(ඩයනා උදයංගනී සහ ළහිරු හර්ෂණ)
රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉවත් කෙරුණු සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (4) උදෑසන එම අමාත්‍යාංශයට ගොස් තමාට ලැබී තිබූ නිල රථය හා භාණ්ඩ යළිත් භාරදුන්නේය.
නිල රථය භාරදුන් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා තම ආරක්ෂක නිලධාරියකු ද සමඟ ත්‍රිරෝද රථයක නැගී ඉන් පිටව යනු දක්නට ලැබිණි.
''වාහන භාරදීලා දැන් මම ත්‍රීවීල් එකේ ගෙදර යනවා. යළිත් උසාවි ගිහින් වෘත්තියේ යෙදිලා වාහනයක් ගන්නවා. ඒවා හොරකම් කර ගන්නා ඒවා නෙවෙයි" යැයිද සුසිල් ප්‍රේමජයන්ත මහතා එම අවස්ථාවේ පැවසීය.

COMMENTS
තවත් ආටක, නාටකයක් පටන් ගන්න වගේ යන්නේ..
ගෙදර ගිහින් බෙන්ස් එකේ යන්ට පුළුවන්නේ.
වාහන භාරදීලා දැන් මම ත්‍රීවීල් එකේ ගෙදර යනවා. සුසිල් ඔබට මේක සටන් පාඨයක් කරගෙන දිනපතාම වොයිස් කට් දෙන්න හොඳ මාතෘකාවක්.
යළිත් උසාවි ගිහින් වෘත්තියේ යෙදිලා වාහනයක් ගන්නවා. ඒවා හොරකම් කර ගන්නා ඒවා නෙවෙයි" ඒවා ඇත්ත බොරු කරලා, බුරුව ඇත්ත කරලා ගන්න සල්ලි....
බොරු රඟපෑම්. කවුරුත් එකයි ඔය පාර්ලිමේන්තුවේ ඉන්න.
බොරු සෝබන. ඕවාට රැවටෙන මිනිස්සු දැන් නෑ මහත්තයෝ...
මීට කලින් ලැබුණු වාහන පර්මිට් වලට මොකද වුනේ...?
පව්නේ... මෙච්චර කාලයක් තමන්ට කියලා වාහනයක් තිබිලා නෑ. ඔන්න විශ්වාස කළා...
මේවායේ ප්‍රතිවිපාක රජයට ඉතා උපද්‍රව සහිතයි.
ඇයි එහෙම කියන්නේ වාහන බලපත්‍රයට ගත්ත වාහනය ඇති නේද? ඇයි ඇමැතිට දුන්නු වාහනය දුන්නා නම් ආරක්ෂක නිලධාරියා බාර නොදුන්නේ...? මේවා ශෝබන වැඩ සහ ශෝබන කතා. මේ කරන්නේ ඉදිරි මැතිවරණය සඳහා කැලෑවෙන් වැසුණු ජයග්‍රහණය සඳහා ඇති පාර එළි කිරීමයි...
පොදි ගහපුවා ඇති බැංකුවල, මේ රඟපෑම්...
වෙනසක් නැහැ. එතැන හිටියත් මිනිස්සු සල්ලිවලින් කාර් ගත්තේ.., ගෙදර ගිහිල්ලත් ගිනි කන සල්ලිවලින් තමයි කාර් එකක් ගන්න යන්නේ. කොහෙන් ගියත් අහිංසක මිනිස්සුන්ගේ සල්ලි. මොකද දාඩිය මහන්සියෙන් හම්බ කරනවා නෙවෙයිනේ..?
ඕවට කියන්නේ ශෝභන කියලා... වෙන කාර් නැතිලු නේද? හිනායනවා හැබැයි කටින් නෙවෙයි...
අනේ ඇත්තටම මේ මිනිස්සු හිතන් ඉන්නේ රටේ ඔක්කොම බූරුවන් කියලද මෙයාලගේ රඟපෑම් විශ්වාස කරන්න..?
