
(ඩයනා උදයංගනී)
සඳුන් ගස් දහසකින් සමන්විත ශ්‍රී ලංකාවේ පළමු 'සඳුන් උයන' බත්තරමුල්ල, ශ්‍රී ජයවර්ධනපුර අපේ ගම පරිශ්‍රයට යාබදව පාර්ලිමේන්තු සංකීර්ණය අසල අක්කර 9ක භූමියක ඉදිකෙරෙන අතර එය නුදුරේදීම විවෘත කිරීමට නියමිතය.
සඳුන් ඉහළ ආර්ථික වටිනාකමක් සහ දිව්‍යමය ගුණ සහිත ශාකයක් ලෙස සැලකේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතාගේ අධීක්ෂණය යටතේ මෙම ජාතික සදුන් උයනේ ඉදිකිරීමේ කටයුතු සිදුකෙරේ.
මෙහි ඉදිකිරීම්වලින් සියයට 98ක් මේ වන විට අවසන්ව ඇති අතර මෙම මස අග වනවිට ඉදිකිරීම් කටයුතු නිමකිරීමට අපේක්ෂා කරන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.
ජාතික සදුන් උයන වෙනස්ම ආකාරයේ පරිසර හිත මිතුරු ව්‍යාපෘතියක් බවත් එහි සදුන් ශාකවලට අමතරව විවිධ පැහැයන්ගෙන් යුත් විසිතුරු මල් පැල රැසක් ද මෙහි රෝපණය කර ඇති බවත් එම අධිකාරිය සඳහන් කරයි.
උද්‍යානයට ඇතුළුවන ස්ථානයේ ජල පොකුණු දෙකක් ඉදිකර ඇති අතර ප්‍රවේශ මාර්ගය දෙපස බිත්ති දිය ඇල්ලක් මෙන් නිරන්තරයෙන් ඇද හැලෙන සිහින් ජල ධාරාවලින් යුතු වේ.
වර්ණවත් මල් ගොමු, වතුර මල්, කුඩා පොකුණු 12 ක්, එළිමහන් රංග පීඨයක් ආදී අංගවලින් ද මෙම සඳුන් උයන සමන්විතය.
ජාතික සදුන් උයන ගොඩනැගීම අදියර දෙකක් යටතේ සිදුවන අතර නාගරික සංවර්ධන අධිකාරිය මගින් මෙහි පළමු අදියර වෙනුවෙන් රුපියල් කෝටි 13 ක් ද, දෙවන අදියර සදහා රුපියල් කෝටි 16 ක් ද වැයකර ඇත.
නාගරික සංවර්ධන අධිකාරියේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකරන බව ද එම අධිකාරියේ ප්‍රකාශකයෙක් පැවසීය.
නිදහස, විවේකය, හුදෙකලාව, විනෝදය වෙනුවෙන් නිර්මාණය කෙරෙන මෙහි, ව්‍යායාම කිරීම, විවිධ භාවනා වැඩසටහන් කිරීම ආදිය වෙනුවෙන් ද සුදුසු පරිසරයක් පවතී.
ජාතික සදුන් උයනට පැමිණෙන්නන්ට ස්වභාවික ආහාර පාන ලබාගැනීමේ අවස්ථාවද හිමිවන අතර එය වාහන 60 ක් නවතාලිය හැකි විවෘත රථගාලකින් ද සමන්විතය.




2025 දෙසැම්බර් මස 18
106
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බත්තරමුල්ලට සඳුන් උයනක්