
ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැළියට සහභාගි වීමට පැමිණි හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා කොළඹ ගාලු මුවදොර පිටියට පාක්ෂිකයන් එක්රැස්වන තුරු ගාලු මුවදොර ඉදිරිපිට පිහිටි ටාජ් සමුද්‍ර හෝටලයේ රැඳී සිටියේය.
එහි ඉහළම මාලයේ රැඳී සිටිමින් ගාලු මුවදොර පිටියේ සිදුවන දෑ පිළිබඳ විමසිල්ලෙන් සිටි රාජපක්ෂ මහතා තමන්ට අත වනන පාක්ෂිකයන්ට ආචාර කිරීමටද අමතක නොකළේය.





(ඡායාරූප - කුෂාන් පතිරාජ)
COMMENTS
ඇයි ප්‍රශ්නයක්ද ? ඔහුට හිමි තැන ඉහලම මාලයයි
ඉර හද පවතිනතුරු ඔය පරතරය තියේවි
මේ වියදම් මොන පොතට එකතුවෙයි ද දන්නේ නෑනේ. එලිය ඉන්න එක මිනික් හරි ටජ් සමුද්‍රයේ ඇතුලට ගින් තියෙනවද දන්නේ නැ
කොහොමත් මේ පැලැන්තිය ඉන්නේ ඉහල මාලවල තමා. පහල මාලවල ඉන්න අයට ඕක තේරෙන්නේ නැති එකනේ කරුමේ. ලොක්කෝ ටික රැස්වීම ඉවර වෙලා ලැන්ඩ් කෘසර් වල නැගල ගිහින් තරු පහේ හෝටල් වල විස්කි බොනකොට දුප්පත් මිනිස්සු කට්ට කාගෙන ගෙවල් වල යනකොට පහුවද උදේ වෙලා. වාහන පාස් අරගෙන ලොක්කෝ වේදිකාව ගාවටම යනකොට සොක්කෝ බම්බලපිටියේ හන්දියේ බස් නවත්තල ඇවිදිනවා.
මුදුනටම නැගල එක පාරක් වැටුන හැටි මතක නැතිවෙලා වගේ ආයෙත් ඉහලටම නගින්න හදන්නේ.
යකෝ මේකනම් පුදුම රටක්.
ජය වේවා.
මෙවන් නූගත් මිනිසුන්...
මහින්ද අයෙත් රටේ උඩටම නගින දිනය වැඩි දුර නෙමෙයි. ජයවේවා
මොනතරම් දීනයෝ ඉන්නවද අපේ රටේ මේගොල්ලෝ අපේ ධනය හොරාකම් කරලා කරලා රට බංකොලොත් කරලා... සුනාමි සල්ලි හොරකම් කරපු කෙනෙකුට කුමන කතාද ? මෙයාට 1994 තිබුණේ එක ගෙයක් පමණයි. එකත් මිරිහානේ විතරයි. නමුත් අද?