
(ඩයනා උදයංගනී)
හෙළයේ මහා ගාන්ධර්වයාණන් වූ ආචාර්ය, පණ්ඩිත් ඩබ්ලිව්.ඩී අමරදේව මහතා සිහිකිරීම වෙනුවෙන් මීට වසර හතරකට පෙර රුපියල් කෝටි 20ක වියදමින් බත්තරමුල්ල, අපේගම පරිශ්‍රයේ දී ඉදිකිරීම ඇරඹුණු ‘අමරදේව අසපුවේ’ ගොඩනැගිලි මේ වන විට වල් බිහිවෙමින් පවතී.
මෙම අසපුවේ කොටසක තැන්පත් කිරීමට නියමිත පණ්ඩිත් ඩබ්ලිව්.ඩී අමරදේවයන්ගේ භෂ්මාවශේෂ ද වසර පහක් පමණ තිස්සේ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබෙන බව වාර්තා වේ.
එමෙන්ම ඉකුත් මාර්තු මස අභාවප්‍රාප්ත වූ විමලා අමරදේවයන්ගේ භෂ්මාවශේෂ ද මෙහි තැන්පත් කිරීම සඳහා බව කියමින් එම මල් ශාලාවේම තැන්පත් කර ඇත.
මෙරට දරුවන්ට සංගීතය හැදෑරීම සඳහා ‘අමරදේව අසපුව’ නමින් ඉන්දියාවේ ශාන්ති නිතේකනය වැනි ආයතනයක් ආරම්භ කිරීම පණ්ඩිත් ඩබ්ලිව්.ඩී අමරදේවයන් ජීවත්ව සිටි සමයේදී කළ ඉල්ලීමකි.
අමරදේවයන්ගේ එම ඉල්ලීම ඉටුකරන බවට එතුමන්ගේ අවසන් කටයුතු සිදුකෙරුණු 2016 වසරේ නොවැම්බර් මස 5 වැනිදා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රතිඥාවක් ලබාදුන් අතර ඒ අනුව මෙහි ඉදිකිරීම් ‘අපේ ගම’ පරිශ්‍රයේ පර්චස් 120ක භූමි භාගයකදී ආරම්භ වූයේ 2017 වසරේ අගෝස්තු 28 වැනිදාය.
පණ්ඩිත් අමරදේවයන් ශ්‍රී ලාංකීය සංගීත ක්‍ෂේත්‍රයට සිදුකළ අනුපමේය මෙහෙවර අගය කරමින් එතුමාගේ සංගීත නිර්මාණ හා සංගීත සම්ප්‍රදායන් සංරක්‍ෂණය කර අනාගත පරපුරට දායාද කිරීමේ අරමුණින් ඉදිවන ‘අමරදේව අසපුව’ පුස්තකාලයක්, ලේඛනාගාරයක්, කෞතුකාගාරයක්ථ සම්මන්ත්‍රණ ශාලාවක්, ශබ්දාගාරයක්, එළිමහන් රඟහලක් ආදී අංග රැසකින් සමන්විතය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අමරදේව අසපුව 2019 අගෝස්තු 31 දිනයේදී ජනතා අයිතියට පැවරීමට කටයුතු කරන ලෙස අදාළ නිලධාරීන්ට එම වසරේ ජූනි මස උපදෙස් දී තිබුණත් එහි ඉදිකිරීම් කළ කොන්ත්‍රාත් සමාගමේ දුර්වලතා හේතුවෙන් එහි ඉදිකිරීම් මේ වන විටත් අවසන් කිරීමට නොහැකිව ඇත.
එවක ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ඉදිකිරීම් ආරම්භ වූ මෙහි කටයුතු අවසන් කිරීමේ වගකීම වත්මන් රජය යටතේ බුද්ධ ශාසනල ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතට පැවරී තිබේ.
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් විජේවීර මහතා පැවසුවේ අමරදේව අසපුව පසුගිය රජය සමයේ සිට ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පැවතියත් එය මීට මාස හයකට පමණ ඉහතදී බුද්ධ ශාසනල ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ විෂයන් යටතට පවරනු ලැබූ බවයි.
බුද්ධ ශාසනල ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාගෙන් මේ පිළිබඳව කළ විමසීමක දී ඔහු පැවසුවේ හෙළයේ මහා ගාන්ධර්වයා වූ පණ්ඩිත් අමරදේව නමින් ඉදිවන මෙම අසපුවේ ඉදිකිරීම් මෙතරම් කල් ප්‍රමාද වී තිබීම කණගාටුවට කරුණක් බවයි.
