IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


ඇලහැර අමුණේ නිර්මාතෘ වසභ රජුගේ නමවත් නෑ

ඉන්දික අරුණ කුමාර
 
ශ‍්‍රී ලංකාවේ වාරි ශිෂ්ටාචාරයේ ප‍්‍රථම වරට ගංඟා ජලය වාරි පද්ධතියට එක්වන අඹන් ගඟ හරහා ඉදිකරන ලද ඇලහැර අමුණේ ආරම්භකයා වන වසභ රජුගේ කිසිදු තොරතුරක්  අමුණ ආසන්නයේ දක්නට නොලැබීම කණගාටුවට කරුණක් බව සිවිල් සංවිධාන රැසක් පෙන්වා දෙයි.


ඇලහැර අමුණ වසභ රජු (ක‍්‍රි. ව. 67  111) මුලිකව ආරම්භ කර පසුව මහසේන් රජු විසින් වර්තමාන තත්ත්වයට පත්කර ඇති බව ඉතිහාසයෙහි සඳහන් වෙයි.


සියවස් ගණනාවක් නොසළකා හැර තිබු ඇලහැර ඇල පසුකාලීනව ප‍්‍රතිසංස්කරණය කිරීමේ ගෞරවය හිමිවන්නේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයකු වන හෙන්රි වොඩ්ටය.


ඇලහැර අමුණ ප‍්‍රදේශයට සංචාරයක් සඳහා එක්වු දුම්බර මිතුරෝ පරිසර සංවිධානයේ සභාපති නිමල් ආනන්ද කනහැර ආරච්චි මහතා පැවසුවේ මින්නේරිය, ගිරිතලේ හා කන්තලේ ජලාශ වලට විශාල ජල ප‍්‍රමාණයක් අමුණ හරහා රැගෙන යන බවයි.


ඇලහැර ඇලේ සම්පූර්ණ දුර ප‍්‍රමාණය සැතපුම් 54 කි. එහි පළල අඩි 70 වේ සිට අඩි 200 දක්වා වෙනස් වේ.


රජරට ප‍්‍රදේශයේ වැව් පද්ධතියට අඹන් ගඟේ මහා ජලකඳ ගලා යන මහා වාරි වික‍්‍රමය ඇතිවූයේ වසභ රජු හේතුවෙන් බව ඉතිහාසය පිරික්සන්නෙකුට පැහැදිලි වනු ඇත.


ආකාස ගංඟාව ඔස්සේ පරාක‍්‍රම සමුද්‍රයෙන් පසුව රජරට පුරා පිහිටි සියලූම වැව් අමුණු, කුඩා වැව් වලටත් ජලය ගලායෑම ඇලහැර අමුණ හරහා සිදුවන විශේෂත්වයකි.


පසුකාලිනව (1970 දශකයේ) මහවැලි ජලය පොල්ගොල්ලෙන් හරවා මොරගහකන්ද දක්වා ගෙන ඒමේ යෝධ ව්‍යාපෘතිය දක්වා පාදක වන මහා අසද්දුෂ වාරි වික‍්‍රමයක් ශ‍්‍රී ලංකාව තුළ ඇතිවීම දක්වා පාදක වන ඇලහැර අමුනේ වසභ රජු පිළිබඳව කිසිදු සටහනක් දක්නට නැත.

 

එදා වසභ රජු විසින් ඇලහැර අමුණ හරස් නොකරන්නට අද වන විට කඩිනම් මහවැලි යෝධ සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ සිහිනය කිසි දිනක ඉටුනොවන සිහිනයක් වන්නට තිබු බව දුම්බර මිතුරෝ පරිසර සංවිධානයේ අදහස වී තිබේ.


මෙවන් වු වාපී ශිෂ්ටාචාරයේ හැරවුම් ලක්ෂය වන ඇලහැර අමුණ පිළිබඳව ගවේෂණය කරන්නෙකුට හෝ කිසිදු සංචාරකයකුට ඇලහැර අමුණේ ඉතිහාසය දක්නට නොලැබේ.


නාඋල නගරයේ සිට මොරගහකන්ද වාරි ව්‍යාපෘතිය දක්වා දිවෙන මාර්ගයේ මොරගහකන්ද වාරි ව්‍යාපාතිය පසුකරන විට ඇලහැර අමුණ හමුවෙයි.


එහි දැනට දක්නට ලැබෙන පුවරු වල සටහන් වන ආකාරයට   අනුව අඹන් ගඟ වේල්ල යනුවෙන් සඳහන් කර තිබේ.


සිංහලෙන් සඳහන් පුවරුවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ප‍්‍රකාශයට පත්කර ඇති ආකාරයට අඹන්ගඟ අමුණ හා කුඩා ගඟ අමුණ ලෙස අමුණු දෙකක් පිළිබඳව හා ඒවායේ ධාරිතාවන් පිළිබඳව සඳහන් කර ඇත.


