(රොමේෂ් මධුෂංඛ)
දේශපාලන සිරකරුවන් වෙනුවෙන් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය විසින් උතුරු පළාතෙන් අත්සන් ලක්ෂයක් ලබා ජනාධිපතිතුමන්ට බාර දීමට පියවර ගෙන ඇත.
යාපනය සරසවියෙන් අදාල අත්සන් ලබා ගැනීම ආරම්භ වූ අතර අද (24) සිට ඉදිරි දින කිහිපය පුරාම උතුරු පළාතේ සියලුම දිස්ත්‍රීක්ක ආවරණය වන පරිදි සාමාන්‍ය ජනතාවගෙන් දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂයක් ගැනීම ආරම්භ කොට ඇත.
මෙම අත්සන් ගැනීම වෙනුවෙන් යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය විසින් පෙන්වා දෙන්නේ දැනට අනුරාධපුර බන්ධනාගාරයේ උපවාසයේ නිරතව ඇති දේශපාලන සිරකරුවන් තිදෙනාගේ නඩු කටයුතු වව්නියාව අධිකරණයට මාරු කළ යුතු බවටත් නඩු නොමැතිව සිටින දේශපාලන සිරකුරුවන් වහාම නිදහස් කළ යුතු බවටත්ය.
අදාල කරුණු මුල් කරගෙන පසුගිය 20 වනදා සිට 25 වනදා දක්වා යාපනය විශ්වවිද්‍යාල සියුලුම සිසු සිසුවියන් පංති වර්ජනයක්ද ක්‍රියාත්මක කොට ඇත.



2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි ඉල්ලා අත්සන් ලක්ෂයක්
piyal Tuesday, 24 October 2017 06:16 AM
ජනාධිපතිතුමනි, දේශපාලන සිරකරුවන් සිටීනම් නිදහස් කරන්න.
manjula Tuesday, 24 October 2017 06:46 AM
දේශපාලන සිරකරුවන් නිදහස්කරන්න.
asanka Tuesday, 24 October 2017 07:20 AM
මේ ආණ්ඩුව අවාට පසුව තමයි මේ හැමදෙයක්ම උදාවූනේ ඉස්සර මෙච්චර තදට තිබුනේ නැහැ. මෙහෙම නීතියටත් ඇගිලි ගහන්න එනවනම් ආණ්ඩුව විහිලුවට ලක්වෙනවා
rohan Tuesday, 24 October 2017 10:41 AM
අප රට තුළ දේශපාලන සිරකරුවන් නැත ඉන්නේ දරුණු අපරද වලට සම්බනධ තස්ත්‍රවාදීන් පමණි..... අහිංසකයන් නොවේ මේ යක්ෂයන් කොහෙත්ම නිදහස් කරන්න හොද නැහැ.
bamunu Wednesday, 25 October 2017 03:47 AM
දේශපාලන සිරකරුවන් අපේ සිර ගෙවල් වල නැත. ඉන්නේ සිංහල මිනිසුන් කුඩා දරුවන් කපා මරා දැමු දෙමල ත්‍රස්තවාදීන්ය. ඔවුන් නිදහස් කොරන්න එපා කියා අපිත් ලක්ෂ 10 ක අත්සන් ලබා දෙන්නම්
Saman Wednesday, 25 October 2017 04:18 AM
දේශපාලන හිර කාරයොයි, ත්‍රස්තවාදීනුයි පටලවා ගන්න එපා.