










(සිතුම් චතුරංග)
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වන යාපනය පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද(17) ජනතා අයිතියට පත් කෙරිණ
ශ‍්‍රී ලංකා රජයෙන් රුපියල් මිලියන 1,950ක් සහ ඉන්දීය ආධාර වශයෙන් රුපියල් මිලියන 300ක වියදමින් මෙම ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉදිකර තිබේ.
යාපනය සහ චෙන්නායි අතර ප්‍රථම ගුවන් ගමන අරඹමින් එයාර් ඉන්දියා එලායන්ස් සමාගමේ VT-KRM අංක දරණ ගුවන් යානය චෙන්නායි සිට එරට ගුවන් නිලධාරීන් හා මගීන් කිහිපදෙනකු සමඟ අද පෙරවරු 10.00 ට යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණියේය.
ගුවන් තොටුපළ ගිනි නිවන ඒකකය විසින් ජල ආචාර පවත්වා යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණි ගුවන් යානය හරසරින් යුතුව පිළිගනු ලැබීය.
යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දෛනික ගුවන් මෙහෙයුම් නොවැම්බර් මාසයේ ආරම්භ කිරීමට නියමිත අතර ගුවන් තොටුපොළ අදියර තුනක් යටතේ ඉදි කිරීමට නියමිත බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පවසයි.
1960 සහ 1970 දශකවල යාපනය සහ චෙන්නායි නගර අතර විනාඩි 45කින් යා හැකි ගුවන් සේවයක් තිබී ඇති අතර පසුව ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් එහි ගුවන් ගමන් හා සේවාවන් නවතා දමා ඇත. ආරක්ෂක අංශ විසින් ත්‍රස්ත ග්‍රහනයෙන් මුදා ගැනීමෙන් අනතුරුව යාපනය සහ කොළඹ අතර අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා පමණක් මෙම ගුවන්තොටුපළ යොදා ගැනිණි.
ගුවන්තොටුපොළෙහි එක් පර්යන්ත ගොඩනැගිල්ලක්, ගුවන් ගමන් පාලන මැදිරියක්, ගිනි නිවන ඒකකයක් සහ කාර්යාල ගොඩනැගිලි සංකීර්ණයක් ද මේ වන විට එහි ඉදි කර ඇති අතර,
එහි ධාවන පථය මීටර් 950 සිට මීටර් 1,400 දක්වා දීර්ඝ කිරීමට නියමිතය.
එහි පළමු අදියර යටතේ සතියකට ගුවන් ගමන් වාර තුනක් පමණක් කිරීමට කටයුතු යොදා ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පවසයි.
යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරීක්ෂා කිරීම වෙනුවෙන් පසුගිය 15 වැනිදා ඉන්දියානු තාක්ෂණ ශිල්පීන් රැගත් ඉන්දියානු ගුවන් යාපනයක් යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
ශ‍්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් තරන්ජිත් සිං සින්ධු මහතා, ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා, උතුරු පළාතේ දේශපාලන නියෝජිතවරු මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
(වීඩියෝ - රොමේෂ් මධුසංඛ)




ඡායාරූප - ඉන්දියන් එම්බසි ඇසුරෙනි
COMMENTS
මේකේ වැඩ ඉවර නැතිව විවෘත කරලා. හැමතැනම ගල් ගොඩවල් පස් ගොඩවල්, අඩුම ගානේ පාරට තාරවත් දාල නැහැ . කන්ටේනර් ටිකක් තියල විවෘත කරන්න තියෙන හදිස්සියක්. පලාලි කඳවුරු සංකීරණය වහන්න තියෙන හදිස්සිය තමයි පෙන්නේ .
මේ ගුවන් තොටුපල මට අපේ රටේ එකක් කියල හිතෙන්නෙම නැහැ. ඒකට හේතුව මට තේරෙන්නේ නැහැ. මට හිතෙන්නෙම තමිල්නාඩුවේ ගුවන් තොටුපලක් කියලා. අපි කුහක නිසා නෙමෙයි අපේ රටේ උනත් උතුරේ (යාපනේ), නැගෙනහිර සිද්ධ වෙන හැමදේම අපේ රටේ සංස්කෘතියෙන් හාත්පසින්ම වෙනස් විදිහට වෙන නිසයි.
මේකේ කාපට් එක අන්තිම බාලයි . ලෙවල් වෙන්න ඇති තරම් තලලා නැහැ.
යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත කිරිම වෙනුවෙන් පැවැති උත්සවයේදී ජාතික ගීය ගායනා කිරීමකින් තොරව සංගීත භාණ්ඩ උපයෝගී කරගෙන වාදනය කිරීම පමණක් සිදුවිය. ජාතික ගීය ගායනය කිරීම වෙනුවෙන් උත්සව සභාවට ළමුන් ගෙන්වා තිබුණත් ළමුන් ලවා ජාතික ගීය ගායනය කිරීමක් සිදුනොවුණි.
ජාතික කොඩියක් නැති රාජ්‍ය උත්සවයක්
ජාතික ගීය, ජාතික කොඩිය නැද්ද?
මේ අයට ගෙදර යන්න කලින් කොටියට දුන්නු පොරොන්දු ඉටු කරන්න ඕනේ වෙලා තියෙන්නේ. හම්බන්තොට හැදුවා කියලා මැරෙන්න හැදුවා. රටකට බෙදිලා වෙන් වෙන්න ඕනේ කරන එක දෙයක් තමයි ඔය..
උතුරේ ඡන්ද වලට තියෙන වහල්කමට කිසිම සැලැස්මකින් තොරව වැඩ ඉවර වීමටත් කලින්ම මේක හදිස්සියේ විවෘත කරපු පාටක් තමයි තියෙන්නේ. කොටින්ම මීට වඩා හොඳට බස් ස්ටෑන්ඩ් හදනවා. අඩුම ගානේ පාරවත් කාපට් කරලා නැහැ.
ප්ලේන් ගියොත් මේ කාපට් එක මාස 2න් ඉවරයි...
දේශපාලන අන්තවාදීන් මොනවා කළත් දකින්නේ වැරැද්දක්...
ජාතික කොඩියයි ජාතික ගීයයි ගැන කතා කරලා වැඩක් නෑ. මේකෙන් රටට වන වන වාසි ගැන කතා කරමු.
ජාතිවාදේ ඔලුවේ තියාගෙන උන්නම එහෙම වෙනවා.
මේක නික්කන් පොදු වැසිකිලියකටත් අන්තයිනේ. පාරවල් වල සහ ගුවන් යානා අන්ගනවල් වතුර පිරිලා. කාපට් එකක් දාපු පාරක් පේන්නවත් නැහැ. අනේ මෙහෙමත් රටක්. මේක මේ ඉන්දියාවයි ලංකාවයි අතර පොඩි ගුවන් යානා යන්න හදපු තාවකකාලික කැලාබද තොටුපලක් වගේ.
ඒ කාලේ යුද්ධය තිබුනේ නැහැනේ. ලොව පුරා විසිරුණු ඩයස්පෝරාවක් හිටියෙත් නැහැ.
හැමදේකම නරක විතරක් දකින කාලකන්නි මානසිකත්වයෙන් මිදෙන්න බලපල්ලා...
සම්පූර්ණ බොරුවක්.., ඉන්දියාවට දුන්නු පොරොන්දුවක් පාලන මැදිරිය ලෑලි අට්ටාලයක තියෙන්නේ මෙතන ගුවන් හමුදා කඳවුරක් නෑ.. තිබුනේ එයාර් බේස් එකයි..
ඉන්දීය හමුදා ගුවන් යානා ඕනෑම වෙලාවක එන්න පුළුවන් යාපනය කෙලින්ම ඉන්දියාවට සම්මබන්ද කරන වැයමක්. යුද්ධය අවසාන උන නිසා මේ ගොල්ලන්ට ඔහොම ඉන්න පුළුවන්. රට පාවා දෙන මිනිස්සු
ගුවන් සේවිකාවන් දැන් ආචාර කරන්නේ වනක්කම් කියලද?
මත්තල හදපු සල්ලිවලින් මුළු ලංකාවේම තිබුන පොඩි ගුවන් තොටුපළවල් ටික මේ තත්වයට පත් කලානම් වටිනාකම කියන්න බැනේ
අනේ හොඳයි යාපනේ ගොවියන්ට ඊළඟ කන්නේ අස්වැන්න ගත්තම වී ටික ගබඩා කරන්න තැනක් තියෙනවා.
මෙය ඉතා භයානක ක්‍රියාවක්. ආණ්ඩුවට බලයක් නොමැති පාලනයක්. ත්‍රස්තවාදී ක්‍රියා වලට පහසු කරවන්නක්.