මෙහි ඉදිකිරීම් ලබන වසරේදී අවසන් කිරීම තම බලාපොරොත්තුව බව කී ලේකම්වරයා තම සේවා කාලය අවසන්වීමට පෙර හෙළයේ ගාන්ධර්වයා වෙනුවෙන් එම යුතුකම කෙසේ හෝ ඉටුකරන බව ද සඳහන් කළේය.
තමන් මීට මාස තුනකට පමණ පෙර ඉංජිනේරුවන් ද සමඟ එම ස්ථානයට ගොස් එහි ඉදිකිරීම් ආරම්භ කිරීමට සැලසුමක් සකස් කළ බවත්, මේ වන විට එයට වෙන්කළ මුදලින් ඉතිරි වී ඇති රුපියල් කෝටි 15 ක පමණ මුදලින් මෙය ඉදිකිරීම අභියෝගයක් වී ඇති බවත් හෙතෙම පැවසීය.
මෙය කොන්ත්‍රාත් සමාගමකට දී ඉදිකිරීමට එම මුදල් ප්‍රමාණවත් නොවන බැවින් ආරක්‍ෂක ලේකම්වරයා සහ නාවික හමුදාපතිවරයා සමඟ සාකච්ඡා කර නාවික හමුදා ශ්‍රම දායකත්වය යටතේ මෙහි ඉදිකිරීම් සිදුකිරීමටත්, මධ්‍යම ඉංජිනේරු කාර්යාංශයේ සහයෝගයෙන් තිබෙන මුදලින් මෙහි කටයුතු අවසන් කිරීමටත් මේ වන විට සැලසුම් කර ඇතැයි ද ඔහු කීය.
මේ දිනවල පවතින කොවිඩ් වසංගත තත්වය හා මීට පෙර භාරගෙන ඇති ව්‍යාපෘති සිය ගණනක ඉදිකිරීම් කටයුතු හේතුවෙන් නාවික හමුදාව ඉතා කාර්ය බහුල නිසා, ඔවුන් විසින් මේ වන විට සිදුකරමින් පවතින ‘ජාතික කලාභවනේ’ අලුත්වැඩියා කටයුතු අවසන්වීමෙන් පසු ‘අමරදේව අසපුව’ ඉදිකිරීම් ආරම්භ කිරීමට මේ වන විට එකඟ වී ඇතැයි ලේකම්වරයා පැවසීය.
ඒ අනුව දැනට ඉතිරිව පවතින මුදල ලබන වසර වෙනුවෙන් වෙන්කර දෙන ලෙස ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇතැයි ද කපිල ගුණවර්ධන මහතා සඳහන් කළේය.
අමරදේවයන්ගේ භෂ්මාවශේෂ ද දැන්ම එහි තැන්පත් කිරීමේ හැකියාවක් නැතැයි ඔහු කීවේය.
‘අමරදේව අසපුව සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගෙන් මේ පිළිබඳව කළ විමසීමක දී ඔහු පැවසුවේ අමරදේවයන්ගේ භෂ්මාවශේෂ වසර පහක් පමණ තිස්සේ ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර තිබීම කණගාටුවට කරුණක් බවයි.
අමරදේවයන් දැයෙන් සමුගෙන පස් වසරක් සම්පූර්ණ වන ලබන නොවැම්බර් 3 වැනිදා රජයේ අවසර ඇතිව පුද්ගලික දායකත්වයෙන් හෝ අමරදේව අසපුවෙහි භෂ්මාවශේෂ තැන්පත් කිරීමට නියමිත ස්ථානයේ ඉදිකිරීම් සම්පූර්ණ කර එම භෂ්මාවශේෂතැන්පත් කිරීමට උත්සාහ කරන බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.
පණ්ඩිත් ඩබ්ලිව්.ඩී අමරදේවයන්ගේ අවසන් කටයුතු නිදහස් චතුරස්‍රයේදී 2016 නොවැම්බර් 5 වැනිදා සිදුකළ අවස්ථාවේ එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විමලා අමරදේව මහත්මියට දුන් පොරොන්දුවක් අනුව ආරම්භ කළ මෙම අසපුවේ ඉදිකිරීම් සාර්ථක කරගැනීමට එම රජය ද දැඩි උත්සාහයක් ගත් බව මහාචාර්යවරයා කීවේය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවස්ථා පහකදී පමණ එම ස්ථානයට ගොස් තම ධූර කාලය අවසන් වන්නට පෙර අමරදේව අසපුව විවෘත කිරීමට උත්සාහ ගත්තත් එහි කොන්ත්‍රාත්තුව භාරගත් සමාගමේ වැරදි හේතුවෙන් එම ඉදිකිරීම් අවසන් කිරීමට නොහැකි වූ බව ද පැවසීය.