ඉන් ඔබ්බට ගිය ගංඟා ජලය වාරි පද්ධතියට එක්කළ වසභ රජු පිළිබඳව කිසිඳු සඳහනක් හෝ යොදා නොතිබීම ඉතිහාසය පුරා සිදුවු වැරදි අතරට එක්වන තවත් එක් වැරැද්දක් බව විද්වතුන්ගේ මතය වී තිබේ.


එනිසා මේ වහා වාපී ශිෂ්ටාචාරය වෙනස් මඟකට යොමුකළ මහා යුග පුරුෂයකුගේ නාමය හෝ ඇලහැර අමුණ ආසන්නයේ ප‍්‍රදර්ශනය කිරීම අදාළ බලධාරීන්ගේ වගකීම බව සිවිල් සංවිධන රැසක් කියා සිටියි.


මෙම තත්ත්වය පිළිබඳව වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යංශයෙන් ද අපි විමසීමක් කළ අතර එහි ප‍්‍රකාශකයකු පැවසුවේ මෙම කරුණ සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය දුමින්ද දිසානායක මහතා දැනුවත් කරන බවයි.
 



අදහස් (6)

ඇලහැර අමුණේ නිර්මාතෘ වසභ රජුගේ නමවත් නෑ

lalithsjm Tuesday, 12 June 2018 07:58 AM

සිංහල රජ්ජුරුවන්ගේ නම දාන්න කළු සුද්දෝ ලජ්ජා ඇති.

:       1       47

samarapala Tuesday, 12 June 2018 11:50 AM

අවාසනාව අපි අපේ ඉතිහාසය නොදන්නා කමයි. අපි තාක්ෂණ ගැන නොදන්නා කමයි. පාසල් වල මේවා හරි හැටි උගන්නවනම් අභිමානයක් ඇති වෙනවා.පතෝල ,වැටකොළු වගේ පරපුරක් හැදුවහම රටක් ගැන ආදරයක් නැහැ .කියක් හරි මංකොල්ල කාල ජීවත් වෙන්න හදන්නේ.අර 225 වෙලා තියෙන්නෙත් එකයි.දොස්තරලට වෙලා තියෙන්නෙත් එකයි.

:       0       3

vidya Tuesday, 12 June 2018 05:27 PM

බලන්නකෝ ගිහින් දැදුරුඔය ඩෑම් එක උඩ ගහල තියන බෝඩ් ටික තුන හතරක් තියනවා වැඩකට නැති හැම කෙනාගෙම නම් තියනවා. කිසිම ඉන්ජිනේරුවෙකුගේ නමක් නැහැ. ඒවා විශාල මුදලක් වියදම් කරලා ගල් ලෑලි වල කොටලා තියෙන්නේ.

:       0       0

කුමාර් (ගල්ෆ්) Tuesday, 12 June 2018 06:49 PM

රජවරුන්ගේ නම්වලට වැඩිය මේ රට කන දේශපාලකයන්ගේ නම් දැමීම මෙදා ජනසමාජයට වටිනවනේ...

:       0       2

Gunda Wednesday, 13 June 2018 08:48 AM

සිංහල රජ්ජුරුවන්ගේ නම් මේවට දාපුවම රට වෙනුවෙන් වැඩ කල ඒ දූරදර්ශී පාලකයින්ගේ නම් හැල්ලුවට ලක් වෙනවා. අපේ අලුත් මොළ කාරයින්ට මේක නොතේරුනාට. ඔය ඇලහැර ඇනිකට් එක මුලින්ම අලුත් වැඩියා කල රාජ්‍ය නිලධාරීන් මේ බව දැන සිටි බව පේනවා.

:       0       0

වෛද්‍ය ජයන්ත සෙනෙවිරත්න Monday, 06 February 2023 11:23 AM

අපේ ජාතික උරුමයන් ලෝක උරුම ලෙස පාවාදෙන්නට දරන උත්සාහය, අපේ දේ ඇති අපේකම රකින්නට යොමුවන්නේ නැත, අපේකමක් නැති අපේදේට ගරුසරුවක් බුහුමනක් නැති අංගවිකල මානසිකත්වයෙන් යුත් බටහිර සංස් කෘතිය හිසටගත් බුද්ධියක් නැති උගතුන් පරිපාලනයට ගියාම ඔවැනි *ජාතික අපරාධ*සිදුවෙයි, ඊට අපේ යුතුකම වන්නේ මෙසේ මේ වැරදි පෙන්වේදී නිවැරදි කරගැනීමයි, මොකද අද විධායක ශ්‍රේණියේ ඉන්නෙ සහ ඊට අනුයුක්ත කරන්නේම ජාතිකත්වයක් අපේකමක් නැති බුද්ධියක් නැති උගතුන්මයි , එනිසා මෙවන් දේ රකින්න ඔබ ගත් ප්‍රයත්නය අගේකොට සලකමි,.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1159 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1164 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 433 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site