(රොමේෂ් මධුෂංඛ සහ සිතුම් චතුරංග)
කිලිනොච්චිය ශාන්ත තෙරේසා බාලිකා විද්‍යාලයේ 11 වසරේ සිසුවියනට පාසල් පංති කාමරයක් නොමැතිවීමෙන් අවුරශ්මියේ විභාගය ලිවීමට සිදුවීම හේතුවෙන් සිසුවියෝ දැඩි පීඩාවන්ට පත්වූහ.
සිසුවියන්ට පංති කාමරයක් නොලැබීම හේතුවෙන් පාසල් ගොඩනැගිල්ලේ මිදුලේ විභාගය ලිවීමට සිදුව ඇත.
එහිදී ඇතම් සිසුවියන් අව් රශ්මිය බේරෙන්න යතුරුපැදි හෙල්මට් සහ කුඩ ඉහලාගෙන විභාගයට පෙනී සිටි අයුරු දැකගත හැකි විය.
මෙලෙස සිසුවියන් එලිමහනේ විභාගය ලිවීම සම්බන්ධයෙන් සිසුවියන්ගේ මාපියන්ද දැඩි අපහසුතාවයන්ට පත්වූ බවත් එලිමහනේ මෙලෙස විභාගය ලිවීමට සිදුව ඇත්තේ පාසලේ විදුහල්පති සහ ගුරු මණ්ඩලය අතර ඇති වූ මත ගැටුමක් බවද සිසුවියන්ගේ මාපියෝ පවසා සිටියහ.
එමෙන්ම විභාගය පැවත්වීමට පහසුකම් ඇති ශාලාවක් මෙන්ම පංති කාමරයක් තිබියදී තම තරුවන් මෙලෙස දැඩි අව් රශ්මියේ විභාගය ලිවීම ඉතා ඛේදනීය තත්වයක් බවටත් පාසලේ විදුහල්පති මෙයට වගකිව යුතු බවටද දෙමාපියන් වැඩිදුරටත් පවසා සිටියහ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
විදුහල්පතිගේ ආරෝවෙන් දරුවෝ අව්වේ විභාග ලියති
prasanna Monday, 13 March 2023 10:00 PM
කලින් අවුරුදු වල කොහොමද විභාහගයට ළමුන් ලියුවේ ?
Perera Tuesday, 14 March 2023 03:27 AM
ආසියාවේ ආශ්චර්ය
සෙල්ලසාමි Tuesday, 14 March 2023 07:14 AM
තිරිසනෙක් කියන්න පුළුවන් හරියට ලංකාවෙ පාර්ලිමේන්තුව 225 උන්දැලා වගේමයි
චිරන්ත Tuesday, 14 March 2023 07:32 AM
මේ විදුහල්පති මිට්ට තට්ටෙගෙ සංගමයේ ප්‍රභලයෙක් වෙන්නම ඕන එහෙම නැත්නම් උසස් පෙළ පිළිතුරු පත්‍ර පපරීක්ෂා නොකරන පිරිසේ කෙනෙක්ම වෙන්න ඕන දරුවනේ නුඹලාවත් වැඩිහිටියන් වුනු දවසක නුඹලාට පසුව උපදින දරුවන්ගේ අනාගතයට බාධා නොකිරීමට හිතාගෙන හොද පුරවැසියන් වෙන්න අදිටන් කරගන්න
Lalla Tuesday, 14 March 2023 08:41 AM
පාසලේදී ගනන්කාරයා පාරෙදී බල්ලෙක් කරන්න ඕන. වෙන මොන නීතියද කැලෑ නීතිය ක්‍රියාත්මක කිරීම මිසක්..
Bunny Preena Tuesday, 14 March 2023 09:57 AM
විදුහල්පති දේශපාලුවෙකුගෙ අතකොලුවෙක් වෙන්ට ඔනෙ නැතිනම් කිසිම බයක් නැතිව මෙවැනි අමානුශික දෙයක් කරයිද.
ura Tuesday, 14 March 2023 11:33 AM
වැරදි ආකල්ප සහ මමත්වය පාලනය කරන සියලුම මෝඩයන් අප සිටින තාක් මේ රට කිසිදා නිවැරදි මාවතකට නොයනු ඇත
ගමේ එකාලා Tuesday, 14 March 2023 01:43 PM
පපුවේ කිසිම තෙතමනයක් නැති කාලකන්නි පිනා...
Hafeel Tuesday, 14 March 2023 02:27 PM
ඇත්තටම හරි කනගාටුයි. මේ සිසුවියන්ගේ මාපියන් දැන්වත් අවදි වෙන්න ඕන. ඔවුන් පත් කරන මන්ත්‍රීලා මේ වගේ අත්‍යවශ්‍ය කටයුතු පෙත්තකට තියල, ඉල්ලන්නේ ඉතිහාසයේ නොලබන ෆෙඩරල්, ස්වං පාලනය, උතුරු නැගනහිර ඒකාබද්ධ කිරීම වගේ අනවශ්‍ය ඉල්ලීම්. අනික මේක සිදු වෙලා තියන්නේ අර මැරිච්ච ත්‍රස්තයන් වෙනුවෙන් බුරන ශ්‍රීදරන්ගේ ආසනයේ. මෙම සිසුවියන්ගේ මාපියන් පත් කරන මන්ත්‍රීලාගේ කිසිම දරුවන් මෙවැනි පාසල්වල ඉගෙන ගන්නත් නැහැ. ඔවුන්ගේ දරුවන් ඉගෙන ගන්නෙත් කොළඹ සුපිරි පාසල්වල. දකුණේ දේශපාලුවොත් එහම තමයි. මෙම සිසුවියන්ගේ මාපියන් දැන්වත් බුද්ධිමත් වෙන්න ඕනේ.