(ඩයනා උදයංගනී සහ එච්.එම් ධර්මපාල)
දෙහිවල සත්වෝද්‍යානයේ දී මීට තෙමසකට පෙර උපන් බෙංගාල ව්‍යාඝ්‍ර පැටවුන් තිදෙනා මහජනතාවට දැක බලාගැනීම සඳහා අවස්ථාව අද (2) සිට උදා විය.
චීන සත්වෝද්‍යානයේ සිට 2009 වසරේදී දෙහිවල සත්වෝද්‍යානයට ගෙනා රොබින් නැමති බෙංගාල ව්‍යාඝ්‍රයාට සහ කෙල්ල නැමති ව්‍යාඝ්‍ර ධේනුවට දාව මෙම පැටවුන් උපත ලවා ඇත්තේ ඉකුත් මාර්තු 5 වැනිදාය.
මෙම තිදෙනාම පිරිමි පැටවුන්ය.
මෙම පැටවුන් තිදෙනාම නිරෝගී සුවයෙන් පසුවන බවත් ඔවුන් අද සිට දිනපතා යම් වේලාවක් මහජනතාවට දැක බලා ගැනීම සඳහා අවස්ථාව දෙන බවත් සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත මහතා පැවසීය.
( ඡායා ළහිරු හර්ෂණ)







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ අය ඇත්තම බෙංගාල ව්‍යාඝ්‍රයින් තමයි...
හරිම සුන්දරයි... පොඩි දරුවො වගේ තමයි.