
(හේමලතා ඞී හේවගේ)
දංකොටුව නගරයට ආසන්න භූමියක සඟවා තිබියදී පොලිස් භාරයට ගත් විදේශ රටකින් ආනයනය කරන ලද පොල්තෙල් බවුසර් දෙක අද (31) දින වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දැඩි පොලිස් රැුකවල් මැද ශ්‍රී ලංකා රේගුව වෙත රැගෙන ගිය බව දංකොටුව පොලීසිය පවසයි.
මිනිස් පරිභෝජනයට නුසුදුසු පිළිකා කාරක අඩංගු බවට සැකපිට මෙම බවුසර් පොලිස් බාරයට ගෙන ඇත.
අත් අඩංගුවට ගත් මෙම බවුසර් දෙක වත්තල එඬේරමුල්ල ප‍්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකුට අයත් වන අතර එහි අඩංගු පොල්තෙල් ඉන්දුනීසියාවෙන් ආනයනය කළ ඒවා බවට තොරතුරු අණාවරනය වී ඇති බවත් පොලීසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැලෑ නීතිය අප කිසිවිට අනුමත නොකරන්නෝය. එනමුත් මෙවන් අයට කැලෑ නීතිය ක්‍රියාත්මක කිරීමෙන් සමාජයට හොඳ ප්‍රතිඵල ලබාගත හැක. එබැවින් මෙම කොම්පැනි අයිතිකාරයින්ව මෙම බව්සර් තුලම ගිල්වා තැබීමෙන් අනෙකුත් සත්ගුණවත් පාහරයින්ට ද පාඩමක් කියාදීමට හැකිවෙනවා නොවේද.?
කුකුල් කොටුව නරියට බාරදුන්නහම ඔහොම දේවල් වෙනවා. අනේද කියන්නේ?
හෙළයින්ගේ ජීවිත නිලධාරීන් අතේ..
බලන්න මෙයා තම්බියෙක්ද කියලා.
එරික් පෙරෙරා එස්පී මහත්තයා යවපු ගමන්ම කට්ටිය වැඩ අල්ලලා වගේ...