මෙය බත්තරමුල්ල අපේගම පරිශ්‍රය වැනි පාසල් දරුවන් ආදී පිරිස් පැමිණෙන ස්ථානයක ඉදිකිරීම යහපාලන රජය ගත් ඥානාන්විත තීරණයක් බව කී මහාචාර්යවරයා දුරබැහැර ස්ථානයක මෙය ඉදිකළේ නම් මීගමුවේ ඇති ‘රුක්මණී දේවී ’ කෞතුකාගාරය මෙන් මෙය ද ජනතාවගෙන් දුරස් වනු ඇතැයි සඳහන් කළේය.
අමරදේවයන්ගේ පුත් රංජන අමරදේව මහතාගෙන් කළ විමසීමක දී ඔහු පැවසුවේ මේ වන විට සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ අමරදේව අසපුවේ ඉදිකිරීම් සැලසුම්වීම සතුටුවිය හැකි කරුණක් බවයි.
එම අමාත්‍යාංශ ලේකම්වරයා මේ සම්බන්ධයෙන් පැවැත්වූ සාකච්ඡාවලට තමන් ද සම්බන්ධ වූ බව කී රංජන අමරදේව මහතා එය නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් කඩිනමින් ඉදිවනු ඇතැයි අපේක්‍ෂා කරන බව ද පැවසීය.
කොන්ත්‍රාත් සමාගමේ වැරදි හේතුවෙන් යම් ප්‍රමාදයක් සිදුවූවත් සිය පියාගේ අරමුණ ඉටුවනු ඇතැයි යන විශ්වාසය මේ වන විට තමා තුළ ගොඩනැගී ඇතැයි ද හෙතෙම කීවේය.
ඡයාරූප - ශාන්ත රත්නායක




COMMENTS
අමරදේවයන් කවුරු හරි දේශපාලකයකුගේ පියෙක් උනා නම් මේකේ වැඩ ඉවර වෙනවා විතරක් නොවෙයි අවුරුදු පතා උත්සව ඉවරයක් නැහැ.
මේ තමයි බොරුවෙන්ම පාලනය වන රටක ඛේදවාචකය
අඩුම මුදලට ටෙන්ඩර් එක දුන්නම වෙන දේ . සමාගමේ මුල්‍ය ස්ථාවර බව , පෙර ව්‍යාපෘති කලට බාරදී ඇතිබව, පෙර ව්‍යාපෘති කලාට ගුණාත්මක බව නොසලකා හැරීමෙන් සිදුවනනේ මෙම ප්‍රතිපල තමයි. මෙවැනි සමාගම් රජයේ මධ්‍යගත දත්ත ගබඩාවක අසාදු ලේඛන ගත කරොත් අනිත් ආයතනත්, රටේ මිස්සුත් අමාරුවේ වැටෙන්නේ නැති වෙයි. නමුත් කාටවත් ඕනි කමක් නැහැ එවැනි පද්දතියක් පවත්වා ගෙන මිනිසුන් ආරක්ෂා කිරීමට.
දැහැටිකූර දත් මැද ගත්තම දත් බුරුසුව වගේ තියාගන්නෙ නැත. නැවත දත් මදින්න වෙනත් දැහැටිකූරක් සොයාගන්නවා.
මේක රජය කරනකම් බලාගෙන ඉන්න ඕනෙද? අමරදේවතුමන්ගෙ ගීත රසවින්දනය කරපු සහ ඔහුගේ ගීත වලින් යැපුනු සහ තවමත් යැපෙන අය රු.100 ගානෙ දැම්මත් කෝටි 240ක් 50 ක් හොයා ගන්න පුළුවන්. කැපවීමයි අවශ් යවෙන්නෙ.
