
සිංහල දමිල අලුත් අවුරුද්ද පිළිගැනීමට සියලු දෙනා සූදාමින් සිටිති. ජ්‍යෝතිෂ්‍යයට අනුව තවත් හෝරා කීපයකින් අලුත් අවුරුදු උදාව සිදු වෙයි.
අප්‍රේල් 14 වැනිදා පූර්ව භාග 2.17 තත්පර 17 සිට අපර භාග 3.05 තත්පර 17 දක්වා පුණ්‍ය කාලය බැවින් පරණ අවුරුද්ද වෙනුවෙන් වැඩ අත් හැරීම බ්‍රහස්පතින්දා පූර්ව භාග 2.17 තත්පර 17 සිදු කළ මැනවි.
අලුත් අවුරුද්ද 13 වැනි බ්‍රහස්පතින් දා 8.41 තත්පර 17 උදාවෙයි. අප්‍රේල් 14 පූර්ව භාග 9.05 රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා දීකිරි මිශ්‍ර කිරිබතක් ද උඳුපිටි මිශ්‍ර කැවිල් වර්ගයක් ද පිළියෙළ කර ගැනීම මැනවි.
අප්‍රේල් 14 පූර්වභාග 10.17ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනු දෙනු කොට ආහාර අනුභවය සුදුසුයි.
හිසතෙල් ගෑම අප්‍රේල් 17 වැනි ඉරිදා පූර්ව භාග 07.04ට දකුණු දිශාව ලබා හිස ඉඹුල් පත් ද පයට නුග පත් ද තබා රතු සහ කහ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී ඉඹුල්පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය මැනවි.
අප්‍රේල් 18 වැනි සඳුදා පූර්ව භාග- 06.51ට ශ්වෙත වර්ණ වස්ත්‍රාභරයෙන් සැරසී කිරි සහ මිශ්‍ර කිරිබත් හා කැවිලි අනුභව කර දකුණු දිශාව බලා පිටත්ව යෑම මැනවි.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලක්වාසී සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා !!!!