IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සැමට සෙවණින් අශෝකපුරට නිවාස 98ක්

(ජයමාල් චන්ද්‍රසිරි)

නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කෙරෙන ‘සැමට සෙවණ‘ නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදිවූ නාත්තණ්ඩිය අශෝකපුර ආදර්ශ ගම්මානය විවෘත කිරීම අද(18) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

එම ව්‍යාපෘතිය යටතේ අශෝකපුර ඉදිකළ නිවාස 98ක් අද විවෘත කිරීම සිදුවිය.

 

 



අදහස් (13)

සැමට සෙවණින් අශෝකපුරට නිවාස 98ක්

piyal Wednesday, 18 October 2017 11:59 AM

පක්ෂයේ නායකත්වය ගන්න හොරගල් අහුලන සජිත් මහතා කපන්න බැරි අත සිඹින්න හදනවා.

:       57       1143

Raveendra Wednesday, 18 October 2017 12:05 PM

මේවා තම තමන්ගේ පුද්ගලික මුදල් වලින් සාදා මහජනතාව වෙත බෙදා දෙන්නේ නම් අප මෙම මහජන සේවකයන්ට අපගේ හිස නමා ආචාර කල යුතුය. තවද මෙම නාමපුරු එකක් නොව, සියයක් තැබුවත් අපට නම් කිසිදු ගැටළුවක් නොමැත. නමුත් මේ සියළුම මුදල් ඔබගේත් අපගේත් මුදල් වන අතර මෙවැනි උත්සව වලට මොනතරම් මුදල් නාස්තිවන්නේද යන්න අප රටේ තිබෙන්නා වූ අනේකවිද " කාලකණ්ණි, තුප්පහි, හිඟන " පක්ෂවලට කිසිම හැගීමක් නොමැත. එබැවින් රතු, කොළ, නිල් පක්ෂ තුන්කට්ටුවම කිසිදු හිරිකිතයකින් තොරව යහමින් මහජන මුදල් නාස්ති කිරිම පිළිබඳව මෙයද ඉතා හොඳ උදාහරණයකි.

:       113       2245

sachithThursday, 19 October 2017 03:48 AM

ඔබතුමාගේ මතය 100% නිවැරදියි. බහුතරයක් ජනතාවත් ඔය මතේම ඉන්නවා. හැබැයි ඡන්දේ දවසට පුරුදු පරිදි මේ වගේ ජනතාවගේ මුදල් තමන්ගේ මුදල් වගේ පෙන්නලා වැඩ කරන දේශපාලන පක්ෂ වලට කතිරේ ගහල ඇවිත් හුල්ලනවා. කන්න නැතුව සාගතේ ඉන්න රටක් කීවට අද ඉතියෝපියාවත් සමහර අංශ වලින් අපිට වඩා ඉහළට ගිහින්.

:       67       320

konara Wednesday, 18 October 2017 12:07 PM

තවම සමහර ගෙවල් වල වැඩ සම්පුර්ණයෙන්ම ඉවර වෙලා නැති හැඩක් තමා පෙන්නේ. නමුත් සිහිවටන ඵලක දෙකේ නම් වැඩ ඉවර කරලා තියෙනවා නියමෙට. කීයක් විතර ගියාද ඕකට? මගේ අම්මේ මේකෙ ලොකු.

:       55       288

Saman Wednesday, 18 October 2017 01:05 PM

අර දින 100 හැදුව නිවාසවල දැන් මිනිස්සු පදිංචි වෙලාද?

:       41       252

Anusha Thursday, 19 October 2017 02:46 AM

මේ වගේ දේවල් බලාගෙන ඉන්න බැරි මිනිස්සු අද ඉන්නේ,

:       22       153

lusena Thursday, 19 October 2017 02:50 AM

හැමදාම ගෙවල් බෙදාදෙනවා අපි රුපවහිනිවල දකිනවා. නමුත් ලොරිවල දිවිගෙවන අරාජික පැල්පත්වල ජනතාව තවමත් ලංකාවේ තැනින් තැන ජීවත් වෙනවා. හැමදෙයක්ම හම්බන්තොටට කරන්නේ නැතුව නිවෙස් අත්‍යවශ්‍ය ජනතාව හොයල බලලා මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට දැන් කාලයයි. මේ කරන්නේ තමන්ගේ චන්ද ගොඩ වැඩිකර ගැනීමට පාක්ෂිකයන්ට අල්ලස් දීමයි.

