IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ධර්මපුරම් හිටපු ස්ථානාධිපතිට විශේෂ ඇගයීමක්

(සිතුම් චතුරංග)

කිලිනොච්චිය ධර්මපුරම් හිටපු පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එම්.එම්.ඩි.එන් චතුරංග මහතා එම පොලිසියේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ සමයේදී ප‍්‍රදේශයේ දෙමළ ජනතාවට ඉටුකළ සේවය ඇගයීමේ විශේෂ උත්සවයක්  කිලිනොච්චියේදී පැවැත්විණි.

ප‍්‍රදේශවාසීන් හා ප‍්‍රදේශයේ රාජ්‍ය ආයතන නිලධාරීන් එක්ව සංවිධානය කළ මෙම උත්සවයට කිලිනොච්චිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත  සිරිවර්ධන සහ සහකාර පොලිස් අධිකාරී කේ.ඒ.ජේ කොඩිතුවක්කු යන මහත්වරු සහභාගීවූහ. 

උප පොලිස් පරීක්ෂක එම්.එම්.ඩි.එන් චතුරංග මහතාගේ සේවය අගය කරමින් ප‍්‍රදේශිය ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් අත්සන් කළ විශේෂ සහතික පත‍්‍රයක්ද ඔහුට පිරිනමනු ලැබීය.

රාජ්‍ය නිලධාරීන්ගේ හා ප‍්‍රදේශවාසීන්ගේද විශේෂ ඇගයීමට ලක්වූ කිලිනොච්චියේ පළමු පොලිස් නිලධාරියා උප පොලිස් පරීක්ෂක චතුරංග මහතාය.

ධර්මපුරම් පොලිස් මුරපොළ නව පොලිස් ස්ථානයක් ලෙස පත් කිරීමට උප පොලිස් පරීක්ෂක චතුරංග මහතා කැපවී කටයුතු කළ බවත් ධර්මපුරම් පොලිසිය කිලිනොච්චිය පොලිස් ස්ථාන අතුරින් හොඳම පොලිස් ස්ථානය බවට පත්කිරීම සඳහා ඔහු වෙහෙසී රාජකාරී කළ බවත් කොට්ඨාස භාර පොලිස් අධිකාරී පාලිත ආර්. සිරිවර්ධන මහතා පැවසීය.

වසර දෙකකට ආසන්න කෙටි කාලයක් තුළදී ධර්මපුරම් පොලිස් ස්ථානාධිපතිවරයා සිය නිලධාරීන් සමඟ කටයුතු කරමින් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් දඩ මුදල් ලෙස රජයට අයකර දී තිබෙන බවද ප‍්‍රදේශයේ ජනතාවට හොද සේවයක් කරමින් ඔහු සියලූදෙනා සමඟ සුහදව කටයුතු කළ බවද සහකාර පොලිස් අධිකාරී කේ.ඒ.ජේ කොඩිතුවක්කු මහතා කීවේය.

මෙවැනි පොලිස් ස්ථානාධිපතිවරයකු තම ප‍්‍රදේශයට අහිමිවීම ඉමහත් පාඩුවක් බව කිලිනොච්චිය ධර්මපුරම් සිවිල් ආරක්ෂක කමිටු සභාපති ඒ. සෙල්වම් මහතා පැවසීය.

ධර්මපුරම් පොලිස් ස්ථානාධිපති ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂක එම්.එම්.ඩි.එන් චතුරංග මහතා පසුගියදා රාමනාදපුරම් පොලිස් මුරපොළේ ස්ථානාධිපතිවරයා ලෙස මාරු කරනු ලැබීය.



අදහස් (8)

ධර්මපුරම් හිටපු ස්ථානාධිපතිට විශේෂ ඇගයීමක්

Raveendra Tuesday, 10 October 2017 04:55 PM

අවංකව සේවය කල මෙම නිලධාරියට අපගේ උණුසුම් සුබ පැතුම්. දියවන්නඔය ඔබවන් අවංකව සේවය කරන නිලදාරීන් සිටිනම් ලක්මව මොනතරම් වාසනාවන්තද ?

:       0       297

sarath Wednesday, 11 October 2017 01:21 AM

හිටියොත් හොඳට හැදී ,දෙවියොත් නමට වඳී

:       1       100

prasad Wednesday, 11 October 2017 01:51 AM

කාලෙකින් සතුටුදායක පුවතක්. ඔබ ඇත්තටම දක්ෂ නිලධාරියෙක් වෙන්න ඇති. නැත්නම් පොලිසියට ලේසියෙන් හොඳක් අහන්න ලැබෙන්නේ නැහැ.

:       0       143

sumith Wednesday, 11 October 2017 03:31 AM

ප්‍රසාද් ඔය හරියටම හරි, මට දැන් තියෙන ප්‍රස්ස්නේ මෙතුමා උතුරෙන් දකුණට ආවම , මිනිස්සුන්ගේ කන පලාවිද , දිවුලපිටියේ පොලෝසියේ ලොක්ක ගේ අඩි පාරේ යාවිද කියල

:       44       38

shan saudi Wednesday, 11 October 2017 04:05 AM

අවංකව සේවය කල මෙම නිලධාරියට අපගේ උණුසුම් සුබ පැතුම්. දියවන්නඔය ඔබවන් අවංකව සේවය කරන නිලදාරීන් සිටිනම් ලක්මව මොනතරම් වාසනාවන්තද ? අපේ රටේ දහසක් වැරදි කරන නිලදාරීන් අතර මෙවන් අය සිටීම විශාල සතුටක්

:       0       58

jiffri Wednesday, 11 October 2017 05:47 AM

අපි නොදැනුවත්ව මෙවැනි අවංක දක්ෂ පොලිස් සහ රජයේ නිලදාරීන් ගොඩක් ඉන්නවා.

:       0       57

mahinda Wednesday, 11 October 2017 08:23 AM

සුමිත් එක පැත්තකින් හරි. එත් කන පලන කතාව වැරදි. මෙතුමා උතුරෙන් දකුණට ආවහම ඔලුව කෙලින් තියාගන වැඩ කරන්න දෙයිද? දකුණේ සලකන්නේ අවංක සේවයද නැත්නම් දේශපාලකයන්ගේ හා සල්ලි බලේ අය‍ට සැලකීමද? වැරැද්ද සැලකීම කරන අයගේ හැගීම් වලයි. දර්මපුරම් ජනය නිහතමානී නිසා අවංක සේවය අගය කලා.

:       0       10

Chanak Los angeles Wednesday, 11 October 2017 11:36 PM

රාජකාරියේ නියුතුව සිටිමින් මනුෂ්‍ය ඝාතනයකට මාංචු වැටුණු චුජිතයා අද කිලිනොච්චිය භාර පොලිස් ලොක්කා ?? කොහොමද එහෙම වුනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site