
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ජනතාවට කොවිඩ් -19 එන්නත් දීමේ වැඩසටහන නිරීක්ෂණය කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද අභයාරාම විහාරස්ථානයට පැමිනියේය.
එන්නත් ලබා දීම කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායම විසින් මෙහෙයවනු ලැබූහ.
නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



ළහිරු හර්ෂණ
COMMENTS
අභයාරාමය ලොක්කාට නුපුරුදු තැනක් නෙවෙයිනේ.. දේශපාලුවන් කාලයක් යටිකූට්ටු වැඩවලට කුමන්ත්‍රණ කෙරුවේත් ඔතන කියලයි කියන්නේ..?
හරියට වැඩේ දන්නවා වගේ. ඔතෙන්ට යන්න කීයක් වියදම් කළාද දන්නේ නැහැ. මේවා මාධ්‍යවල ප්‍රචාරය වෙන්නේ නැත්නම් යයි කියලා තමයි බය...
ආණ්ඩුව විවේචනය කරන්නේ බොරුවට. ළමයි අහුවෙන්න එපා.
අගමැතිතුමා එන්නත් ගත්තේ නෑ වගේ..!!! ඉන්දීය එන්නත ශුවර් නැති හින්දාද?
දැන් මෙයා සහපිරිවරින් ඇවිල්ලා නරඹන්නේ ඉන්දියාවෙන් ගෙනාපු එන්නත අසරණ දුප්පත් මිනිස්සුන්ට විඳින හැටිනේ. මෙයාගෙන් අහන්නකෝ.. එයා විදගත්තේ මොන රටේ බෙහෙතද කියලා. එතකොට කට්ටියටම චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්න පුළුවන් වෙයි.