ප්‍රියානි මංගලිකා
මේ දිනවල බහුලව පවතින රක්ෂිත කැලෑ ගිනි ගැනීම් හේතුවෙන් වනසතුන් හා කුරුලු විශේෂ ගින්නට හසුවී විනාශ වන බව වනජීවි අංශ පෙන්වා දෙයි.
පවතින දේශගුණික තත්වයන් මත වියළි කාලගුණය, සුළං තත්වය හේතුවෙන් ගිනි ගැනීම් සීඝ්‍රයෙන් පැතිර යන බවත් ගිනි නිවා දැමීම ද පහසු නොවීම නිසා එම වනාන්තරවල වෙසෙන වන සතුන් විනාශ වීමේ තර්ජනයකට මුහුණ දී ඇති බවද එම අංශ පෙන්වා දෙයි.
විශේෂයෙන් හාවුන්, මීමින්නන්, වැනි කුඩා වන සතුන් හා කුරුලු විශේෂ ද , ජනපද ලෙස වෙසෙන වඩු කුරුල්ලන් ඇතුළු වෙනත් පරිසර හිතකාමී සත්ව විශේෂ ද ගින්නට කොටු වීමෙන් මෙම අවාසනාවන්ත තත්වයට මුහුණ දී තිබේ.
ඇතැම් පිරිස් හිතාමතාම මෙම ගිනිතැබීම් සිදු කරන බවද මෙමගින් රක්ෂිත ආසන්නයේ වෙසෙන ජනයාට හා දේපල වලට , පරිසරයට , පවතින තත්වය විශාල අවදානමක් බවද ඔවුහු කියති.




COMMENTS
රක්ෂිත වනාන්තර ගිනි තබන්නන්ට හා වනාන්තර වල ගස් කපන්නන්ට මෙන්ම වනාන්තර වල ජාල පෝෂක විනාශ කරන්නන්ට මරණ දඩුවම ලබා දීමට රජය වහාම කටයුතු කල යුතුය නැතහොත් අනාගතයේදී රටේ මුළු මහත් ජනතාවටම ජලය නොමැති කමින් ආහාර නොමැති කමත් හා බීමට ජලය නොමැති කමත් නිසාවෙන් මිය යාමට සිදුවේ ජනපති වරයා පරිසර අමාත්‍ය වරයා වශයෙන් මෙයට සෘජුවම මැදිහත් වීම අනිවාර්ය කල යුතුය...........