
(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කල නව කැලණි පාලම නොහොත් 'කල්‍යාණී රන් පිවිසුම' ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ අතින් මීට මොහොතකට පෙර විවෘත කෙරිණි.
සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව මෙම උත්සවය සංවිධානය කර ඇත.
කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කොළඹ අන්තයේ අවසානයේ සිට බණ්ඩාරනායක වටරවුම දක්වා මංතීරූ 6කින් යුත් මෙම පාලම එතැන් සිට ඔරුගොඩවත්ත දක්වාත්, ඉගුරුකඩේ හංදිය දක්වාත්, වරාය පිවිසුම් මාර්ගය දක්වාත් මංතීරු 4ක් වන ආකාරයෙන් නිර්මාණය කර ඇත.
මෙහි කැලණි ගඟ හරහා ඉදිකර ඇති පාලම් කොටසේ දිග මීටර් 380කි. පැකේජ දෙකක් යටතේ මෙම පාලමේ ඉදිකිරිම් කටයුතු සිදු කරනු ලැබ ඇති අතර පළමු පැකේජය වන වානේ නිමැවුම් පාලම් කොටස සදහා රුපියල් මිලියන 31,539ක් සහ දෙවන පැකේජය වන කොන්ක්‍රිට් එල්ලෙන පාලම් කොටස සදහා රුපියල් මිලියන 9,896ක් වැය කර ඇත.
එම ඉදිකිරීම් සිදුවූයේ ජපන් අන්තර්ජාතික සහයෝගිතා ආයතනයේ (JICA) මූල් යදායකත්වයෙනි.
ජනාකීර්ණ පරිසරය හරහා ඉදිවන මෙම ව්‍යාපෘතියේ කැළණි තිස්ස වටරවුම ආශ්‍රිත භූමිය සහ නව කැළණි පාලමේ කෙලවරේ සිට ඔරුගොඩවත්ත මංසදිය දක්වා මාර්ගය දෙපසත් අලංකාර කිරිම සදහා ජාතික උද්භිත උද්‍යාන නිලධාරීන් විසින් නිර්දේශ කරන ලද කොබෝ නීල, ඇහැල, මැයි මාර, රොබරෝසියා, කහ මාර, රත්මල්, මී, කුඹුක්, නා, අරලිය, මගුල් කරද, නුග සහ මුරුත යනාදී ශාක ප්‍රභේද පමණක් රෝපණය කර ඇති අතර එම ශාක වෙත නොකඩවා ජලය සැපයීමට භුගත ස්වයංක්‍රීය ජල නල පද්ධතියක් ද ඉදි කර ඇත.
දියුණු රටවල් පාලම් අලංකරණය කිරිම සදහා භාවිතා කරන නව තාක්ෂණික ක්‍රමවේදයන් කෙරෙහි අවදානය යොමු කරමින් මෙම පාලම විදුලි ආලෝකකරණය කර තිබේ.
කොළඹ කටුනායක අධිවේගී මාර්ගය විවෘත වීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන නගරය හා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ එකිනෙකට සම්බන්ධ වීම නිසා කොළඹ නගරයට ඇතුල් වන වාහන සංඛ්‍යාවේ විශාල වැඩිවීමක් සිදුවී ඇති අතර එවැනි අධික වාහන සංඛ්‍යාවක් සඳහා වත්මන් කැලණි පාලමේ ධාරිතාවය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා සහ මහාමාර්ග අමාත්‍යවරයා ලෙස සිටි 2014 වසරේදී මෙම නව කැලණි පාලම ඉදිකිරිම සදහා ගිවිසුම් අත්සන් කෙරිණි.
එහි ඉදිකිරීම් ආරම්භ වුයේ 2017 වසරේදීය.
මහා සංඝරත්නය, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු මැති ඇමතිවරු, අමාත්‍යාංශ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටිති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක කරනකොට මහා ශබ්දයක් ආවේ නැද්ද?
මළ විකාර විවෘත කිරීම්... මහජනතාවගේ මුදල්වලින් ව්‍යාපෘති කරලා දැන් පොරවල් වෙනවා...
අනුන්ගේ ළමයින්ගේ උප්පැන්නයට තමුන්ගේ නම දානවා...
කළ්‍යාණි රන් දොරටුව නම අල්ලාගෙන එයට විරෝධය පාන්න කට්ටිය පාරට බස්සන්න කෝකටත් විරෝධය පාන කණ්ඩායම දැන් සූදානම් වෙනවා ඇති... රටක දියුණුව දකින්න බැරි පටු දේශපාලන ඇස්, හිස්, හිත්, කවදා මේ රටින් තුරන් වේවිද?
හදපු කෙනා පැත්තක... ඇඳුම් ඇඳගෙනද මෙයා ඇවිත් ඉන්නේ...?
මෙහෙ රන්දොරටු, අනිත් කොනේ පාලම් පාරු පෙරලිලා අම්මලා සිරිසප්පයොත් එක්ක එකට මැරෙනවා.
මෙයාලා කරන ඕනම දෙයක් සෞඛ්‍ය ආරක්ෂිතයි. වෙන කවුරු හරි කරන ඕනම දෙයක් සෞඛ්‍ය ආනාරක්ෂිතයි
තමන්ගේ පුද්ගලික වියදමෙන් හදපු පාලම තමන්ම විවෘත කරනවාට විරුද්ධ වෙන්න එපා...
