







අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී ඇන්ජලීන් ගුණතිලක මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (02) පස්වරුවේ බොරැල්ල කනත්තේ දී සිදු කෙරිණි.
කෝට්ටේ ශාන්ත තෝමස් දේවස්ථානයේ දේව මෙහෙය සිදු කිරීමෙන් අනතුරුව අවසන් කටයුතු පැවැත්විණි.
කලාකරුවන්, ඥාතීන් සහ ඇන්ජලීන් මහත්මියගේ රසික ජනතාව මෙම අවස්ථාවට පැමිණ සිටියහ.
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය පසුගිය 29 දින අභාවප්‍රාප්ත වූවාය.
(ඡායාරූප - ඉෂාන් සංජීව)
COMMENTS
සමාදානයේ සැතපේවා! අලුත් කලාකාරයෝ හොයා ගන්නවත් නැහැ. ප්‍රවීණයන්ට නියමට සලකනවා.
සුන්දර ගීත රාශියක් අපගේ හදවත් තුල රදවා අද දින ඔබතුමිය නික්ම යනු ඇත. නමුත් ඔබතුමියගේ නාමය ගීත කලාවේ සදාකල් නොමැකෙනු ඇත. අප දහමට අනුව ඔබතුමියට නිවන් සුව අත්වේවා !!!
සමාදානයේ සැතපේවා
ඔබ තුමිය, ඔබ තුමියගේ හඩ රාවය ... සදා අප මතකයේ පවතිනු ඇත...." රුප ජීරති මච්චානන් ..නාම ගොත්තන් නජිරති.." ලොව සැවොම යටත් සදාතනික ලොව්තුරු දහමට අනුව ඔබතුමියගේ භව ගාමී සසර ගමන සුවදායක වේවා... අවසාන ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති නිවනින් සැනසේවා....
අදටත් අපි මුමුනන්නේ ඔබේ ගීත.. ඒ ගීත වල පුදුම රහක් තිබ්බා. අද පරපුරේ ගීත එක්ක ගත්තම ඔබේ ගීත ඒ හඩ ඔබේ ගීත වල තිබෙන භාව ප්‍රකාශනය තව වසර 100 ක් ගියත් ඔබේ තැනට ලං වෙන්න බැහැ. ඔබ සහ ලතා වල්පොල දෙපොල සිංහල චිත්‍රපටි කර්මාන්තයේ වෙනමම අනන්‍යතාවක් තබාගෙන විශාල සේවයක් කරපු දේපලක්. මා පෞද්ගලිකව හුගක් කණගාටු වෙන කෙනෙක් ඔබේ වියෝ වීම.... ඔබට නිවන්සුව!!!
ඔබ තුමියත් ජෝතිපාල වගේම සදා අමරණීය ගායිකාවක්.