකේ හොඳ මංගල අවස්ථාව සඳහා නොවෙයි, අවමංගල අවස්ථාවල මිනියට අන්දවන්න. එහෙම සංස්කෘතියක් ඇතිකරන්න රටම අගාධයකට දැම්මේ ඔය ඇඳුමෙන් නිසා එහෙම කළොත් ඒක බොහෝකලක් ජනතා හිත්වල පවතීවි. එනිසා ඔහොම කරලා මගුල අවමඟුලක් කරන්න එපා. ඩීසල් හෝ පෙට්‍රල් කියන්නේ වහා ගිනිගන්නා දෙයක්... දැන් සොයාගැනීමට අපහසු තමයි. ඒවා දීමත් මම හිතන්නේ හොඳ මදියි කියලා....

:       1       6

කිරි පුතා Monday, 20 June 2022 02:42 PM

මේවා රටේ ප්‍රශ්න විහිළුවට ගන්න උත්සාහයක් මිසක නව දෙයක් කිරීමක් නොවේ...

:       36       62

ChamilaTuesday, 21 June 2022 12:45 AM

රටෙ ජනාදිපති පොල්පිත්තකි,මෙ මුලු දෙශපාලකයන්ම පබයන් වි හමාරයි. සියල්ලන්ම විහිලුවකි..ඉතින් කවර කතාද?

:       0       3

AkilaTuesday, 21 June 2022 10:43 AM

රටේ ප්‍රශ්න විසඳන්න ඕනේ එක ඇති කරපු ආණ්ඩුව මිස මිනිස්සු නෙමෙයි...

:       0       2

Nihal Harischandra Monday, 20 June 2022 07:08 PM

පුහුල් හොරා කරෙන් දැනේ කිව්වලු...

:       5       37

Fire Tuesday, 21 June 2022 12:22 AM

හැබැයි ඔය කෑන්එක ගෙදර ගෙනියලා නිදාගන්න කාමරයේ හංගලා තියාගෙන වැරැදිලා හරි සිගරට් එකක් බොන්න ගිහිල්ලා කරදරයක් වුණොත්...!

:       1       2

jayantha Tuesday, 21 June 2022 02:06 AM

තෙල් දෙදෙඑක නෙවෙයි රට මේ ගානට එන්න අපි අපේ වගකිමත් ඉටු කල ද කියල බලන්න ඔනෙ නැතුව දැනුත් විකාර කර කර ඉන්න එක නෙවෙයි පුරවැසි වගකිම.

:       0       3

sisira Tuesday, 21 June 2022 06:27 AM

ඔක්කොම හොඳයි, සාටක ටික තමයි දිරවන්නේ නැත්තේ... ඒවා දැක්කාම සාටක නාටක රැල අපේ රට නැත්තටම කාලා නැති භංගස්ථාන කරපු හැටි මතක් වෙනවා. අනේ හපොයි...!!!

:       0       4

මැක්ස් Tuesday, 21 June 2022 07:11 AM

සාටක දැමිල්ල නිර්මාණාත්මකයි. තෑගි දීමත් එහෙමයි. නමුත් ඉන් ගම්‍ය වන්නේ වර්තමාන අර්බුදය නිවැරදිව කියැවීමට ඔවුන්ට ඇති නොහැකියාවයි.

:       0       5

ding dong Tuesday, 21 June 2022 08:01 AM

ඔය තෙල්වලින් ප්‍රයෝජනයක් නැහැ...

:       0       0

wicky Tuesday, 21 June 2022 08:37 AM

මෙහෙම කෑන්වලට ගන්නේ කොහොමද? වගාකරන මිනිස්සු වන අපිට, තණකොළ කපන මැෂින්වලට හැමදාම ගත්තු ෂෙඩ් එකෙන්වත් දෙන්නේ නැහැ..

:       0       3

SURESH Tuesday, 21 June 2022 09:00 AM

ඔය සාටකය ගලවපල්ලා...

:       0       5

hemantha Tuesday, 21 June 2022 09:23 AM

සාටකය කුරහන් පාට නැහැ.

:       0       1

ganegoda Tuesday, 21 June 2022 09:47 AM

මොකද මේ රතුපාට ලේන්සු කරේ දාගෙන? රාජපක්ෂ ලෙඩේවත් බෝ වෙලාද?

:       0       4

ජගත් Tuesday, 21 June 2022 12:30 PM

ගොන්පාට් නැතුව අරගල බිමට බැහැපල්ලා. නැත්තම් ඉතින් හැමදාම පෝලිම් වල තමයි ඉන්න වෙන්නේ...

:       4       60

ranjith Tuesday, 21 June 2022 01:17 PM

අපෝ බැරිවෙලාවත් සාටක දාන්න එපා... සාටක ‘‘කාපු කෑමේ සංකේතය‘‘ වෙලා තියෙන්නේ...

:       1       38

chinthaka Tuesday, 21 June 2022 01:52 PM

ඊයා... අපේ රටට මහාම ශාපයක් ගෙනාපු සාටකයින් ගැන නොදැනද මේ මිනිස්සු ඔය මලජරාව බෙල්ලේ ඔතාගන්නේ...? සාටකය කොතැනද එතන හොරකම, වංචාව, දූෂණය, ඥාති සංග්‍රහය.. අන්තිමට විනාශය.

:       2       121

Sunil Tuesday, 21 June 2022 02:13 PM

සාටක පැළඳ ඔබේ ගරුත්වය නැතිකරගන්න එපා.

:       2       76

sharm warn Wednesday, 22 June 2022 09:43 AM

තෑග්ග නම් හොඳයි... හැබැයි සාටකය නම් අනුමත කරන්නේ නැහැ. මොකද මේ රටට කෙළෙව්වේ ඔය කට්ටියනේ.. ඒක ඇවිල්ලා හොරු කියලා අඳුනගන්න තියෙන සලකුණ...

:       0       5

Piyumi Gunathilake Friday, 24 June 2022 01:42 PM

නියමයි...!

:       0       0

Kandy Saturday, 25 June 2022 08:36 AM

සාටකේ කියන්නේ හොරුන්ගේ සංකේතය... නුඹලාත් ඒ අයව අනුගමනය කරනවා කියන්නේ තක්කඩි, පොහොට්ටු සෙට් එකක් වෙන්න ඕනෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 24 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site