IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


කෝපි කඩේට වසර 32යි - ශිල්පීන්ට උපහාර

ආසියාවේ දීර්ඝතම ටෙලි නාට්‍යය ලෙස වාර්තා තැබූ කෝපිකඩේට වසර 32 ක් පිරීම නිමිත්තෙන් එහි රංගන ශිල්පීන්ට උපහාර දැක්වීමේ උත්සවයක් සීමාසහිත ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය විසින් ඉකුත්දා පවත්වනු ලැබීය.

සභාපතිනි ආචාර්ය තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයට එහි ක්‍රියාකාරී අධ්‍යක්ෂ, විධායක අධ්‍යක්ෂ ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝද සාමාන්‍යාධිකාරී නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරු ඇතුළු කෝපිකඬේ ටෙලි නාට්‍යය නිෂ්පාදනයට දායකවන සියලුම ශිල්පීහුද සහභාගි වූහ.

ශ්‍රී ලංකාවේ ආරම්භක රූපවාහිනී ආයතනය හෙවත් රූපවාහිනී මහගෙදර ස්වාධීන රූපවාහිනියේ ප්‍රථම නිසි බලධාරි තේවිස් ගුරුගේ මහතාගේ අදහසක් අනුව ආරම්භ කරනු ලැබූ රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය පිළිබඳ වැඩමුළුවක ප්‍රායෝගික නිෂ්පාදනය වූ කෝපිකඬේ මුල්ම කතාංගය ‘වහෙන් ඔරෝ’ 1987 අප්‍රේල් 1 වැනිදා බදාදා රාත්‍රී 7.00 ට විකාශය විණි.

නිෂ්පාදන වැඩමුළුව මෙහෙයවූයේ ප්‍රවීණ සිනමාකරුවකුවූ ඇන්ඩෘ ජයමාන්නය. එදා සිට 2019 වසර වනවිට සතිපතා අඛණ්ඩව වසර 32ක් පුරා විකාශයවූ කෝපිකඬේ ස්වාධීන රූපවාහිනියේ වත්මන් සභාපතිනි ආචාර්ය තිලකා ජයසුන්දර මහත්මියගේ අදහසක් අනුව 2019 මාර්තු 23 සහ 26 වැනිදා සිට සෑම සෙනසුරාදාකම සහ ඉරිදාවකම රාත්‍රී 7.00ට කතාංග දෙකක් විකාශය වේ.

1987 අප්‍රේල් 1 වැනිදා විකාශයවූ වහෙන් ඔරෝ කතාංගයේ සිට අද දක්වා අඛණ්ඩව රංගනයෙන් දායකවන ශිල්පීන් දෙදෙනෙකි. ඒ රත්නා සුමනපාල (කඬේ හාමිනේ) සහ ආරියසේන හඳුවල (ග්‍රාම සේවක) යන දෙදෙනාය. මීට අමතරව වැඩසටහන් නිෂ්පාදන වැඩමුළුවට සහභාගිවූ ජයරත්න රූපසිංහ (සිරිසේන) ද 4 වැනි කතාංගය වන 1987 අප්‍රේල් 22 වැනිදා විකාශය වූ රන් මසුරන් සිට අද දක්වා අඛණ්ඩව රංගනයෙන් දායක වේ.

මෙහිදී වර්තමානයේ කෝපිකඬේට දායකවෙන සියලුම රංගන ශිල්පීන්ට ස්වාධීන රූපවාහිනී උපහාර සම්මාන පුදනු ලැබීය. රංගනයෙන් දීර්ඝ කාලයක් අඛණ්ඩව දායකවූ ශිල්පීන්ට මූල්‍යමය පරිත්‍යාගයක්ද පිරිනැමිණි. ඒ සඳහා දායකත්වය ලබාදී තිබුණේ සංස්කෘතික අධ්‍යක්ෂිකා අනූෂා ගෝකුල මහත්මියගේ මැදිහත්වීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවයි. රංගන ශිල්පීහු 35 ක් උපහාර සම්මාන ලැබූහ. නිමල්ගේ චරිතය නිරූපණය කිරීම සහ වැඩිම පිටපත් සංඛ්‍යාවක් රචනා කිරීම වෙනුවෙන් කුමාර සිරිවර්ධන උපහාර ලැබීය.

