IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


මීතොටමුල්ලේ නිවාස අහිමි වූවන් 30 කට නිවාස

මීතොටමුල්ල කසළ කන්ද නාය යාමෙන් නිවාස අහිමි වූවන්ට නිවාස පිරිනැමීමේ වැඩසටහනේ මුල් අදියර යටතේ පූර්ණ හානියට පත් නිවාස 30 ක පදිංචිකරුවන් වෙනුවෙන් නව නිවාස ලබාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (21) සිදුකෙරිණි.

මෙම ව්‍යසනයෙන් නිවාස අහිමි වූ පවුල් 98 සඳහාම නිවාස ලබාදීමට රජය මේ වන විට කටයුතු සූදානම් කර තිබෙන අතර, එහි මුල් අදියර යටතේ නිවාස ලබා ගැනීමට කැමැත්ත පළ කළ පවුල් 30 ක් වෙනුවෙන් අද නිවාස පිරිනැමිණ. 
මෙම නිවාස වෙනුවෙන් රජය වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 3920 කි. එසේම එම නිවාස හිමියන්ට ගෘහ භාණ්ඩ මිලදී ගැනීම සඳහා එක් නිවාස ලාභියෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙක හමාරක මුදලක්ද ප්‍රදානය කෙරේ. 
අහිමි වූ නිවාසවල තක්සේරු කටයුතු සිදු කිරීමෙන් අනතුරුව වැඩි වටිනාකමක් පවතින්නේනම් නිවාසවලට අමතරව එම පවුල් වෙත මුදල් ලබාදීමට ද රජය ඉදිරියේදී කටයුතු කිරීමට නියමිතය. අදාළ නිවාසලාභීන් වෙත නිවාස ඔප්පු ආපදා කළමණාකරන අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ දී  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප‍්‍රදානය කරන ලදි. 

 



අදහස් (18)

මීතොටමුල්ලේ නිවාස අහිමි වූවන් 30 කට නිවාස

ajith Friday, 21 April 2017 02:07 PM

බොහොම හොඳ රාජකාරියක්...

:       201       652

samanFriday, 21 April 2017 04:08 PM

ඕව කරන්න තිබුනේ මේ මිනිස්සුන්ගේ ජිවිත නැති වෙන්න කලින්. දැන් පරක්කු වැඩියි

:       0       0

susil Friday, 21 April 2017 05:52 PM

ඔය ගෙවල් කුලියට දීල ආපහු අර නරකාදියට යන්න එපා, දරුවන්ගෙ අනාගතය ගැන හිතල ඔතනින් ඉස්සරහට යන්න.

:       0       0

Daham Friday, 21 April 2017 08:50 PM

මෙම නිවාස සැදීමට ගිය මුදල්ම මිස දේශපාලකයින්ගේ මුදල් නොවේ.

:       0       0

Daham Friday, 21 April 2017 10:52 PM

ඉහළ නිලධාරීන් සහ දේශපාලකයන් ඉන්න අවශ්‍යද ඔප්පු බාර දීමට? . හැමෝම ලකුණු දා ගන්නවා රටේ සල්ලි තමන්ගේ වගේ බෙදලා.

:       0       82

Daham Friday, 21 April 2017 10:55 PM

අසරණවූ මිනිසුන්ව බැලීමට ඔවුන් ලඟට නොගිය අය තමාගේ පා ලඟට අසරණයින්ව ගෙන්වාගෙන තමාගේ මුදලින් ගෙවල් බෙදා දෙනලෙස පෙන්වයි.

:       0       50

Daham Friday, 21 April 2017 10:56 PM

මේ තිස්දෙනාව තේරුවේ තමන්ට පක්ෂපාති ක්‍රමයටද ?

:       0       0

Nelum Friday, 21 April 2017 11:06 PM

මේක නම් හරිම කරුමයක් තමයි. හැමදේටම ජනපති සම්බන්ධ වෙන්න ඕනෑ. ඕ ලෙවල් හොඳට පාස් උනාම, උසස් පෙළ හොඳට පාස් උනාම, ඔලිම්පියාඩ් යන්න තේරුණාම, ඕනෑම මංගල්‍යයකට ජනපති ගාවට යන ඕනෙ. රටට කරපු දෙයක් නෑනෙ... පිටරට සවාරි ගහනවා. දේශපාලකයෝ ඔක්කොම එකම කුණු ගොඩක්. රට ගැන හරි දුකයි...

