
(එම් .සුසිල් ප්‍රියන්ත, සුගතපාල සහ කේ.ජී.ප්‍රේමතිලක)
මත්ස්‍ය වගාව වැඩි දියුණු කිරීමේ අරමුණින් භාවිතයෙන් ඉවත් කරන ලද ධීවර යාත්‍රා සහ බස් රථ මුහුදේ තැන්පත් කිරීමේ ව්‍යාපෘතියක් අද (27 ) පෙරවරුවේදී ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල ධීවර වරායේදී සිදු කෙරිණ.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා ධීවර දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාවට නැංවුණු අතර එහි මුල් අදියර යටතේ අද (27) භාවිතයෙන් ඉවත් කරන ලද ලංගම බස් රථ 04ක් මුහුදු පතුලේ තැන්පත් කිරීම සිදුකෙරිණි.
සයුර නෞකාව මේ සඳහා ප්‍රයෝජනයට ගෙන තිබුණි. ගාල්ල ධීවර වරායේ සිට කිලෝමීටර් 03ක් පමණ දුර මුහුදේ මේ බස් රථ තැන්පත් කිරීම සිදු කෙරිණි. මේ ආකාරයට ගාල්ල ධීවර වරාය පාදක කොට ගෙන ඉදිරි දින කිහිපය තුළම භාවිතයෙන් ඉවත් කරන ලද බස් රථ හා ධීවර යාත්‍රා මුහුදේ තැන්පත් කරන බව ධීවර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු කීවේය.
ගාල්ල ධීවර වරාය පාදක කොටගෙන මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළ පළමු අවස්ථාව මෙය වන අතර එය මෙරට තුළ ක්‍රියාත්මක කෙරුණු දෙවැනි අවස්ථාවයි. මීට කලින් පළමු වතාවට ත්‍රිකුණාමලය ධීවර වරාය පාදක කොට ගෙන මේ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් මෝඩයින් ඉන්න රටක්... මේ යකඩ උණුකරලා මොනතරම් වැඩ ගන්න පුළුවන්ද?
මේවා නම් මෝඩ වැඩ... සැවොම බලා උදම් අනමු.
නොදන්නා නිසා අහන්නේ... මේ තැන්පත් කිරීමෙන් රටට ලැබන ප්‍රයෝජනය හෝ වටිනාකම මොකද්ද? එ්කත් ඇමතිගේ ප්‍රධානත්වයෙන් මේක කරලා තියන්නේ?
ලෝහවලින් නිපයපු මේ වාහන මුහුදේ ගිල්ලුවාම මොකද වෙන්නේ? මේවා මුහුද යටම මලකඩ කමින් මුහුදු පරිසරය විනාශ වෙනවා කියලා දන්න කෙනෙක් මෙතන නැද්ද? මොනවද මේ දර්ශන..?
අර විල මැද බංගලාව මුහුදේ ගිල්වන්න බැරිද සෙට් එකම එක්ක?. මේ බස්රථ වලින් වෙන නිර්මාණයක් කරන්නම බැරිද?
මේ වගේ හරක්. ලොකේ ඕනෑතරම් දියුණු ක්‍රම තියෙනවා මාළු අභිජනනය කරන්න. බස් ටික රිසයික්ලින් කරන්න ඕනෑ. මෙවා ට උපදෙස් දෙන්නේ කව්ද දන්නේ නැහැ.
මේ මහා අපරාධය කරපු නිලධරයා විදුලිපුටුවට යවන්න. ශ්‍රී ලංකා රජය කරන මේ මහා අපරාධය ජිනීවා සමුළුවට පෙනේවා .
පොදු සහතික සාමාන්‍ය පෙළවත් සමත් නොවුණු පාලකයෝ ඉන්න රජයක මේවා අරුම, පුදුම වෙන්න දේවල් නොවෙයි. මොනවාහරි දර්ශන ටිකක් පෙන්වමින් කාලය කා දමමින් ඉතා හොඳින් බඩවඩා ගන්නවා. අහෝ මගේ රට...!!!
