IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


බෞද්ධ සංවිධාන කීපයක් සත්‍යග්‍රහයක

(මුදිතා දයානන්ද)

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබද ජනාධිපති විමර්ශන කොමිසම මගින් බොදු බල සේනා ඇතුළු බෞද්ධ සංවිධාන කීපයක් තහනම් කිරිමට නිර්දේශ කිරීමට එරෙහිව භික්ෂු සංවිධාන එකමුතුව  සංවිධානය කළ සත්‍යග්‍රාහයක් කොළඹ නිදහස් චතුරශ්‍රයේදි අද පස්වරුවේ පැවැත්විණි.    

ආණ්ඩුව විසඳිය යුතු ප්‍රශ්න කීපයක් ඇතුළත් යෝජනා වලියක් මාර්තු 11  ප්‍රකාශය නමින් මෙහිදී ඉදිරිපත් කළේය. 

මෙම සත්‍යග්‍රහාර‍හයට පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන, මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමිවරු ඇතුලු ත්‍රෛයි නිකායික මහා සංඝරත්නය නියෝජනය කරමින් භික්ෂුන් වහන්සේලා  එක්ව සිටියහ.

ළහිරු හර්ෂණ

 

 



අදහස් (12)

බෞද්ධ සංවිධාන කීපයක් සත්‍යග්‍රහයක

Kasun Thursday, 11 March 2021 02:12 PM

මෙතන ඉන්න එක්කෙනෙක්ටවත් රට ගැන කැක්කුමක් නැහැ. ඔක්කොම දේශපාලන ඉත්තෝ විතරයි.

:       17       54

බද්රානි Thursday, 11 March 2021 02:27 PM

රට වනසන, මහපොළොවට බරක් වූ මොවුන්ට යන්න වෙනම අපායක් හදන්න වෙනවා. චීවරයට මුවා වෙලා මේ කරන විගඩම් අපි නම් ඉතාම පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මහ මොළකරුවන් කලේ අන්තවාදී බෞද්ධ හා අන්තවාදී මුස්ලිම් කල්ලි දෙකක් බිහිකොට ජාතීන් අතර අසමගිය ඇති කිරීමයි. එහි එක ප්‍රතිඵලයක් තමයි පාස්කු ප්‍රහාරය. දැන් මේ චීවරධාරින් උත්සාහ කරන්නේ ජනතාව නොමග යවා ඒ පාස්කු ප්‍රහාරය පිටුපස සිටින මහා මොළකරුවන් නිදහස් කර ගැනීමටයි. මේ ප්‍රහාරය පිළිබඳ සියලු තොරතුරු දැන දැනම ප්‍රහාරය වළක්වා නොගත්, මෛත්‍රිපාල සිරිසේනව පුලුවන්නම් අත්අඩංගුවට ගෙන පෙන්වන්න. අන්න එදාට සිරිසේන ලස්සනට වමාරයි බලය වෙනුවෙන් සිදුකළ මේ ප්‍රහාරයේ මහා මොළකරුවන් කවුද බව?

:       13       55

චිත්‍රාල්Thursday, 11 March 2021 03:23 PM

මහ මොලකරුවා දැනට නම් අල්ලන්න බැහැ. මිනිහට මුක්තියද මොකක්ද එක තියෙනවාලු... හැබැයි ඔය ඉන්න තැනින් වැටුණු දවසක අපායට යන්න කලින් මේ ලෝකෙදීම මදි නොකියන්න විඳවන්න වෙනවා.