:       0       7

karu Saturday, 22 April 2017 04:30 AM

මේන් අප්පුඩි ගහන්න කාරියක්. මීතොටමුල්ලෙ මිනිස්සු තමන්ගෙ ගෙවල්වල ඉඳල අනුන්ගෙ කුණුවලට යටවුණා.

:       0       8

menna Saturday, 22 April 2017 06:54 AM

මෙතන ඉන්න කාටවත් අහේනියක් තියෙනවා කියල පෙන්නේ නැහැ. ලංකාවේ උඩ සිට පහළට වෙනකම් තියෙන මානසිකත්වය මේ පින්තුරවලින් හොඳටම පේනවා. හිගන්නාගේ තුවාලේ කවදාවත් හොඳ වෙන්නේ නැහැ.. වගේ දෙයකුයි මේ පින්තුර වලින් මට පෙන්නේ. කන බොන මිනිහට අසුචි යන එක සාමාන්‍ය දෙයක්. එකට මිනිස්සු වැසිකිළි හදනවා. ජිවත් වෙද්දී අපද්‍රව්‍ය බැහැර වෙන එක සාමාන්‍ය දෙයක්. එකට පිළියමක් නැහැ. පාරේ බැලු බැලු තැන් වල මිලියන ගණන් වල වාහන. ලංකාවේ මිනිසුන්ගේ මානසිකත්වය මට හොඳනම් අනෙකට හෙණ ගැහුවත් කමක් නැහැ කියන එකද? අයියෝ ලංකා!!

:       0       55

shan saudi Saturday, 22 April 2017 08:51 AM

ඉතා හොඳ ක්‍රියාවක්. ජනතාවට පහසුකම් ලබා දීමට අවැසි කාලය රජයට ලබාදීමට ජනතාව කාරුණික විය යුතුය. එක එක දේශපාලකයන්ගේ පුද්ගලික වුවමනාවන් පිරිමසා ගැනීමට කරන යටිඋගුල් වලට හසුවී උත්ඝෝෂණවලට නොපෙළඹී සාවධානව තමන්ගේ උරුමයන් රජයෙන් ලබාගැනීමට කාරුණික වන්න. එසේම එම කාරුණික බව ඇති කරගෙන ජනතාව අසරණ නොකර ඒ අයගේ අයිතීන් එක්මණින් ලබා දීමට හා ජන ජීවිතය සාමාන්‍ය අතට පත් කරවීමට රජය ක්‍රියා කල යුතුය.

:       0       0

samaSaturday, 22 April 2017 01:55 PM

දැන් අර "සාලාවේ" නිවාස නැති වුන අයට නිවාස දීල ඉවර ඇති නේද?

:       0       0

saman Saturday, 22 April 2017 09:27 AM

තව මාස කීපයකින් ඔය අයම උද්ඝෝෂණ කරයි "පොරොන්දු වූ නිවාස වහාම ලබාදෙනු" කියල. මොකද මෙතෙක් කල් අපි දැකල නැහැනේ කියපු කිසිම දෙයක් කරලා තියෙන බව. ඒ තරමට සරලයි.

:       0       75

prasanna Saturday, 22 April 2017 09:36 AM

එක ගෙදරකට ගිය ගාණද මේ... මේක හරි නම් මේකෙන් කීයක් ගහලද? කියලා හිතාගන්න පුළුවන්නේ...

:       0       5

mangala welarathna Saturday, 22 April 2017 10:25 AM

ලබාදෙන නිවස විකුණන්නට බැරි විදියට දෙන්න...

:       3       10

samanSaturday, 22 April 2017 01:51 PM

ඒ ඉතින් දුන්නොත්නේ......?

:       0       0

lalithsjm Saturday, 22 April 2017 11:03 AM

දැන් ඔක්කොම හරි හෙට ඉඳල කුණු දාන්න...

:       0       16

adiri Saturday, 22 April 2017 01:15 PM

මේවා හැදුවේ මහින්ද හා විමල්නේද ?

:       0       57

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 209 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 709 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 136 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site