IMG-LOGO

2023 මැයි මස 30 වන අඟහරුවාදා


මවකට ඔටුනු නොම වෙද සම්පත් සතර

 

එක කුස නිවුන් උපතින් එළිකර            ගෙදර

මවු - පිය යුවළකට ගෙන දුන් දිවි        මිහිර

ලැබ ගැනුමට පැමිණි මුල් දින සිප්      සතර

මවකට ඔටුණු නොම වෙද සම්පත්         සතර

පද ආරියසේන හඳුවල

(චමින්ද වැවතැන්න)

එකම මවු කුසින් එකම දා එකම වේලාවට පේරාදෙණිය මහ රෝහලේ දී මෙලොව එළිය දුටු  සිව් නිවුන් දරුවෝ අකුරු කිරීමට පළමුවරට මාවනැල්ල ජාතික පාසලට අද පිය නැගුහ.

මාවනැල්ල කරපනේ පදිංචිව සිටින 41 හැවිරිදි එම්,ඒ,ජී, සුමේධ ජයරත්න සහ 37 හැවිරිදි ඩී,ආර්,ඩී, එරන්දි ජයරත්න මවුපියන්ට දාවට උපන් එම්ඒ.ජී. සනුක සංකලන මහආරච්චි, එම්ඒ.ජී සසදි සනුත්මි මහආරච්චි, එම්ඒ.ජී සදසි සනෙත්මි මහආරච්චි සහ එම්ඒ.ජී සදති සදෙව්මි මහආරච්චි යන දරුවෝ මෙසේ පාසලට ආහ.

එම සිවුන් දරුවන් ඇතුළු දරුවන් 175 දෙනකු ඇතුළත් කර ගැනීම මාවනැල්ල කළාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා එම්,ඒ ප්‍රියංකා ප්‍රියදර්ශනී මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කළාය.

පසුව විද්‍යාලයේ සහකාර විදුහල්පති ශාස්ත්‍රපති පන්නල ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ විද්‍යාලයේ සේවය කරන ගරුතර මහා සංඝරත්නය ආගමික වතාවත් සිදු කොට ආශීර්වාද දරුවන්ට සෙත් පැතූහ.

පසුව සිව් නිවුන් දරුවන් ඇතුළත් කර ගැනීම විදුහල්පතිනිය සිදු කළාය. නවක දරුවන් කිහිප දෙනකුට කළාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා ප්‍රියංකා ප්‍රියදර්ශනී මහත්මිය හා මාවනැල්ල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිරෝෂා ප්‍රියන්ති මහත්මියන්ගේ සුරතින් සංකේතවත්ව පෙල පොත් ප්‍රදානය කෙරිණ.

 



අදහස් (6)

මවකට ඔටුනු නොම වෙද සම්පත් සතර

මැක්ස් Tuesday, 28 March 2023 04:32 PM

වාසනාවන් ආදරණීය දරුවනේ!

:       0       10

විජිත් Tuesday, 28 March 2023 05:16 PM

ආදරණිය දරුවනේ,ඔයගොල්ලෝ අද ජිවිත පොතේ අලුත්ම පිටුවක් ආරම්භ කරන්නයි මේ යන්නේ.ඒ යන ගමනට චුටි අත්වැලක් වේ යයි සිතන දෙයක් මම මේ ඔයාලාට කියන්න යන්නේ. අපි හිතමු අපේ ජිවිත කාලය අවුරුදු 80 යි කියලා. එතකොට ..අපේ පාසල් ගමන යන්න තියෙනවා අවුරුදු 12 ක් විතර. අපිට ජීවිතයේදී මුහුනදෙන්නවෙන දුක,වේදනා,අගහිඟකම් ,ඒ වගේම සතුට සමබරව විඳගෙන ,කාගෙන් හොඳ හිත දිනාගෙන ඉස්කෝලේ ගිහින් හොඳට ඉගෙනගෙන ( අධ්‍යාපනය සහ බාහිර ක්‍රියාකාරකම් ) විභාග සමත්වෙලා ,සමාජයට වැඩදායක පුරවැසියන් වුනොත් ..ජිවිත කාලයේ අවුරුදු 65 ක් විතර ඔයාලාට සතුටින් ජීවත්වෙන්න පුළුවනි. ඔබේ ජිවිත වලට නිරෝගිබව , උගත්කම, අවංකබව ,සහ නිහතමානිබව කියන මහඟු ආභරණ තිබෙන තාක්කල් ඔබව වට්ටන්න කාටවත්ම බැහැ.හැබැයි . ඉගෙනගන්න තියෙන අවුරුදු 12 නාස්තිකරගත්තොත් ඒ කියන්නේ පිස්සු නැටුවොත් . ඔයාලාගේ ජිවිතයේ ඉතිරි අවුරුදු 65 මහා දුක්බර කෙදවාචකයක් වෙන්න තිබෙන ඉඩ කඩ වැඩයි.ඒ නිසා අද පටන්ගන්න මේ අලුත් ජීවිතය වාසනාවන්ත එකක්ම කරගන්න නිතරම සිතට ගන්න, මම දන්නවා ඔයගොල්ලන්ට එය කරන්න පුළුවන් කියලා.වාසනාවන්ත අනාගතයකට සුබ පැතුම් මගෙනුත්. " හිටියොත් හොඳට හැදී - දෙවියොත් නමට වඳී "

:       0       18

බකසුමන Wednesday, 29 March 2023 12:47 AM

අනේ වාසනාවන්. වාසනාවන්ත දෙමව්පියෝ දෙන්නෙක්. දරුවනේ හොඳින් ඉගෙගෙන රටට, ජාතියට, ආගමට වැඩදායි පුරවැසියන් වෙන්න වාසනාව, ශක්තිය, ධර්‍ය ලැබේවා... ඔබලාට සුබම සුබ අනාගතයක්.

:       0       10

Hemantha Wednesday, 29 March 2023 07:12 AM

වසනවන්ත දරුවෝ, වසනවන්ත දෙමපියෝ. බුදුසරණයි හෙමෝටම!

:       0       0

Bunny Preena Wednesday, 29 March 2023 09:37 AM

හොඳ යහපත් පුරවැසියන් ලෙස රටට සේවයක් කිරීමට පලමුවරට පාසලට පැමිනෙන සියලුම දරුවන්ට වාසනා ගුන මහිමය ලැබෙවායි මම ප්‍රාර්තනා කරමි.

:       0       5

jagathwana Wednesday, 29 March 2023 10:01 AM

අනේ හරිම ලස්සනයි ... පින්වත් ලමයි 4 දෙනෙක්

:       1       8

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 5946 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7530 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18147 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1129 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9319 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 451 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි 2023 මැයි මස 29 46 0
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි

මැයි 23, 2023 - කොළඹ දී. දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක බදුපෙර ලාභයක් සහ රු. බිලියන 41.2 ක ඒකාබද්ධ රක්ෂණ වාරික අදායම් අගයක් වාර්තා

ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි 2023 මැයි මස 26 685 0
ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි

ආබාධිත තත්ත්වයන් හේතුවෙන් වෙනස්ව සැළකීම හා සබැඳි කථිකාවන් වෙනස් කිරීම තුළින් ඒ පිළිබඳව ඇති අපකීර්තිය වෙනස් කිරීම පිණිස Linea Aqua සමාගම හා එක්ව, ආබාධිත පුද්

ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය 2023 මැයි මස 23 466 0
ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය

කොළඹ ඩර්ඩන්ස් රෝහලේ අධ්‍යාපනික අංශය වන Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, පසුගියදා ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයක් වන සිඩ්නි තාක්ෂණ

Our Group Site