
(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් කුරුදුමලෙයි ඓතිහාසික කුරුන්දි විහාරයේ සර්වඥ ධාතු තැන්පත් කිරීමට එරෙහිව දෙමළ දෙමළ ජාතික සංවිධානයේ විරෝධතාවක් හේතුවෙන් තාවකාලිකව කල්දැමීමට සිදු වූ බව කුරුන්දි විහාරයේ විහාරාධිපති උතුරු පලාත් ප්‍රධාන සංඝනායක ය ගල්ගම්වේ සන්තබෝධි හිමියන් පැවසීය.
බුද්ධශාසන කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ සහ ශ්‍රීලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සෘජු අධීක්ෂණය සහ තාක්ෂණික දායකත්වයෙන් බෞද්ධාලෝක පදනමේ පූර්ණ අනුග්‍රාහකත්වයෙන් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ රණවිරුවන්ගේ සහ සිවිල් ආරක්ෂක බලකායේ ශ්‍රම දායකත්වයෙන් සංරක්ෂණය කළ චෛත්‍යයේ සධාතුක කරුඬු තැන්පත් කිරීම ඊයේ දින පස්වරු 2 . 05 ට නියමිතව තිබුණි.
දෙමළ ජාතික සන්ධානය සහ දෙමළ ජාතික ජනතා පෙරමුණේ ජනතා නියෝජිතයන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් කුරුන්දි විහාරයේ සංරක්ෂණය කෙරුණු චෛත්‍ය ඉදිරිපිටදී විරෝධතාවක් සංවිධානය කොට තිබීම හේතුවෙන් සර්වඥ ධාතු තැන්පත් කිරීම කල්දැමීමට පියවර ගෙන තිබුණි.
විරෝධතාවයේ නිරත වූවන් එහිදී පවසා සිටියේ ‘කුරුදුමලෙයි විහාර භූමිය සම්බන්ධයෙන් මුලතිව් අධිකරණය මගින් නඩු නියෝගයක් ලබා දී ඇති හෙයින් එම අධිකරණ නියෝගය කඩකරමින් අලුතින් ගොඩනැගිලි ඉදිකිරීමට ආරක්ෂක අංශ සහ බෞද්ධ භික්ෂූන් වහන්සේලා පියවර ගන්නා බැවින් වහාම අදාල ඉදිකිරීම් නවතා දමන ලෙසටය.
මේ පිළිබඳව අදහස් පලකර සිටි කුරුන්දි විහාරයේ විහාරාධිපති උතුරු පලාත් ප්‍රධාන සංඝනායක ගල්ගම්වේ සන්තබෝධි හිමියන්ගෙන් විමසීමේදී පවසා සිටියේ.
‘අධිකරණ නියෝගයේ තියෙන්නේ පැහැදිලිවම පුරාවිද්‍යා කටයුතු වෙනුවෙන් කිසිදු බාධාවක නොවිය යුතුයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සිදුකරගෙන යන සංරක්ෂණ කටයුතු ඇතුලු පුරාවිද්‍යාත්මක කටයුතු සිදුකිරීමේදී ප්‍රදේශයේ පිහිටි ආයතන දැනුවත් කොට සිදුකල යුතු බවටත් එවැනි කටයුතු සිදුකිරීමේදී මහජනතාවට බාධාවක් හෝ ගැටුමක් සිදුනොවන ආකාරයටට කටයුතු කරන්න කියලයි.
ධාතු තුන්පත් කිරීමේ අවස්ථාවට ත්‍රෛනිකායික උත්තරීතර සංඝයා වහන්සේ මෙම ප්‍රදේශයට වැඩම කළා. ඒ වගේම පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංග මහතා ඇතුලු නිලධාරීන්ද මෙම පූජා භූමියට පැමිණ විරෝධතාකරුවන් සමග සාකච්ඡා කළා. එහිදී පුරාවිදයා අධ්‍යක්ෂක ජනරාල්වරයා මුලතිව් දිසාපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අදාල විරෝධතාකරුවන්ගේද සහභාගීත්වයෙන් සාකච්ඡාවක් සිදුකිරීමට එකඟවී තිබෙනවා. ඉන්අනතුරුව පසු දිනක තමයි මෙහි නැවත සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කිරීම සිදුවන්නේ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට පයින් හරි, බැටන් හරි පාරවල් ටිකක් දීලා එලවන්න පොලීසියට බැරි වුණේ මොකද? මේකට හේතුව ලංකාවේ ඉතිහාසය අපොස සාමාන්‍ය පෙළට අනිවාර්ය නොකිරීම. ඉතිහාසෙ ෆේල් වෙන අයට උසස් පෙළ නැහැ. ඉතිහාසෙ පාස් වෙන අය මේ වගේ ගොන් ආතල් දෙන්නේ නැහැ සහ කෛයිරාටික දේශපාලුවන්ට රැවටෙන්නෙත් නැහැ, මේ වගේ ගොන්වැඩ වලට තමන්ගෙ කාලය නාස්ති කරන්නෙත් නැහැ.
