(රංජිත් රාජපක්‍ෂ)
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවල පිහිටි ජල පෝෂක ප‍්‍රදේශවලට කඩින් කඩ ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟම විවෘත කර තිබු ලක්‍ෂාපන ජලාශය ඉහළ කොත්මලේ සහ කැනියොන් ජලාශවල වාන් දොරටු තාවකාලිකව වසා දැමු බව විදුලි බලමණ්ඩලය පවසයි.
කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි නවය දක්වාත් මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම අඩි අට දක්වාත් පිටාර මට්ටමට ආසන්න වි තිබේ.
එම ජලාශවල ජල මට්ටම ඉහළ යෑමත් සමඟ ලක්‍ෂපාන, නව ලක්‍ෂපාන, කැනියොන, පොල්පිටිය හා විමලසුරේන්ද්‍ර යන ජලවිදුලි බලාගාර වල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවකින් සිදුකරන බව විදුලි බලමණ්ඩලය සඳහන් කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුලිය උපරිම ප්‍රමාණයටත් වඩා නිපදවනවා නම්, තමිල්නාඩුවලටත් එහෙනම් දැන් විදුලිය දීලා සල්ලි අරන්, එ්කත් දේශපාලකයන්ගේ පොකට්ටුවලට දාගන්න පුලුවන් නේද?