
(කාංචන කුමාර ආරියදාස )
දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට අද(29)එළවළු ලැබීම සියයට 75කින් අඩුවී එළවලු මිලදී ගැනීමට පැමිණෙන්නන්ගේ විශාල අඩුවීමක් පවතිවතින බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පවසති.
එමෙන්ම එළවලු මිලද ඉහළ ගොස් තිබෙන බව පෙන්වා දෙන වෙළඳුන් කියා සිටින්නේ විදේශ රටවලින් ගෙන්වන අර්තාපල් අල ලොකු ලූනු ආදී වර්ග වල ද මිල ඉදිරි දින කිහිපය තුළ ඉහළ යනු ඇති බව කියති.
මීට පෙර එම අර්තාපල් ලොකු ලූනූ උන්ඩියල් ක්‍රම හරහා මෙරටට ගෙන්වූ බවත් රජය උන්ඩියල් ක්‍රම හරහා ගෙන්වීම තහනම් කිරීම් නිසා මෙම ද්‍රව්‍ය මිල වැඩි වශයෙන් ඉහළ යමින් පවතින බව ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති
ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු බොහෝමයක් ලොරි රථවලි වලින් නොමැතිව යතුරු පැදි පා පැදි ත්‍රිරෝද රථවලින් රැගෙන අයුරු දකින්නට ලැබිණිි.
ඒ හෙයින් එළවලු සීමිත ප්‍රමාණයට ලැබෙන අතර වෙනදා ගෝනි වල පොහොර බෑග් වල අලෙවි කළ එළවළු සොපින් බෑග් වල අලෙවි කිරීම්ට තබා තිබෙන අයුරු දැක ගැනීමට හැකි විය.
තෙල් පොහොර කෘමිනාශක වර්ග නොමැතිවීම නිසා ගොවීන් එළවළු වගාවෙන් ඉවත් වීම සීමිත එළවළු ප්‍රමාණයක් පමණක් වගා කිරීම නිසා එළවළු අස්වැන්න සියයට 75 කට වඩා අඩු ප්‍රමාණයක් පවතින බව වෙළෙන්දෝ පෙන්වා දෙති.
වෙනත් දිනවල එක වෙළඳසසැලකට එළවළු කිලෝ 20000 ක පමණ ප්‍රමාණයක් ලැබුණද මේ ද මේ දිනවල එළවළු කිලෝ 500 ත් 600 අතර ප්‍රමාණයක් පමණක් ලැබෙන බව ද ඒවා ද මිලදී ගැනීමට එන වෙළෙන්දන් සීග්‍රයෙන් අඩු වීම මිල ඉහළ යෑම නිසා ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරික කටයුතු අඩපණ වෙමින් පවතින බවද වෙළෙන්දෝ පෙන්වාදෙති
ඉදිරි දින කිහිපය වන විට ඇතැම් විට ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල් පවා වසා දැමීමේ අවදානමකට ලක් වෙමින් පවතින බව එම ව්‍යාපාරිකයෝ වැඩිදුරටත් පෙන්වා දෙති.


2025 දෙසැම්බර් මස 18
149
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දඹුල්ලට එළවලු අඩුවෙයි