IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


සිගිරි බඹරු මට්ටු කරන්න බොකල වැල් කලාපයක්

(කාංචන කුමාර ආරියදාස)
 
සීගිරිය නැරඹීමට එන දෙස් විදෙස් සංචාරකයන්ට එල්ල වන  බඹර ප්‍රහාර වලින් ආරක්ෂා කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට මධ්‍යම සංස්කෘතික අරමුදල හා පරිසර  අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව සිංහ පාදය ආසන්නයේ යකඩ බට සිටුවා කොහු ලණු වලින් සැකසූ දිගැති ලණු වලින් සැකසුණු දිග පැදුරක් වැනි දෙයක් එල්ලා ඇති ආකාරය දැක ගැනීමට හැකි විය.

මෙම බඹර ආවරණය ඉදිකිරීම් කටයුතු 27 වැනි දා අවසන් වූ බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරි ව්‍යාපෘතියේ නිලධාරීහු පවසති. පසුගිය කාලයේ දිගින් දිගටම දෙස් විදෙස් සංචාරකයන්ට සීගිරිය සිංහ පාදය ආසන්නයේදී බඹර ප්‍රහාර වලට ලක්වන්නට සිදු විය.  

පරිසර අමාත්‍යාංශයේ  නියමු ව්‍යාපෘතියක් ලෙස බඹර කලාප සහ සංචාරක කලාප වෙන් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළ බවත් මෙම ලණු පැදුරු දිගේ බොකල වැල් සිටුවා  බඹර කලාපයක් සහ සංචාරක කලාපයක් වෙන් කරන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පැවසීය.

බොකල නැමති වැල්  මේ සඳහා උපයෝගී කර ගැනීමට පරිසර පරීක්ෂණ කණ්ඩායමක් ඉදිරිපත් වී සිටින බවත් හෙතෙම සඳහන් කළේය. 

 


 



අදහස් (4)

සිගිරි බඹරු මට්ටු කරන්න බොකල වැල් කලාපයක්

kumar (galf) Tuesday, 29 August 2017 06:04 AM

මේකත් තව පිස්සු වැඩක් වගෙයි පෙනෙන්නේ.

:       1       39

rasika Tuesday, 29 August 2017 10:34 AM

කුකුළු දැල් වැනි දැලකින් ගමන් මග ආවරණය කරන්න . අව්වත් අඩු වෙනවා .

:       6       0

azaam Wednesday, 30 August 2017 01:40 PM

අනේ මෙහෙමත් ගොන් වැඩ. පය බරවාවට පිටකර බෙහෙත් බැන්දාසේ. සීගිරියේ තියෙන ලස්සන නැතිවෙනවා ඔය කරපු වැඩෙන්. කම්බි බට දාලා කොච්චර කැතද? වෙන කරන්න දෙයක් තිබ්බේම නැද්ද?

:       0       0

perakumSunday, 17 September 2017 10:25 AM

හරියට හරි අසාම් නියම වැඩක්...! ඔය කියන "බොකල වැලේ" ඇති විශේෂ තත්වය මොකක්ද? ඒ හරහා බඹරුන්ට එන්න බැරිද? මොකක්ද මේ නාස්තිකාර වියදම? අපේ සල්ලි නේද...! පරිසර අමාත්‍යාංශයේ ඉන්න රට ගිහින් ඉගෙන ගෙන ආපු ලොකු මහත්තුරුන්ට වඩා අපේ ගමේ ඉන්න ගම මහත්තුරුන්ගෙන් ඇහුවානම් මේකට හොඳ පිළියමක් කියාවි. ඒත් ඉතින් අපේ දේවල් අපට අගයක් නැහැ නේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 350 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site