රොමේෂ් මධුෂංඛ
සර්ව ආගමික බැතිමතුන්ගෙන් සැදුම්ලත් උතුර දකුණ ඒකාබද්ධ කිරීමේ සාම චාරිකාවක් අද (26) උදෑසන වවුනියාව ශ්‍රී බෝධි දක්ෂිණාරාමයේ සිට දකුණ බලා නැවත පිටත් විය.
දකුණේ සිට ඊයේ රාත්‍රීයේ ශෛලමය බුද්ධ ප්‍රතිමාවක් ද සමගින් රථ පෙරහරක් සමගින් සාම චාරිකාව වව්නියාවට පැමිණි අවස්ථාවේදී පිළිගනු ලැබුවේ වන්නි දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් වූ අතර පසුව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් වව්නියාව ශ්‍රී බෝධි දක්ෂිණාරාමයේ දී සර්ව ආගමික නායකයින් සමඟ සාම සාකච්ඡාවක් පැවත්විණි.
සාම චාරිකාව පිළිබඳව මාධ්‍යට අදහස් දක්වමින් කෑගල්ලේ පංඥාරාම මහාධිකරණ නායක හිමියන් කියා සිටියේ,
‘දකුණේ ජනතාව උතුරේ ජනතාව ගැනත් උතුරේ ජනතාව දකුණේ ජනතාව ගැනත් සැක සංකා තවදුරටත් නොනිමි පවතිනවා ඒ නිසා අපිට වුවමනයි මේ උතුරයි දකුණයි කියන්නේ රටවල් දෙකක් නොවෙයි එකම ලංකාවක පළාත් දෙකක එකම පුරවැසියන් කියල පෙන්වන්න මේ රටේ සිටින සියලු දෙනාගේම සැක සංකා තුරන් කරලා ස්ථීරසාර සාමයක් උදාකිරීමට අවශ්‍ය නිසා තමයි අපි මේ මෙහෙයුම සාම මෙහෙයුමක් වශයෙන් සිදු කරනු ලබන්නේ.
‘මේ සාම මෙහෙයුම සඳහා විශේෂයෙන්ම රජයේ අනුග්‍රහය මෙන්ම දකුණු පළාත් ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා සහ උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ යන අයගේ පූර්ණ මැදිහත් වීමෙනි.




COMMENTS
මේ ඔක්කොම බොරු වැඩ. මේවා දැන් කීයක් කලාද? හරියට මිනිස්සුන්ට දැනෙන වැඩක් කරන්ඩ ඕනේ. කර්නල් රත්නප්‍රිය වගේ. මිනිස්සුන්ගේ ආර්ථික තත්වය වැඩි කරන්ඩ ඕනේ.
එකම ධජයක්, එකම බුමියක්, බෞද්ධ රටක්, ජාතින් එයට ගරුකර සාමයෙන් සිටිය යුතුයි, එයිට එහා යන ත්‍රස්තවාදය, සහ දරුනු පාතාල වලට එරෙහිව ඇයි සෑමදෙයම සම්මත කර ගන්නා පාර්ලිමේන්තුවට නියම නීතියක් දඩුවමක් සම්මත කරගන්න බැරි. මේ 2ක ටම ප්‍රසිද්දියේ ගල් ගසා හෝ මරණ දණ්ඩනය දියයුතුයි, එය අනිකුත් අයගේ, ජනසමාජයේ මානව හිමිකම් සහ මානව ආරක්ෂාව වෙනුවෙන්ම නීතියක් කියල ලෝකයට පෙන්වා සම්මත කර ගත්තම. පාතාල, ඩයස් පෝරා, සහ අන්ත වාදී පිරිස් වලට කට තියා මොකවත් කරන්න බැහැ.
