
අති සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාවක් වන "මේන් චිෆ් 5" මගීන් 2014 ක් සහ කාර්යමණ්ඩලය 922 ක් රැගෙන අද(29) උදෑසන 6.30 ට කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය වෙත සේන්දු වූ බව හාබර් මාස්ටර් නිර්මාල් සිල්වා මහතා පැවසුවේය.
2016 වසරේ නිපදවා ඇති නෞකාව දිගින් මීටර 295 වන අතර මගීන් 2500 කට පහසුකම් සැපයිය හැක.
"මේන් චිෆ් 5" නෞකාව අද රාත්‍රියේ හම්බන්තොට වරාය බලා පිටත් වන බව නිර්මාල් සිල්වා මහතා ප්‍රකාශ කළේය.
"මේන් චිෆ් 5" හෙට (30) හම්බන්තොට වරායෙන් නැවත වරක් ශ්‍රී ලංකාවෙන් පිටත් වීමට ගමන් ආරම්භ කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
"මේන් චිෆ් 5" අති සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව ශ්‍රී ලංකාවට පැමිණෙන ප්‍රථම අවස්ථාව මෙය වේ.
නෞකාවේ විශාලත්වය හේතුවෙන් මගී පර්යන්තයට පැමිණිය නොහැකි වීම හේතුවෙන් නැගෙනහිර බහාලුම් පර්යන්තය වෙත පැමිණෙන බව හරින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.



COMMENTS
හම්බතොට යන්නෙ බලාගෙන .. තඩි ගලක් තියෙනවලු ....
ජෙප්පෝ කියන්නේ තනිකරම බොරුවෙන්, වංචාවෙන් ජීවත්වෙන, එන්.ජී.ඕ. කොටින්ට වහල් වැඩ කරන තම මව්බිම පාවාදෙන තක්කඩි ටිකක්... එළොවටත් නැති, මොලොවටත් නැති අපතයින් ටිකක්..
අපෙ රට දුගී දුප්පත් වෙනකොට , හැම කෙනෙක්ම අපේ රටට අපිට ආදරෙ කරනව . ( අපෙ රට ලෝප්‍රකට ක්‍රීඩා පිටියක් බවට පත්වෙනව ! )
කෙලෙහි ගුණය නොදත් අසමත්ජාතීන් ලොකයේ කොහෙත් ඉන්නවා. නමුත් ශ්‍රී ලංකාවේ බහුලයි. හරිම කණගාටුයි.
අපට මේවා මැජික් උනාට සංචාරකයින් යන්න කැමති, සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් පරිපුර්ණ වගේම සංචාරකයින් ගසා නොකන බටහිර ඉන්දියානු දුපත් වගේ වෙනත් බොහෝ රටවල් වලට එක දවසකට මේවගේ දැවැන්ත නැව් හය හත පැමිණෙනවා. කොළඹ වරායේ මගී පර්යන්තයේ මේවගේ විශාල නැව් නවත්වන්න පහසුකම් නැති එකෙන්ම පෙනෙනවා සංචාරක කර්මාන්තයෙන් අපට පල්ලම් බහින්න වෙලා තියෙන හේතුව. ලස්සන රටක් වෙලා පමණක් මදි. සංචාරකයින්ගේ, විශේෂයෙන් අතමිට සරු සංචාරකයින්ගේ, ආකර්ෂණය දිනා ගන්න අවශ්‍යනම් ඔවුන් වියහියදම් කරන මුදලට සරිලන අන්දමේ යටිතල පහසුකම්ද සැපයිය යුතුයි. පහසුකම් නැතුව හැමතැනකම යුරෝපා රටවල අයකරන මුදල් අයකරන එක ගැන කිසි සංචාරකයෙක් සතුටු වෙන එකක් නැහැ. විවිධ තැන්වල සහ අවස්ථාවල සංචාරකයින් ගසා කෑමද අපේ රටේ සිදුවෙන තවත් නොහොඹිනා කටයුත්තකි. සංචාරකයින් කියන්නේ මෝඩයින්ද නොවේ. අපේ රට ඔවුන් සංචාරය කරන පළමු හෝ එකම රටද නොවේ. ඔවුන් ලෝකයේ විවිධ රටවල සංචාරයකළ ඒගැන හොඳ අත්දැකීම් ඇති හොඳට තෙම්පරාදුවූ පිරිසකි." අනේ පව් දුප්පත් රටක් නේ. උදව්වක් කරන්න අපි එහෙ සංචාරය කරමු " කියා කිසිම කෙනෙක් අපේ රටට එන්නේ නැතිබව සංචාරක කර්මාන්තයට සම්බන්ධ හැමෝම තේරුම් ගත යුතුය.
අපි දැක්කා, එළියට ආවම අයියෝ මැස්සෝ වහනවා වගේ ඒ මිනිස්සු පස්සෙන් යනව ත්‍රයිලෝකපූට්ටූ කට්ටිය සහ මැර පෙනුම තියෙන මිනිස්සූ. වද දෙනව. එක සංචාරකයෝ කට්ටියක් ඇහැව්වා ඔයාලට කියන දේ තේරෙන්නේ නැද්ද නැත්තම් තේරුම් ගන්න බැරිද කියලා. මේ වගේ දේවල් නොවන්න වග බලාගන්නවනම් හොදයි අදාල බලධාරීන්. හැබැයි ඒ අය නිදිනේ
ඇත්තටම මේ වෙලාවේ අපේ රටට විදේශීය සංචාරකයන් ගොඩක්ම ගෙන්න ගන්න ඕන වේලාවක් මේ. අපේ රට ගැන හොද වගේම පැහැදිලි ආකල්පයක් ලෝකයටම ලබා දෙන්නත් අඅවස්ථාවක් කර ගන්න ඕන.