2024 අප නායක සොයුරා යටතේ ඇතිවන නව සමාජවාදි ආණ්ඩුව දුප්පතුන්ට පවා ගමන් කළ හැකි පරිදි මෙම මාර්ග ජනසතු කරනවා. එවිට හයිවේ වලට මුදල් ගෙවීමට අවශ්‍ය නොවේ.
රනිල් වික්‍රමසිංහ හා චම්පික රණවක ඉනට අත්දෙක තබාගෙන බලන් ඉන්නවා. මේ අය එකතු වෙලා අනුන්ගේ ළමයෙකුට උප්පැන්නෙට නම දෙන දිහා...
මෙන්න දෙතුන් දෙනෙකුට රත්තරන් දොරටු ඇරුන රටේම අනිත් පලාත්වල ප්‍රවෘර්ති "පාලම් පාරුවක් පෙරළීමෙන් සිසුන් හය දෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.කොරෝනා මරණ ටිකක් ඉහළ යයි. පාස්කු ප්‍රහාරයේ මතුපිටින් පෙනෙන දේට වඩා වැඩි යමක් තියෙනවා. වල් අලි රංචුවක් මහියංගන සහ මිනිපේ වැසියන් නිවෙස්වල සිර කරති"
හොරු සමග හෙලුවෙන්. කොච්ච්ර කන්න ඇතිද?
ජයවේවා ශ්‍රීලංකා.
අධි තාක්ෂණික කේබල් පංචිකාවත්තේ ඒවාද චිනේ ඒවාද.?
දියුනු යයි සම්මත රටවල මේ වාගේ විවෘත කිරිම් නැහැ. මේවා ජනතාවගේම මුදල් නිසා. ණය ගත්තත් ණය කරන්නේ ජනතාවම නිසා. ඒවා කවදහරි ගෙවන්නෙත් ජනතාව නිසා. අළුවතින් පාරවල් හදනවා. හදලා ඉවරවුනාම පාර විවෘතයි.
අන්න අරහෙ පාලම් පාරැවක් පෙරලිලා පොඩි එවුනුත් එක්ක බර ගානක් මැරිලා...!
ජපන් ආධාර නිසා වෙන්න ඇති ජපන් කවුරුත් නැත්තේ. චීන උනා නම් මෙතන කොහොමද?
මම ඉන්න රටේ දැවැන්ත පාලම් හදනවා. කවදාවත් දැකල නැ දේශපාලකයන් ඒවා වීවෘත කරනවා. මොකද, ඒවා හදන්නේ දේශපාලකයන්ගේ සල්ලී වලින් නොවන නිසා. ඒ රටවල ජනතාව මේ වගේ ගොනාට අන්දන්න බැ.
රටක සංවර්ධනයට අත්‍යවශ්‍ය ප්‍රධාන සාධක වලින් එකක් තමයි මහා මාර්ග ශ මංමාවත් යහපත් තත්වයෙන් පවත්වා ගැනීම.
JICA එකෙන් හැදුවට එක ජපන් ජාතිකයෙක් නෑ උත්සවේට. චීන්නු හැදුවනම් ලංකාවේ කොඩිය උත්සන්න වත් දෙන්නේ නෑ.
මේකට පක්ෂ දේශපාලන ,පාට ,ඇඳුම් ඇඳගෙන ආපු එක ඉතාම කැතයි
උඩ දාගෙන විවෘර්ත කලාට තවම මේක හදල ඉවර නැහැලු නේද ?
ඔක්කොම සංදර්ශන තියෙන්නේ. ඊයේ උදෙත් සමහර වැඩ ඉවර වෙලා තිබුනේ නැහැ මමත් ඉතින් අලුත් පාලමෙන් යන්න බලාගෙන ආවා මොන යාමක්ද පාලම වහලා!! මිනිස්සුන්ට යන්න දෙන්න බැරි නම් මොකටද ඇරියේ ?
ඇරියා...වැහුවා...ඩාං වෙනවා.. ඩූං වෙනවා... පව් අහිංසක මෝඩ සාක පෝසක ලයිට් බයියො ටික...
රත්තරන් ගේට්ටුවේ රත්තරන් නයෙකුත් හයිකරානම් තමයි ගැලපෙන්නේ.
ඕකට පොහොට්ටුවේ ගේට්ටුව වැනි නමක් සුදුසු නැද්ද
යහපාලකයින්ට මාර ජුවල්. වැඩේට මුල්ගල තියෙලා පටන් ගත්තේ රාජ පක්ෂලා එකත් කළුගලේ කොටලා තියනවා. වැඩේ ඉවරකරලා වීවෘත කරන එකත් ගලේ කොටලා ජනතා අයිතියට දුන්න. යහපාලකයින්ට දැන් තිබෙන්නේ නළලේ පච්චයක් කොටා ගන්න. ජෙප්පනට මේ මුතුත් නැහැ. ඕක කියන්න දෙයක්ද හැම වැඩක්ම බාර ගන්නේ අපි කරන්නම් කියලා නමුත් වැඩක් අවසන් වෙන්න කොරන්න අතරමග දාලයනවා.
පටන් ගත්තෙත් අපි ඉවර කලෙත් අපි.
අපි තමයි හරියටම කෙරුවේ...
අපි තමයි හරියටම කෙරුවේ... නේද හාමුදුරුවනේ..?