IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඉන්ධන හලේ හිමිකරුගේ උතුම් ක්‍රියාව

(නිමාලි කහවල)

දින ගණනාවක් තිස්සේ තම ඉන්ධන පිරවුම් හළ ඉදිරිපිටට වී ඉන්ධන බලාපොරොත්තුවෙන් සිටින දහස් ගණනක ජනතාව වෙත එහි හිමිකරු විසින් දිවා රෑ දෙකෙහිම බත් දන්සැලක් ලබාදුන් අපූරු පුවතක් ඉංගිරියෙන් වාර්තා වේ

ඉංගිරිය, ඌරුගල ඉන්ධන පිරවුම්හලේ හිමිකරු කැලුම් ප්‍රසන්න සහ පිරිස විසින් සිදුකළ මෙම කාර්යය සියල්ලන්ගේම පැසසුමට හේතුවිය.

ඇතැම් ඉන්ධන හල් අසල විශාල පිරිස් කුසට ආහාරක් නැතිව දින ගණන් බලා සිිටිති.

 



අදහස් (14)

ඉන්ධන හලේ හිමිකරුගේ උතුම් ක්‍රියාව

mp Saturday, 25 June 2022 08:23 PM

මේවා සපයන්න ඕන ඇත්තටම, ආණ්ඩුවෙන්....

:       80       62

කේ. ලංකාමුල්ල Saturday, 25 June 2022 09:43 PM

මහපාරේ කුසගින්නේ ඉන්න මිනිසුන්ගේ වේදනාව, අපහසුව හදවතට දැනෙන ව්‍යාපාරික ප්‍රජාව මේරටට වාසනාවක්. ඔබට අපගේ ප්‍රණාමය

:       0       11

Nandasena gr Sunday, 26 June 2022 06:15 AM

හොඳ වැඩක්.හැබැයි ඕකෙන් ප්‍රධාන ගැටලුවට විසඳුමක් ලැබෙන්නේ නැහැ.පන්නමු

:       3       1

Namal Sunday, 26 June 2022 06:53 AM

මටනම් හිතෙන්නෙ මේක කරේ අද ඉන්දන මිල වැඩිකරපු එකට මිනිස්සු කෝප වෙන එක නවත්තන්නද කොහෙද..

:       10       0

Mohamed fahim Sunday, 26 June 2022 07:21 AM

තිරිසන්නු අතර මනුස්සයොත් ඉන්නවා.. ඔබට දෙවි පිහිටයි..

:       0       15

jayath Sunday, 26 June 2022 07:32 AM

මේක උතුම්ම උතුම් සද්ක්‍රියාවක්... මේ පෝලිම්වල විඳින දුක දන්නේ ඒවායේ ඉන්න අපිම තමයි අනික ඒ මනුස්සයා ඒක බෙදන "ගෞරවනීය" විදිය බලන්න දෑතම භාවිතා කරනවා..

:       0       73

සෙනෙවිරත්න Sunday, 26 June 2022 10:01 AM

පරම්පරා 100 කින් විතර කී වතාවක් වැඩි වුණාද? ඒවායේ ලාභයෙන් අනිත් අයටත් අඩු ගානේ ඇල්වතුර සහ කැසිකිළි පහසුකම්වත් ලබාදෙන්න සිත්පහළ වේවා!

:       37       3

Malika Sunday, 26 June 2022 01:08 PM

මේ මහත්තයා කොහොමද මම දන්නේ නෑ. නමුත් වත්තල ප්‍රදේශයේ පල්ලියක් ළඟ ෂෙඩ් එහෙකින් නම් තෙල් ගැහුවොත් ගහන මනුස්සයාට විනාශයක්. මගේ වෑන් එකට තෙල් ලීටර් අල්ලන්නේ 30. මට 29700/- බිල ආවා. ඒකේ මීටර් වෙනස් කරලා. මේ ගැන අයිතිකරුට වාර්තා කරාට ඔහු පිළිගත්තේම නෑ. ඉන් පසු ටිපර් එකක් අයිතිකාරයකුත් ඇවිත් ඔහුට වුණු අලාභය රිපෝට් කරා. ඒත් වැඩක් වුනේ නෑ. මෙතන පොලීසිය, හමුදාව දෙකම ඉන්නවා. ඒ දෙගොල්ලන්ම නෑහුණා වගේ ඉන්නවා. ඉන්පසු මම පෝලීමේ හිටපු අයව දැනුවත් කරා මේ වංචාව ගැන. නමුත් අදටත් මේදේ වෙනවා.

:       1       41

බුද්ධික ඉ Sunday, 26 June 2022 01:38 PM

ඉතා උසස් ක්‍රියාවක්, විශේෂයෙන් ඉතා අපහසු කාලයකදී සුදුසු පුද්ගලයින්ට ආහාර ලබාදීම. මෙවැනි සිත් ඇතිවීමත් විරලයි... මෙවැනි කල්හි ඒ මහතාට, යොමු කළ, උපකාර කළ සියල්ලන්ටම සහ දෙමාපියන්ටත් පින්සිද්ධ වෙනවා.

:       0       47

Subadhini Perera Sunday, 26 June 2022 03:34 PM

අනිත් මිනිස්සුන්ගේ දුක හඳුනාගෙන ඒ වෙනුවෙන් තමුන්ට කළ හැකි දෙයක් කිරීම උතුම් මිනිසත්බවේ ලක්ෂණයක්... ගොඩක් සතුටුයි ඔබ ගැන.

:       0       40

මොහාන් අත්තනායක Sunday, 26 June 2022 11:33 PM

ඉතාමත් උතුම් ක්‍රියාවක්... මේ වගේ කාලයක ඔබ වැනි පුද්ගලයින් ඉතා දුර්ලභයි. දිනෙන් දින ජයම වේවා.. ඔබගේ සියලු ව්‍යාපාර කටයුතු දියුණුවෙන් දියුණුවට පත්වේවා...!

:       0       5

Chinthaka Monday, 27 June 2022 10:33 AM

උතුම් මනුස්සයෙක්. ඔබතුමාට යහපතක්ම වේවා...

:       1       7

sharm warn Monday, 27 June 2022 10:42 AM

නියම මනුස්සයෙක්. උතුම් මනුස්සයෙක්. මෙවැනි කතාවක් මට අහන්න ලැබුණා කොළඹ 7 පිරවුම් හලක් ගැන. එහි හිමිකරු නිතරම කියන්නේ ත්‍රි රෝද රථවලට මුල්තැන දෙන්න කියලා.. මොකද ඒ අය ඉන්ධන ගන්නේ රැකියාව කරන නිසා.. ඒ වගේම උදේම පෝලිමේ ඉන්න අයට මාලු පාන් සහ වතුර බෝතල් දෙනවලු...

:       1       6

namali de silva Monday, 27 June 2022 11:01 AM

මේවා නෙවෙයි වෙන්න ඕනේ... මිනිස්සුන්ට බඩගින්නේ, රස්සාවල් කරගන්න විදිහක් නැතිව, දවස් ගණන් පෝලිම් ඉන්න නොවෙන රටක් හදලා දෙන්න...

:       5       3

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31320 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13532 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11000 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 116 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 942 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site