
(රොමේෂ් මධුෂංක
යාපනයේ ක්‍රියාත්මක වන ආවා කල්ලිය සහ කැනී කල්ලිය අතර අද (24) දින චුන්නාකම් ප්‍රදේශයේදී වාහනද භාවිතා කරමින් සිදු වූ ගැටුමකින් සිව්දෙනකු තුවාල ලබා ඇතැයි යාපනය පොලීසිය පවසයි.
යාපනය කංකසන්තුරෙයි මාර්ගයේ චුන්නාකම් මංසන්ධිය ප්‍රදේශයේදී අදාල කල්ලි දෙකේ සාමාජිකයින් කාර් රථයකින් සහ කැබ් රථයකින් මුහුණට මුහුණ ගැටී ඇති අතර වාහන දෙක ගැටීමෙන් අනතුරුව එහි සිටි සාමාජිකයෙන් තියුණු ආයුධ අතැතිව පහරදීගෙන මාර්ගයේ ගමන්ගත් ජනතාවටද තියුණු ආයුධවලින් පහරදී පලා ගොස් ඇතැයි වාර්ථා වෙයි.
අදාල ගැටුමෙන් මෝටර් රථයකට සහ කැබ් රථයකට මෙන්ම යතුරුපැදියකටද බරපතල හානි සිදුව ඇත.
වාහන දෙක මුහුණට මුහුණ ගැටීමෙන් සහ තියුණු ආයුධවලින් පහරදීගැනීම හේතුවෙන් දෙපාර්සවයේ සාමාජිකයන් සහ මාර්ගයේ ගමන්ගත් මගීන්ද ඇතුලුව සිව් දෙනකු තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කල බවට පොලීසිය පැවසීය.
ගැටුම ඇති වී ඇති පිරිස් ආවා කල්ලියේ සහ කැනී කල්ලියේ සාමාජිකයින් බවට සැකපල කරන අතරම දෙපාර්සවය අතර වූ ආරවුලක් මත මෙලෙස ගැටී ඇතැයිද පොලීසිය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතුටුයි
මේකටත් ජනීවා යාවිද?
මෙතන සතුටු වෙන්න දෙයක් නැහැ. පොලිසිය දැන්ම ඉඳන්ම හරියට වැඩ කලේ නැත්නම් පසුවට ප්‍රශ්න වෙන්න පුළුවන්.
මේක රාජපක්ෂලාගෙම කුමන්ත්‍රණයක් වෙන්න බෑද?
ආර්ථික අර්බුදය නිසා උතුරේත් දකුණේත් තරුණයන් ඉතාමත් අසහනකාරී මානසික මට්ටමකයි සිටින්නේ.
යාපනයේ ක්‍රියාත්මක වන ආවා කල්ලිය සහ කැනී කල්ලිය අතර සිදු වූ සහ සිදුවන ගැටුමට දඩුවම් ලබාදෙනවා සේම මෙම ගැටුමට හේතුව කුමක්ද කියා සොයා බලා එයට විසදුම් ලබා දිය යුතුවේ.
ඡන්දෙ ලඟයිනේ. දැන් ඉතින් ආවා, ගියා කල්ලි වගේම කොටිත් නැගිටලා රට බේරගන්න අවසාන අවස්ථාවක් එයි වගේ.
ඉක්මනින් ඝාමය උදාවේවා. තුවාලකරුවන් ඝුවපත් වේවා
මුන්ට පිස්සු. යුද්දෙ කාලේ කොහෙද දන්නේ නෑ මේ කල්ලි හැංගිලා හිටියේ.
මේවා මුල් කාලෙම නතරකරගැනීම ඇඟට ගුණයි. පොඩි පොඩි කල්ලි වලින් තමයි මහ විනාශයක් ලං කරගත්තෙත්. ආයේ එවැන්නක් නොවීමට සියලු වගකිව යුත්තන්ගේ ඇස් ඇරේවා.
කොටි හිස ඔසවනවා වගේ මෝඩ තීරණ ගන්නේ නැතුව නාමල් රාජපක්ෂ බලයට ගේන්න. මේ රට බේරා ගන්න පුළුවන් රාජපක්ෂලාට විතරයි.
ලඟදි ඡන්දයක් එනවා වත්ද අප්පා ? සහරාන් කියල මනුස්සයෙක් ගැන මතක් වෙන්නේ මට විතරද ?
ප්‍රශ්න තේරුම් ගැනීමටත් ප්‍රශ්නය විසඳීමට සුදුසු පියවර ගැනීමටත් බුද්ධිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පොලිස් දෙපාර්තමේන්තුවේ සිටිය යුතුය.