:       28       51

rohana Thursday, 19 October 2017 03:27 AM

රවින්ද්‍ර සහ සමන් ගේ අදහස් පිළිකුල් සහිතව හෙලා දකින අතර මෙවැනි කුහක අදහස් දැමීමෙන් වලකින මෙන් ඉල්ලාසිටිමි.

:       78       324

Sandun Thursday, 19 October 2017 03:58 AM

පොල් වත්තක් නේද කපලා ගෙවල් හදලා තියෙන්නේ. පොල් ගෙඩිය රුපියල් 120 ට යන එක අහන්ඩ දෙයක් නැහැ නේ ? ග්‍රාමීය පරිසරයක වුනාට කමක් නැහැ. කරුණාකරලා තට්ටු නිවාස ක්‍රමයක් ගැන බලන්න.නාගරික ප්‍රදේශවලට විතරක් තට්ටු නිවාස ක්‍රම සීමා කරන්න එපා. ඉඩම් කොහෙත් වටිනවා.

:       49       168

RaveendraThursday, 19 October 2017 08:51 AM

ඔබගේ අදහසට අප ගරු කරන්නෙමු. අපගේ මෙම අදහස් කිසිදු කුහක කමකින් නොකළ අතර මෙතෙක් අපගේ මවුබිමේ සිද්ධවුණත් සිදුවන්නේත් මෙය බව අප කණගාටුවෙන් සදහන් කරන්නෙමු. අප කිසිදු පක්ෂයකට ගති නොවන්නෙමු. මොන පක්ෂය බලයට ආවත් අපට නම් කිසිදු ගැටළුවක් නොමැත නමුත් මේ නාස්තිකරන්නේ ඔබගේත් මගෙත් අපගේ මවුබිමේ මුදල් බව ඔබට නොතේරීම ඉතාම අවාසනාවකි. කොළ,රතු,නිල් මොන හරක බලයට ආවත් අපටනම් අදාළම නැත. අප ජිවත්වන පරිසරයේ නම් මෙවැනි කිසිදු හිගන විවෘත කිරීම් හෝ මුල්ගල් තිබීම ද නොමැත.

:       0       577

vipula Thursday, 19 October 2017 06:00 AM

මේ නිවස හදන එක හොදයි මේ වෙනකොට ප්‍රේමදාස මහත්තය මහින්ද මහත්තය සජිත් මහත්තය ගෙවල් හදල දීල තියෙනවා.... අපේ බදු මුදලින් ගෙවල් හදල දෙනවට වඩා මේ මිනිසුන්ට අදායම් මාර්ගයක් හදල දීල දීර්ඝ කාලීන පොලී රහිත ණය මුදල් ලබා දීල ඔවුන්ටම ගෙවල් හදාගන්න කිවුවනම් හොදයි නේද බදු මුදලත් ඉතිරි වෙනවා දේශපාලකයන්ගේ කාලයත් ඉතිරි වෙනවා

:       0       0

Chula Seneviratne Thursday, 19 October 2017 06:10 AM

මොනවා කලත් එකේ වැරදි පැත්ත දකින්නේ නැතුව යහපත් පැත්ත දකින්න පුරුදු වෙන්න.

:       0       0

Hafeel Thursday, 19 October 2017 10:00 AM

අනේ ලජ්ජා නැතුව මේ අගමැති යනවනේ සජිත්ගේ උත්සවයට. සජිත්ව ඉදිරියට එන්න බැරි තරමට කල හැකි සේරම මේ අගමැති කළා. කාලයක් නියෝජ්‍ය නායකත්ව දුරයත් පක්ෂ ව්‍යවස්ථාවෙන් අයින් කළා. මදිකමට කරු ජයසූරිය මහතාව නියෝජ්‍ය නායකත්වයට ගෙනාවා. රවිටත්, ෆොන්සේකාටත් ඒ තනතුර දෙන්න හැදුව. දැන් වෙලා තියන්නේ සජිත්ගේ වැඩ පමණයි එක්සත් ජාතික පක්ෂයට ඉතුරුවෙලා තියන්නේ ජනතාවට පෙන්නන්න.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site