ලංකාවේ ඔහොම තමයි
වෙන් කල ඇස්තමේන්තුවෙන් කොටසක් ඉදිකිරීම් සමාගමෙන් ලබාගත්ත කෙනා මෙයට වගකිව යුතුයි
මේ අසපු තමයි අපිට අඩුවෙලා තියෙන්නේ .අමරදේවට වඳින පුදන අනිත් ගාන්ධර්වයන්ට බැරි වුනාද ආදර සංගීත ප්‍රසංගයක් දෙකක් තියලා මේකට ආධාර මුදලක් හදලා දෙන්න .හැමදෙයක්ම සාමාන්‍ය ජනතාවගෙන් හූරා ගන්නේ නැතිව. ඉන්නකොට එහෙමයි ගියාම මෙහෙමයි කිව්වලු
මේ ගොල්ලගෙ සරිගමේට දැන් ළමයි පාද තියන්නේ නැහැ .හැම ළමයෙක්ම ගිටාර් කෑල්ලක් අතේ අරගෙන තනියෙන් වැඩේ අල්ල ගන්නවා .ඉන්නකම් ගුරු මුෂ්ටිය දාගෙන හිටිය අයට නෝ ගෝ දැන් කාලේ
මොන පිස්සුද අමරදේව වැනි වටිනාකම් දන්න පාලකයෝ ඉන්න රටක්ද මේ ? මුන් ඕව හදයි විරාජ් වගේ වලත්තයෙක් සිහි වෙන්න. පෙරේතයගෙ හැටියටළු විමානේ... මේ මංකොල්ල කාරයෝ රැලක් අල්ලගත්ත රටක්... මුං වපුරලා තල වේලන්න බැහැ කියලා දන්න වනේ
කෝටියක් විතර වියදම් කරලා ඉතුරු කෝටි 19 ම හොරකම් කරලා .පුදුම රටක් තමයි
අමරදේව ශුරීන්ට උපහාර පිණිසත්, සංගීතය හදාරන මේ රට තරුණ පරපුරටත් ප්‍රයෝජනවත් වෙන මේ දේ හොඳ දෙයක්. ඒත්, සිතෙනා ආකාරයට, මෙය කොන්ත්‍රාත් සමාගමක් විසින් කළ දෙයක් නිසා වැඩ නතර වුණා වෙන්නට බැහැ. එසේ නම් ඇයි ගිවිසුම කඩකළ ඒ අයට නීතිමය පියවර ගැනීමට බැරි? එහෙම නොකරන්නේ යම් කිසි ගැටලුවක් තියෙන නිසා තමයි. සාමාන්‍යයෙන් මේ රටේ කොන්ත්‍රාත් ලැබෙන්නේ, ඉහළම බලවතාගේ පටන් පහළම කෙනා දක්වා දොළ පිදේනි ලැබදෙන්න පුළුවන් නම් පමණයි. එහෙම දෙනකොට වැඩේ හරියට කරගන්නට බැරිව කොන්ත්‍රාත්කරු හිරවෙනවා. කාටත් හොරෙන් රටේ වැඩ කෙරෙන්නේ එහෙම තමයි. කොයි දේශපාලකයා බලන්නෙත් හම්බකරන්න. එය තමයි සත්‍යය...
මාත් මේ අසපුවේ ඉගෙන ගෙන තියනවා
සසර වසන තුරු නිවන් දකින තුරු යලි උපදින්නට හේතු වාසනා වේවා
මේ කොන්ත්‍රාත්තුව දීලා තිබෙන්නේ යහපාලන ආණ්ඩුවෙන්. ඉවර කරන්න නියමිත වෙලා තියෙන්නෙත් ඒ ආණ්ඩුව කාලේමයි. ඒ කාලේ හිටපු ජනාධිපති මෛත්‍රි විතරක් නෙවෙයි, අගමැති රනිල් පවා මේ දේ කරන්න පොරොන්දු වුණාලු. එකල ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් වැඩේ කරගන්න බාරවුණාලු. එතකොට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පස් වතාවක් හෙව්වත් වැඩේ කරන්න බැරි වුණාලු. එහෙනම් පොරොන්දු දීපු අගමැති රනිල් හා වැඩය බාර ජනමාධ්‍ය ඇමැති මුකුත් හෙව්වේ නැද්ද? කවුද ඔය කොන්ත්‍රාත්තුව දුන්නේ... අනික නිවාස හා ඉදිකිරීම් වගේම සංස්කෘතික අමාත්‍යාංශ ඒ ආණ්ඩුවෙත් තිබුණා නේද? ඒ ඇමතිලාට ඔය ගැන වගකීමක් නැද්ද? දැන් මේ ආණ්ඩුවට මෙතන හැමදෙනාම වගේ බනිනවා ඔය වැඩේ නොකර ඉන්නවා කියලා. ආණ්ඩුවට තාම අවුරුදු දෙකක් නෑ. එයින් අවුරුදු එකහමාරක කාලයක් තිස්සේ අපිත් ලෝකේ අනික් රටවල වගේ කොරෝනවෙන් බැටකනවා. නමුත් 2016-2019 එහෙම තිබුණේ නෑ. මේ ගැන ඒ කාලයේ හිටි අගමැති සහ වගකිවයුතු ඇමැතිවරු උත්තර දෙන්න ඕනෑ.
