දින 4 ක නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා ගොස් සිටින අගමැති මහින්ද රාජපක්ෂ මහතා නවදිල්ලියේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා විසින් උණුසුම් අන්දමින් පිළිගන්නා ලදි.
දෙරටේ අගමැතිවරු අද (8 වැනිදා) පෙරවරුවේදී නවදිල්ලියේ අග්‍රාමාත්‍ය මන්දිරයේදී විශේෂ සාකච්ඡාවකද නිරත වූහ.




ඡායාරූප - ප්‍රංශ පුවත් සේවයෙනි
COMMENTS
මේ ප්‍රවෘත්තිය එනකොට මම ඩම් ඇන්ඩ් ඩමර් බලලා ඉවරවුණා විතරයි.
ටී.එන්.ඒ එක කිව්වා මේ පාර ජිනීවා යන්නේ නැහැලු ඉන්දියාව එපා කිව්ව හින්දා. ඒ කියන්නේ මෙච්චර කල් ලංකාවට එරෙහිව ටී.එන්.ඒ එක ජිනීවා යවල තියෙන්නේ ඉන්දියාව. ඒ ගැනත් ඇහැව්වා නම් හොඳයි නේද අගමැතිතුමා?
දෙවෙනි පුතා සහ බිරිඳ, රියැදුරන් 3ක්, මාධ්‍ය කණ්ඩායමේ 8 ක්, සහ ආරක්ෂකයින් 12ක් ඇරුණාම මිරිස් කුඩු කාරයොත් අරන් ගිය 39 දෙනාට ඇතුළත් කියන්නේ ඇත්තද? අන්තර් ජාලයේ පලවෙලා තියෙනවා දැක්ක නිසයි අහන්නේ...
මේ සංචාරය ගැන මෙන්න මෙහෙම වෙබ් අඩවියක පළකර තියෙනවා. " අගමැති වී පසුව දෙවතාවක් ජනාධිපති වී යළිත් අගමැති වී සිටින මහින්ද රාජපක්ෂගේ ප්‍රථම විදෙස් නිල සංචාරය වූ ඉන්දීය සංචාරය පුස්සක් වී තිබේ. පස් දින සංචාරයක් වුවද ඉන්දීය නායකයන් හමුව දින දෙකකින් අවසන්වූ අතර ඉතිරි දින තුනේදී මහින්ද කරනුයේ බරණැස, සාරානාත්, බුද්ධගයා සහ තිරුපති ආදී සිද්ධස්ථාන වන්දනාව මිස රටට වැඩක් ඇති දෙයක් නොවේ. ඉන්දියාව පසුගිය කාලයේ උතුරේ සහ වතුකරයේ නිවාස ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කළඅතර මහින්ද එකී නිවාස ව්‍යාපෘති දිවයිනේ සෙසු පළාත්වලත් ආරම්භ කරන ලෙස මෝදිගෙන් ඉල්ලා සිටි නමුත් ඊට ‘හා’ හෝ ‘බෑ’ හෝ කීවේ නැත. මහින්ද සමග ඩග්ලස් දේවානන්ද සහ තොණ්ඩමන්ද සංචාරයට එක්ව සිටි නමුත් ඔවුන්ටද ඉන්දියාවේ අමුතු ප්‍රතිලාභයක් ලැබුනේ නැත. ඉන්දියාවේ පමණක් නොව ලංකාවේද මහින්දගේ ඉන්දීය සංචාරයට ලැබුනේ දුප්පත් ප්‍රචාරණයකි. අඩුම ගණනේ මහින්ද මෝදි දෙදෙනාගේ ඒකාබද්ධ ප්‍රකාශය හෝ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රචාරය කළේ නැත. ඒ කෙසේවෙතත් මේ සංචාරය අතරතුර අගමැතිගේ වැඩ බැලීම නොනිල වශයෙන් කරන්නේ නාමල් රාජපක්ෂ වීම කැපී පෙනෙන්නක් වී තිබේ."
මෝදි අගමැතිගේ වටිනා කාලය මෙවැනි දේශපාලුවන්ට වෙන්කරපු එක මහා අපරාධයක්.. ඉන්දියාවේ ජනගහණයෙන් වැඩි දෙවැනි රට. නමුත් ලෝකයේ දියුණු රටවල් සමග ඉදිරියෙන්. ඕනෑම හදිසි අවස්ථාවකදී රජයට මුදල් තිබෙනවා. සතයක් හොරකම් නොකර... නමුත් මේ උන්දැලාට ළදරු පාසලක් වැනි අපේ කුඩා රට... පාලනය කරගන්න බැහැ.. දන්නේ හොරාකන්න. ණයට ගන්න. පන්සල් යන්න අගමැති මෝදිට. මුළු ලෝකනායකයින්ගෙන් ලොකු පිළිගැනීමක් තියෙනවා. ඒ රහස දෙවියන් රවටන්නෙත්, ජනතාව රවටන්නෙත් නැහැ. එ්කට අපේ අයට. ඕන හොරවැඩක් කෙරුවම පිරිත් කියන්න වෙනම හාමුදුරු ගොල්ලක් ඉන්නවා. ඒ සාපේ තමයි රටට වැදුනේ මේ කට්ටිය ආවම බඩ පිරෙන්න කන්න නොදී පුස්තකාලයට අරන් යන්න.
ස්ටේජ් එකේ පඩිපෙලින් වැටෙන්න යනවා පින්තූර දැක්කේ නැද්ද?