:       5       45

විජිත් Thursday, 11 March 2021 03:43 PM

ඈතදී... මම බැලුවා. කහපාට ඒ කියන්නේ "හිත නිවන" පැහැයක් ඇති සිවුරෙන් ගත වසාගත් සිල්වත් සුපෙක්ශාකාමි බුද්ධ පුත්‍රයන් කොහොමද මහා පාර අයිනේ සත්‍යග්‍රහ කරන්නේ කියලා. ටිකක් කිට්ටුවෙලා බලද්දී තමයි මට වැරදිලා කියලා වැටහුනේ. මේ සිල්වත් බුද්ධ පුත්‍රයන් වහන්සේලා නොවෙයි.. කහ සිවුරු ඇඳගත් බමුණෝ රැලනේ. රට කන, හොර, අමන, දුෂිත, මිනීමරු දේශපාලුවන්ගේ ඉඳුල් බුදිමින්, වාහනයට, මුදල්වලට වහවැටී.. දේශපාලුවන්ගේ දුෂ්චරිතවලට සුදු හුණු ගාන රැල. මේ රටේ සමගියෙන් ජීවත්වන සිංහල, දෙමළ, මුස්ලිම්, ජා, මැලේ, බර්ගර්.. වැනි අයව එකිනෙකා කෙටවීම තමයි මේ රැළගේ රැකියාව. මම හැමදාම කියනවා දවසක අපේ රටේ ධර්ම සංගායනාවක් පැවැත්වුවොත් මේ හොර බමුණන්ට යන එන මන් නැතිවෙලා මිනිස්සුන්ගෙන් ගුටිකාලා, සිවුරු ගලවලා.. ඔවුන්ගේ හොර අඹුවනුත් සමග රටෙන්ම එළවා දමනවා නියතයි. එදාට සිල්වත් හිමිවරු කිහිප දෙනෙක් පමණක් අපේ රටේ ඉතිරි වේවි. එතුමන්ලා බුදු සසුන ආරක්ෂාකර ගනීවි. රටටත් හොඳ කලක් උදාවේවි...!!!

:       11       53

Rata Perata Thursday, 11 March 2021 06:14 PM

අපේ පුංචි මොලේටත් තේරුණා නිකන් පුස් වෙඩිල්ලක් කියලා. හමුදාවෙනුත් රැවටුණු එකනේ පුදුමේ. දැන් ඉතින් උපවාස කර කර ඉන්න. රට කාන්තාරයක් කරලා චීනෙට දීලා මෙයාලා ඇමෙරිකාවේ ඉන්න පවුල් ළඟට යයි.

:       0       15

shantha madanayaka Friday, 12 March 2021 12:10 AM

මේ ඉහත දක්වා ඇති අදහස් සත්‍යයයි. ඒ මත අදහස් දක්වා ඇත්තේ සිතේ තිබෙන ආවේගයන් ප්‍රකාශ කිරීමක් ලෙස දකිනවා. පන්සල්, අසපු හැදුවට බැතිමතුන්ද නැත. දැන් මේ අය කරන්නේ මේ වගේ ණයට කැහැලා සමාජයත් අවුල් කරන එකයි. සංගායනාවක් අවශ්‍ය තත්වය තදින්ම දැනෙනවා.

:       1       13

ලුම්බිණි Friday, 12 March 2021 12:33 AM

මෙම උදවියම තමයි මේ රජය බලයට ගෙනාවේ.

:       1       15

Raveendra Friday, 12 March 2021 01:56 AM

කෝ අර කොටුවේ පොඩි නමයි අම්පිටියේ සුමන හිමියෝයි.. කලින්ම නිවන් ගිහින් වත්ද ..?

:       2       14

Isuru Friday, 12 March 2021 04:39 AM

ආගමක් ගෑවුණු හැම සංවිධානයක්ම තහනම් වෙනවා නම් තමා රටට සෙතක් වෙන්නේ...

:       2       17

mp Friday, 12 March 2021 06:09 AM

මේ රටේ ඉන්න සිවුරු දරාගත් අය සහ ගිහියන් බහුතරයක්ම කරන්නේ බුදුදහමට නිගා කරන එකයි. මේ අයට ධර්ම මාර්ගයේ යන්න වෙලාවක් තියෙනවාද? අත්හරින්න කියලා සිවුරු දරාගෙන, දැන් කරන්නේ අල්ලා ගැනීමයි. මේ අයගෙන් බණ අහන අයත් ඉන්නේ ද්වේෂයෙන්, වෛරයෙන් සහ මෝහයෙන්.

:       2       15

kamal Friday, 12 March 2021 06:11 AM

ගොම්බෙටි ගන්න එනකොටම මට හිතුණා හරක් පට්ටියේ කඩුල්ල ඇරලයි කියලා.

:       1       10

rathnavira - gampaha Friday, 12 March 2021 10:08 PM

හොරු පන්නා දමන්න එක්වෙමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 698 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 875 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 371 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site