IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


රජරට ගොවිහු පොහොර ඉල්ලා උද්ඝෝෂණය කරති

(නුවන්කුමාර)

මෙවර යල්කන්නය සදහා රජය මගින් පොරොන්දු වු පරිදි සහනාධාර පොහොර දෙන්නැයි ඉල්ලා  එප්පාවල හා තඹුත්තේගම ඒකාබද්ධ ගොවි සංවිධාන එකමුතුව සංවිධානය කළ විරෝධතා දෙකක්  එප්පාවල හා තඹුත්තේගම නගරවලදි අද පැවැත්විණි.

මෙවර මහවැලි කලාප කාර්යාලයේදී පැවැති කන්න රැස්වීමේදී ගත් තීරණයකට අනුව පොහොර ලේකම් කාර්යාලය තමන්ට නිසි පරිදි පොහොර ලබා දෙන බවට වු පොරොන්දුව මත වී වගාකළත් තම ගොයමට මාස දෙකකට අධික කාලයක් ගත වුවද නිසි පරිදි පොහොර ඇටයක්වත් නොලැබුනු බවද උද්ගෝෂකයෝ කියා සිටියහ.

ජනාධිපතිවරයා විසින් සියළුම වගාවන්ට කාබනික පොහොර යෙදිය යුතු බවත් රසායනික පොහොර භාවිතා නොකරන ලෙස එක්වරම පැවසීම නිසා තමන් දැඩි අසීරූතාවයකට පත්ව සිටින බවත් දශක 5කට ආසන්න කාලයක් රසායනික පොහොරවලට හුරුවු තමන්ට එක්වරම කොම්පොස්ට් පොහොර භාවිතා කිරිමට නොහැකි බවත් ඔවුහු පවසති.

ගොවියා කොම්පොස්ට් පොහොරවලට හුරුකිරීමේ යෝජනාවට තමන්ද කැමති බවත් එහෙත් එක්වරම එය කළ නොහැකි බව පෙන්වා දෙන ගොවි ජනතාව පවසන්නේ කොම්පොස්වලට ගැළපෙන පරිදි බීජ වර්ග නිෂ්පාදනය කළ යුතු බවයි.

 



අදහස් (4)

රජරට ගොවිහු පොහොර ඉල්ලා උද්ඝෝෂණය කරති

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 27 June 2021 04:39 PM

කොම්පෝස්ට් පොහොර යෙදීම සම්බන්ධයෙන් රටේත්, ජනතාවගේත්, විරුද්ධත්වයක් නැහැ. ඒත්, බොහෝ කලක සිට රසායනික පොහොරට හුරු වූ ශාක එක්වරම රසායනික පොහොර භාවිතයට හුරුකරන්නට නොහැකි බව මේ රටේ දේශපාලන ඇත්තන්ට හා ඒ ඇත්තන්ගේ පුරෝහිතයින්ට නොතේරෙන හැටි. ක්‍රමයෙන් රසායනික පොහොර ටික ටික ඉවත්කරමින්, ඒ වෙනුවට කොම්පෝස්ට් යොදමින් ක්‍රමානුකූලව කොම්පෝස්ට් පොහොර භාවිතයට ශාක හුරුකිරීමයි කළයුතු වන්නේ. ඒත්, මේ මහා දැනමුතු පුරෝහිතයන් මොළේ උඩ ඉඳගෙන ඉන්නා නිසාදෝ ඒ බව පැහැදිලිව වැටහෙන්නේ නැහැ. මෙය රටවාසීන්ට හා ගොවියන්ට තේරුණත්, පුරොහිතයන්ට වැටහෙන්නේ නැහැ...

:       18       502

siripala Sunday, 27 June 2021 06:38 PM

කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රබේදය වේගයෙන් පැතිරයමින් තිබෙන්නා වූ අවස්ථාවක සෞඛ්‍ය නීතින් උල්ලංඝනය කරමින් පොහොර ඉල්ලා උද්ඝෝෂණය කළ රජරට ගොවීහු සියලු දෙනා සති 02ක කාලයක් නිරෝධායනය කළයුතුවේ

:       597       69

GMonday, 12 July 2021 08:41 PM

අං තියෙනවද?

:       0       0

හෙන Sunday, 27 June 2021 05:55 PM

මේවට වගකියන්න ඕනෑ.. ආණ්ඩුවට කඩේ යනවට හෙණ ගහනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 1 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 852 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2491 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site