යකඩ ටික ප්‍රතිචක්‍රීකරණය නොකර මලකඩ කන්න දානවා. අත්අඩංගුවට ගන්න කහ, කහ වගාකර ගන්න බැරි අයටවත් බෙදා දෙන්නේ නැතිව පුච්චලා දානවා. අත් අඩංගුවට ගන්න සෙල්ලම් බඩු අනාථ නිවාස වලටවත් නොදී ගල් රෝලෙන් තලලා විනාශ කරනවා. මේ අය නම් හරක් තමයි.
වීදුරු පිටින්මනේ බස් ගිල්ලවන්නේ.., පොඩ්ඩක් අවුල් වගේනේ, අඩුම ගානේ ඩීසල් ටැංකියවත් ගැලෙව්වද දන්නේ නෑ. මෝඩයෙක්ගේ තකතීරු වැඩක්... කිසිම ප්ලෑන් එකක් නැතුව...
මැතිවරණ වේදිකාවල්වල මේ ආණ්ඩුව කිව්වා නේද? බලයට ආවොත් මාළුන්ට ගෙවල් හදලා දෙනවා කියලා...!!! මැතිවරණ පොරොන්දු ඉෂ්ඨ වෙනවා.
බස් 04ක් ගිල්වා, ඉතුරු බස් 50 හොර පාරෙන් අබිලි යකඩ වලට වික්කා නේද? ගොඩබිම තියෙන සම්පත් මුහුදට නොදැමිය යුතුය. මුහුදේ ඇති සම්පත් ගොඩබිමට ගෙන ආ යුතුය.
පොදු සහතික සාමාන්‍ය පෙළවත් සමත් නොවුණු පාලකයින් ඉන්න සැම ආණ්ඩුවකම පත්කරන්නේ මහජනතාව.... ඔබද වගකිව යුතුයි. මෙම ව්‍යාපෘතියේ විශාල මුදල් ප්‍රමාණයක් අවභාවිත වෙනවා.
අක්කර සිය ගණන් හමස් වෙද්දී මේවා බොරු සෝබන..!!!
මට කිව්වා නම් ඔය පරණ යකඩ හොඳ ගාණකට ගන්නවා... අයියෝ නන්දසේන...!!!
ඒක.. ඇලුමේනියම් මුහුදුපතුලේ දිරාපත් වෙන්නේ නැහැයි කියලා ඕක කොහෙන්ද ඉගෙන ගත්තේ? මේකෙන්ම පේනවා සාමාන්‍ය පෙළ අනාගත්ත කෙනෙක් කියලා...
ඇලුමිනියම්, කෝස්ටික් සෝඩා එක්ක ප්‍රතික්‍රියා කරනවා. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් එක්කත් ප්‍රතික්‍රියා කරනවා. ඇලුමිනියම් කියන්නේ අධික විෂ සහිත මූලද්‍රව්‍යයක්.. නැව් හදලා තියෙන්නේ යකඩෙන්... යකඩ එහෙම විසවීමක් නැහැ. මේ බස්වලින් කුඩා කටුමැටි ගෙවල්වල ඉන්න අයට ගෙවල් හදලා දෙන්න තිබුණා. ඒක ඉතා ආරක්ෂිතයි. තෙමෙන්නේ නැහැ. සරල විසඳුමක් මේක කෝච්චි පෙට්ටි, කන්ටේනර් පෙට්ටි වගේ දේවල් වලිනුත් කරන්න පුළුවන්. ඊට අමතරව ආපන ශාලා වැනි වෙළඳසැල් පවත්වාගෙන යාමට යොදාගන්න තිබුණා. මේක තේරුමක් නැති වැඩක්.. නැතිනම් කාගෙ හරි ඇන්දවිල්ලක් කියලත් හිතෙනවා.
මේ වගේ තකතීරු ක්‍රියාවක් අනුමත කරන්න තරම් සාගර දූෂණ මර්ධන ආයතනයේ ඉන්න අයට මොලේ කළඳක් නැද්ද හැබෑටම? මේ යකඩ සහ ඇලුමිනියම් අබිලි යකඩ වලට විකුණන්න බැරිද? අඩුගාණේ දුෂ්කර පාසල් වලට, පන්තිකාමර හැටියට පාවිච්චි කරන්න යොදවන්න තිබුණා. ලංකාවේ ඉන්න අමන පාලකයන්ට ඉතින් මේ වගේ ගොන් විනෝදේ තමයි. කවුරුත් කට අරින්නේ නැහැනේ විරුද්ධව.