සභාව ඇමතූ සභාපතිනිය සඳහන් කළේ කෝපිකඬේ වසර 22 ක් පුරා අඛණ්ඩව පවත්වාගෙන ඒමට දායකත්වය දැක්වූ රංගන ශිල්පීන්ට මෙන්ම තිරයෙන් පිටුපස සිටි සහ සිටින සියලුදෙනාගේම සේවය අගය කරන බවය. වර්තමානයේ චන්දික විජේසේන සහ සමන් විතානගේ කෝපිකඬේ අධ්‍යක්ෂණය කරන අතර සහාය අධ්‍යක්ෂණය ප්‍රභාත් දුෂ්‍යන්තගෙනි. නිෂ්පාදන කළමනාකරණයෙන් මංගල රදලියගොඩ ද සුරංග බස්නායක, ජානක රණසිංහ ඉසුරු අධිකාරි, ධම්මික සම්පත් කැමරා අධ්‍යක්ෂණයෙන්ද ගිහාන් කල්‍යාණ, චන්දන දේශප්‍රිය, ඔසඳ ලක්ප්‍රිය පටිගත කිරීමෙන්ද අරෝෂ උදයංග, ගයාන් මංජුල සහ අනුරුද්ධ විජේකෝන් ආලෝකකරණයෙන්ද අරුණ විදුරංග සංස්කරණයෙන්ද දායක වන  කෝපිකඬේ සංගීතය මෙහෙයවනු ලබන්නේ චන්දන වැලිකලය. සංගීතය පටිගත කිරීම ප්‍රාන් 
වාකිෂ්ටගෙනි. කෝපිකඬේ ශිල්පීන්ගේ රංගනයෙන් සහ ගායනයෙන් උත්සවය වර්ණවත් විය. ආරියසේන හඳුවල  (ග්‍රාම සේවක) ස්තුති කතාව කළ මෙම උත්සවය ප්‍රවීණ නිවේදක ඉන්ද්‍රසිරි සුරවීර මෙහෙයවන ලදි. මේ එහි අවස්ථා කීපයකි.

 

- යසස් සමන්පත් - 
(ඡායා:- ඉෂාන් සංජීව)



අදහස් (6)

කෝපි කඩේට වසර 32යි - ශිල්පීන්ට උපහාර

jagath Friday, 05 July 2019 08:21 AM

ඉස්සර ලස්සන නාට්‍යයක්... දැන් නම් වැඩක් නැහැ.

:       2       272

amarakoon Friday, 05 July 2019 09:33 AM

කෝපිකඩේ ටෙලිනාට්‍යයේ අපඅතරින් වියෝ වුණු කලාකරුවන් සිහිපත්කර එම කලාකරුවා හට දානමය පින්කමක් කළානම් මීට වඩා වටිනවා. මොවුන් අගය කළ යුතුයි. මැරුණු අය සිහිපත් කළ යුතුයි.

:       9       314

Siri Friday, 05 July 2019 02:17 PM

ඉස්සරනම් කෝපි කඩේ තේමා වාදනය යනකොට රූප පෙට්ටිය වටේ රොක්වුනා. දැන්නම් තේමා වාදනය ඇහුන ගමන් වෙන චැනල් එකකට මාරු කරනවා.

:       0       232

gallage Saturday, 06 July 2019 01:07 AM

ජයවේවා.. පුංචිකාලේ බලපු නාට්‍යය...

:       53       57

PA - RA Saturday, 06 July 2019 03:04 AM

හරිම විනෝදයි.. විදෙස් ගත වුණත් අපි බලනවා. පාළුව, කාන්සිය මකාගත්තා.. විනෝදයෙන් සිනාවුණා. ඔබ සියලු දෙනාටම අපේ උපහාරය, තවත් දිගුකලක් යාමට අපේ ආශීර්වාදය..

:       66       33

sanju Thursday, 28 November 2019 09:28 AM

අපි පොඩි කාලේ බලන කොට ඊළඟ සතිය එනකන් ඉවසිල්ලක් නැහැ. රංගනයෙන් දායක වූ අප අතරින් වියෝවූ කලාකරුවන්ට අමාමහ නිවන් සුව ලැබේවා...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1611 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1388 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 492 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site