මහජන මුදලින් වෙන දේවල් ඔහොම තමයි.. ගසා කාලා ඉවරයි.. ඕකෙන් දැන් වැඩක් නැහැ අදාල අයට...
මෙම ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව භාරගත් සමාගමේ නම පලනොකිරීම නිසා නැවතත් රජය මේ සමාගමේ ගැටවලට අසුවෙනවා .
මිය ගියාට පස්සේ තමන්ගේ නමින් අසපු හදාගන්න බලාගෙන ඉන්න අනික් අයටත් මේක හොඳ පාඩමක්. ඉන්න කාලේ තමන් මහන්සි වෙලා අනිත් අයට බරක් නොවී තමන්ගේ නමින් මේවා හදාගන්න. නැතිනම් හුළං තමයි.
මැණිකේ මගේ හිතේ...
ඒ ආණ්ඩුවේ හිටපු මොංගල් සෙට් එක තමයි දැන් එළියේ තප්පුලමින් බලය ඉල්ලන්නේ. දීපු පොරොන්දුවක් වත් කරගන්න බැරි වෙච්ච සෙට් එකක්. හිටියා නම් බලන්න තිබ්බා කොරෝනා තප්පුව..
එතුමා වෙන රටක ඉපදුණා නම් නිසි ගරුත්වය ලැබිලා.. මේ රටේ උද්දච්ඡ, අමන පාලකයින් හරියට මේවායේ වටිනාකමක් දන්නේ නැහැ..
වගකිව යුතු බලධාරීන් මේ ගැන අවධානය යොමු කරන්න
දැන්නම් ඉතින් වෙනකාට හරි තමයි උපහාර කරන්න වෙන්නේ...
කාව හරි විකුණගෙන කාලා පුරුදු කළා ක්ෂේශ්ත්‍රයේ අමනයින් අමරදේව සුරීන්ට උපහාර උළෙලක් පවත්වා එතුමාගේ ගීත ගායනා කොට ගානක් පොකට් එකට දමා ගන්න තක්කඩි නලාකාරයෝ ඉදිරිපත් උනේ නැත්නම් තමයි පුදුම වෙන්න ඕනා. අද හෙටම විකුණගෙන කන වැඩේ පටන් ගනියි. සාරි පොටවල් වලින් කඳුළු පිහින දේශප්‍රේමී නිළියොත් ඉඳියි එතන, ජීවිතේටවත් අමරදේව මහතයා දැකලා වත් නැති අය කියයි ඔවුන්ගේ මිත්‍රත්වය.. අනේ අපි නම් රැවටෙයි ඕවට??
දේශපාලකයෝ නිකම් තියන කටට එන එක එක පොරොන්දු දෙනවා කෝමත්. එවලෙට එන ගැම්ම ආයේ උන්ට එන්නේ නෑ. ආයේ එන්නේ විපක්ෂය කාලේදි අලුත් මාතෘකාවක් හදලා තින ප්‍රශ්නය යට ගහන්න දෙයක් ඔන වුනාම. අමරදේව මාස්ටර්ට අමුතුවෙන් අසපු හදන්න ඔන නෑ. හැම හදවතකම ඒ ආත්මිය කට හඩ වෙනුවෙන් නිසංසල අසපුවක් තීනවා. භක්මාවෂේශ තැම්පත් කරන්න එතුමා ආගමික සාස්තෘ වරයෙක් නෙමේනේ. අනවශ්‍ය දෙවල් කරන්නම් අපේ ලොකු අප්පොච්චිලාගේ හිත් පොජ්ජවල් නලියනවා. මේ රටේ වල්මත් වෙන සුභාවිිත සංගීතය ගොඩනගන්න අගයන්න මොනවා හරි කරපල්ලකෝ ඔච්චර කකියනවනම්.