
(රවීන්ද්‍ර නෙත්තසිංහ සහ නිමල කොඩිතුවක්කු)
සමගි ජන බලවේගය සංවිධානය කළ පළමු ජන රැළිය විශාල ජනතා සහභාගීත්වයකින් එහි නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල සත්‍යවාදී පිටියේදී අද පැවැත්විණ.
ජන හමුවට ආ පිරිසෙන් කුරුණෑගල සත්‍යවාදී පිටිය අතුරු සිදුරු නැතිව පිරී ඉතිරී ගියහ.
පක්ෂ මහගේකම් රංජිත් මද්දුමබණ්ඩාර, සභාපති සරත් ෆොන්සේකා, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, භාණ්ඩාගාරික ආචාර්ය හර්ෂ ද සිල්වා, මෙහෙයුම් ප්‍රධානී නලීන් බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තුෂාර ඉදුනිල් අමරසේන, ජේ. සී අලවතුවල, අශෝක් අබේසිංහ, ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.