(ඉන්දික අරුණ කුමාර)
මසකට අධික කාලයක් පවතින ඇදිරි නිති තත්ත්වය හමුවේ දේශිය මෙන්ම විදේශිය සංචාරකයින්ගේ නොපැමීණීම හේතුවෙන් නකලස් සංචාරක කළාපය විවිධ වෙනස්කම් රැසකල ලක් වී තිබේ.
නකලස් කලාපයේ සිදුකල සංචාරකය දී අනාවරණය වූයේ ස්වභාවික පරිසරය මේ වන විට සම්පූර් ණයෙන්ම වෙනස් වී ඇති බවයි.
මානව ක්‍රියාකාරකම් සිදු නොවීම හේතුවෙන් සිදුව ඇති වෙනස්කම් අතර නකලස් කළාපයට ආවේනික රැක්ෂලාතා රැසක ස්වභාවික මල් වලින හැඩවී තිබේ.
තොරතෝන්චික් නැතිව නිබදව ඇසෙන කුරැළු කූජනයන්ට අමතරව විවිධ වන සතුන් නිදහසේ සිය නාද රටාවන් පවත්වන අයුරැ මේ දිනවල නකල්ස් කලාපයේ දැකගත හැකිය.
කැළිිකසල පරිසරයට බැහැර නොවීම,ප්ලාස්ටික් වැනි ඝන අපද්‍රව්‍ය භාහිර පරිසරයට එක් නොවීම,ජල උල්පත් අපිරිසිදු නොවීම ආදී කරැණු රැසක් හේතුවෙන් නකලස් කළාපයේ ස්වභාවික වෙනස් වීම් සිදුව තිබේ.
මීට අමතරව ජනාකිර් ණ වල රිවස්ටන් මුදුන,පිටවල පතන මෙන්ම තෙල්ගමු ඔය සමීපයේ මිනිසුන් ලබාදෙන ආහාර වලින් ජිවත් වු සුනඛ රංචු මේ වන විට පිරිස් පැමිණෙන තෙක් හාමතේ රැදිසිටින අයුරුද දක්නට ලැබිණි.
දුම්බරට ආවේනික දුම්බර අං කටුස්සා මෙන්ම ආව්නික ගෙබි විශේෂ රැසක්, උරඝ විශේෂ මෙන්ම විවිධ වන සතුන් නකලස් සංචාරක කලාපයේ නිදහසේ ඔබ මොබ යමින් සැරිසරණ අයුරැ මේ දිනවල දැකිය හැකි දුලබ දසුන්වෙයි.
ස්වභාවික පරිසරයට එක්වන දූවිලි අංශු ඉවත්වීමත් සමග නකලස් කළාපයේ ඉහළ අහසද වඩාත් පැහැදිලිව දැකගත හැකි අතර මොරගහකන්ද හා කළුගග ජලාශ ද මේ දිනවල නකලස් කදුපංතියේ මුදුනට ඉතා පැහැදිලිව දක්නට ලැබෙයි.



















COMMENTS
අනේ මේ අපේ රට කොච්චර ලස්සනද ? මේ සෑම දෙයක්ම විනාශ කරන්නේ පොදුවේ ගත්කළ දේශපාලුවන් මෙන්ම දේශපාලුවන්ට සම්බන්ධ අය නොවේද ?
පින්තුරයකින් හෝ මෙම ස්වභාවික ,මනරම් දර්ශන දැකීමෙන් සිතට ඇති වුනේ මහත් සතුටක්. කුරුල්ලන් වෙනදාටත් වඩා සුමධුර ලෙස ලයාන්විතව ඔවුන්ගේ කූජනයන්, පරිසරයට මුදා හරිනවා ඇති. බඩටම ඇලුණු කුසක් සහිතව, කුසගින්නට දෝ ගල් පොත්තක් උඩ හිඳ දිය බොන සුනඛ පෝතකයා දුටු විට නම් සිතට දැනුනේ මහත් දුකක්.
රටේ පරිසරය වැඩිපුරම විනාශ කරේ ඔය බස්නාහිර හා දකුණු පළාත්වල මිනිසුන්, සමාවන්න. මේ මාතලේ ප්‍රදේශයට වැඩිපුරම එන්නේ ඔය ප්‍රදේශවල අය. මම පතනේ ආසනන්යේ ගමක කෙනෙක්. දකිනවා ගෙදර යනකොට පිටගම් වලින් ඇවිල්ල ගමට කර ඇති විනාශය. ටිපිටිප් කොළ, අයිස්ක්‍රීම් කොළ, බියර් බෝතල් හැම තැනම. ඉතින් මෙලෙස අපේ ගමේ ස්වාභාවදර්මයාට කෙනෙහිලිකම් කල මිනිසුන් අද තාප්ප වලින් වටවෙච්ච ගෙවල් වල එලියට බහින්න බැරි වෙන තරමටම තද අව රශ්මියේ ඉන්නවා. දැන් සතුටුද. දැන් වත් මේ රිවස්ටන් පැතිවලට එන පිටස්තරයන් සිමා කරනන් වැඩ පිළිවෙලක් යොදන්න ඕනේ.
ජනාධිපතිතුමාත් අපි වගේම මේ සුන්දරත්වය ඉස්සර දැකලා නැතුව ඇති.
ගුවන් ගමන් නැතිනිසා, අහස පිරිසිදුවෙලා, යානවාහන නැතිනිසා පොලව පිරිසිදුවෙලා... මනුස්සයෝ එක්රස්වෙන්නේ නැතිනිසා .. කැලිකසලත් අවමවෙලා ... දෙවියන් විසින් අපිට ලබාදුන් .. අත්දැකීමක්, ප්‍රාතිහාර්යක්, පිරිසිදු ජීවිතයකට මග පෙන්වීමක්..