නියම නළුවා.. කලින් සෝමේ අයියට හම්බවෙලා තිබ්බා නම් චිත්‍රපටියකට ගන්න තිබ්බා...
මේක තනිතරම සුසිල්ගේ රඟපෑමක්....
තක්කඩි කරන ගොන් ජෝක් දැකලා අපිත් චූන් වෙයි කියලා වෙන්න ඇති ඔවුන් හිතාගෙන ඉන්නේ? අනේ අපිට නම් අර කොහෙන්ද මන්දා හිනායනවා මේ විපරීත දැකලා...
මෙය වාහන බලපත්‍ර අරගෙනම නැද්ද ?
දැන් එතකොට උසාවියේ වැඩට යන්නෙත් ත්‍රිවිල් එකෙන්ද.?
කැබිනට් රැස්වීම් වල කතා කලයුතුදේ නැතිනම් පක්ෂයේ රැස්වීම් වල කතා කලයුතුදේ එළිපිට කතා කිරීම වැරදී. ගෙයි ගිනි පිටතට දෙන්න එපා කියන කතාව අහලනැද්ද? පිහාට්ට වැටුනම ජෙප්පෝ කියන්නේ පිහාටු වමනේ කළා කියලා.
ඔව් ඔව්.. පාරේදී සෙරෙප්පුව කැඩුණොත් පයින් යන්න වෙනවා...
කාටද අප්පා මේ බොරුව පෙන්නන්නේ? 2000 ඉඳන් ඇමැතිලු.. පාර්ලිමේන්තු ඉන්නවලු. දුන්නු පර්මිට්වලින් ගත්ත වාහන කෝ? හැමදාම මෙයාලට මෙහෙම මිනිස්සු අන්දන්න බෑ. කැබිනට් ඇමැතිකමක් නොලැබුණාට කයිවාරු ගැහුවා මුදුනා වෙන්න. දැන් යන්න වුණා. හෙණම ගහන්න ඕනෑ..
ටික කලක් යනකම් ඉතින් මෙයා මෙයාගේ අඳෝනාව මාකට් කරයි... හරියට විජේදාස රාජපක්ෂ වගේ... එයා දැන් කෝ?
අවුරුදු 20 කට වඩා පාර්ලිමෙන්තුවේ ඉඳලා කාර් කට්ටක්වත් ගන්න බැරි වුනානම්, රටට කරපු සංවර්ධනය ගැන හිතාගන්න පුලුවන්. අසාර්ථකම පාලකයෙක්
පව් අනේ ගෙදර නෝනා යන්නේ බස් එකේ වෙන්න ඇති.බස් ගාස්තුත් වැඩි වෙලා
අධ්‍යාපන ඇමති කාලේ පාසල් වලට ළමයි දාන්න නෝනා ගත්ත සල්ලි වලින් ටිකක් නෝනාගෙන්ම ඉල්ලගෙන පරණ කාර් එකක්වත් ගන්න මහත්තයෝ
තීරු බදු රහිත බලපත්‍ර යටතේ මිලදී ගත් මෝටර් රථවලට සිදු වූ දේ. පසුගිය කාලය තුළ ඔහු අවම වශයෙන් බලපත්‍ර 5 ක් ලබා දෙනු ඇත.
ලිෆ්ට් එකක් දෙන්නවත් කෙනෙක් නැද්ද? මෙයාව ඒ තරමට මිනිස්සුන්ට අප්පිරිය වෙලාද?
මෙච්චර කල් පර්මිට් වලට ගත්තු වාහන විකුණලාද...?
හිටපු මැතිඳුනි, අපේ ඇහැට සිනා කඳුලක් දෙන්න පවුලේ කෙනෙකුගේ බර කරත්තෙන් යන්න තිබුණේ...
නාඩගම්කාරයෝ...!
මේවා ලංකාව වගේ දුප්පත් මානසිකත්වයක් තියන මිනිසුන්ට හෙන මැජික්