මධ්‍යම රජය දුර්වල වනවාත් සමගම ප්‍රාදේශීයව ක්‍රියාත්මක වන කණ්ඩායම් වල හිස එසවීම...!
කොටි අන්තවාදීන් හිතාගෙන ඉන්නෙ මේක ඊළම කියලා. රටේ ඉතිහාසය වසාදමන්න තමයි දඟළන්නේ. ඒ පැත්තේ උසාවිවල ඉන්නෙත් අන්තවාදීන්ම තමයි. රජය දැනගන්ක ඕන දෙමළ කතා කරන්න පුලුවන් වෙනත් නිලධාරීන් ඒ පැතිවලට දාන්න. නැත්නම් ඔවුන් සේරම එකතුවෙලා තමයි සිංහල බෞද්ධ උරුමයට පහර දෙන්න හදන්නේ...
එහෙනම් මේ ගෑස්, තෙල්, විදුලි මෙකී නොකී දෛනික ප්‍රශ්න තියෙන්නෙ අපට විතරයි. මෙයාලට ඒ මොනවත් නැතිව ඇති මේ වගේ අරගල කරන්න. 21 අලවෙලා ගියොත් තමා රටට හොඳ.
ඓතිහාසික පුරා විද්‍යාත්මක තොරතුරු මත පදනම්ව පෞරාණික බෞද්ධ සිද්ධස්ථානයක් බවට සනාත වී තිබියදීත් බෙදුම්වාදීන් විසින් මෙලෙස බෞද්ධ උරුමය අභියෝගයට ලක් කිරීම කෙලෙස අවබෝධ කර ගත යුතුද? වර්තමානයේ මතුව ඇති ආර්ථික ගැටලුව ශ්‍රී ලංකාවේ ඒකීය භාවයට බලපාන අන්දම තේරුම් ගැනීමට මෙය කදිම නිදසුනකි. අරගලය පමණක්ම සියලුම ප්‍රශ්නවලට එකම විසඳුම ලෙස කල්පනා කරන සියල්ලන් විසින් රටේ ඒකීය බව සහ ජාතික උරුමය රැක ගැනීම පිළිබඳවත් තම හඬ අවදිකළ යුතුයි...
දෙමළ ජාතික සංධානයේ අයට ඕනෑ විදියටද වැඩ සිද්ද වෙන්න ඕනේ...
ගෝඨා ගෝ කියන අරගලයේ සැබෑ හේතු...
කලබල වෙන්න එපා. මේවා පටු දේශපාලන වාසි වලට කරන දේවල්. පක්ෂ විපක්ෂ බෙදහයකින් තොරව මේකෙන් වාසි වෙන හැමෝම මේක පිටිපස්සේ ඇති, පාස්කු ප්‍රහාරය වගේම. කන්න බොන්නවත් නැති සාමාන්‍ය ජනතාවට මේවට වෙලාවක් නෑ
මේ වෙලාවේ වැඩකට නැති ප්‍රශ්න ඇති කර ගන්න එපා. අධිකරණ නියෝගයක් තියෙනවා නම් ඒකට අනුව වැඩ කරන්න.
කෝ මේ රටට ආදරෙයි කියාගෙන කෑ මොරදෙන අරගල කාරයින් ටික?
කෝ මේ රට බේරගන්න තියෙන අවසන් අවස්තාව කියල උඩ දගෙන චන්‌දෙ දුන්න හැට නම ලක්ශයක් බයියො? දැන් මොකද කියන්නෙ? අඩු ගානෙ ධාතු තැන්පත් කරන්න වත් බැරි තැනට " රට බෙරල " තියෙන්නෙ කියල කිරිබත් කනව?