උන්තුරේ සහ දකුණේ සියලු දෙනාට තමන්ගේ නිෂ්පාදන , කලාවන් අරගෙන ඇවිල්ල ඒවා බෙදාගන්න - විකුණන්න තැනක් හදන්න .... ඒවාට ආදේශන පිටරටින් ගෙන එක නවත්වන්න, එහෙම එන මිනිස්සුන්ගේ ආරක්ෂාව, සුව පහසුව සලසන්න ...එක හමුදාවන්ට බාරදෙන්න, එකිනෙකාගේ නිෂ්පාදන හා සේවා මිලට ගෙනීමට මූල්‍ය පහසුකම් සලසන්න ... මේ හුවමාරු මාධ්‍ය තුළින් එකිනෙකාගේ සිතුම් පැතුම්, භාෂාව , සංස්කෘතිය හඳුනාගෙන ...ඉබේම සම්බන්ධතා ඇති කර ගනීවි .... එකිනෙකා උතුරේත් , දකුණේත්, බටහිරත් , නැගෙනහිරත් හඳුනාගත් මිතුරන්ගේ නිවෙස්වලට ගමන් කරාවි........සම්බන්දතා ශක්තිමත් කරගනීවි..................
ගහක් තියෙනවා මුල තවම ශක්තිමත් ඒත් කඳ පනුවෝ ගහලා, දැන් මොකද කරන්නේ...?? එක් එක්කෙනා ඇවිත් පොඩි පොඩි අත්බෙහෙත් කරලා බලනවා ඒත් ප්‍රශ්නේ එහෙම්මමයි. එහෙනම් කරන්න තියෙන දේ මොකක්ද? ... මට අනුව නම් ක්‍රම දෙකක් තියෙනවා. එකක් පනුවෝ ගහපු කඳ නිසා මුලත් විනාශවෙන එක වලක්වන්න කඳේ හොඳ හරිය ටිකක් උනත් ඒ හරිය අමාරුවෙන් හරි බේරලා අර නරක්වෙච්ච හරිය කපලා අයින් කරන එක. එහෙම නැත්නම්, කවදා හරි ස්වභාවිකව හෝ වෙනත් විදියකින් කඳ - මුල සමග ගහම විනාශවෙලා යනකන් ගහ පරිස්සම් කරන එක. අපේ මේ ප්‍රශ්නෙට තියෙන්නෙත් එහෙම විසදුමක්. මොකද මීට අවුරුදු ගානකට කලින් පහසුවෙන් විසදා ගැනීමට තිබුණු ප්‍රශ්න දැන් දුරදිග ගිහින් වැඩියි. පැහැදිලි බෙහෙතක් දෙන්න පුළුවන් වෙදෙක් ගව් ගානක් ඈතටවත් පෙනෙන්න නැහැ.
අමු විකාර. කාගේ අවශ්‍යතා ඉෂ්ට කිරීමක් ද මේ? අරගොල්ලෝ වෙලාව එනතුරු කල් මරනවා. හාමුදුරුවනේ සාසනය රැකගන්න නම් ත්‍රිපිටකය ටිකක් පැත්තකින් තියලා ලෝකය දිහාත් බලන්න.
අනේ මන්දා බමුණුආරච්චි හාමුදුරුවෝ ජාතිය ආගම වෙනුවෙන් කතා කලොත් උන්නාන්සේ පට්ටගහනවා ජාතිවාදියෙක් ත්‍රස්තවාදියෙක් කියල. මෙහෙම දෙයක් කලාම ඔබ කියනවා ත්‍රිපිටකය පැත්තකින් තියන්නලු. මොන උනත් සිංහල බුද්ධාය තමයි හෙම පැත්තෙන්ම බැට කන්නේ. බොරුද මම කියන්නේ??
උතුරේ අයට සිංහල බෑ දකුණේ අයට දෙමළ බෑ. එතනම ලොකු දුරස්වීමක් තියෙනවා.
අදහස් දාල තියෙන අයගේ හීත් කුහක කමින් පිරිලා.
දෙගොල්ලොම කැමති නෑ තමන්ගේ භාෂාව දෙවැනි තැනට දාල අනිත් එක ඉගෙන ගන්න. ලංකාවේ අති බහුතරයක් සිංහල කතා කරන මිනිස්සු. උතුරේ අයවත් උනන්දු කරවන්න ඕනෑ සිංහල ඉගෙන ගන්න. අපිත් දෙමල ඉගෙන ගන්න එක වටිනවා පුලුවන්නම් විශේෂයෙන් පිට රටකදී දෙමල කතා කරන ලංකාවේ හෝ ඉන්දියාවේ අයගෙන් කොන්වෙන්නේ නෑ.
වැරදි දිශාවටයි මෙය ගමන් කරන්නේ. ඇත්තටම මෙය ගමන් කල යුත්තේ කිලිනොච්චිය හරහා යාපනයටයි.