






(නිශාන්ත කුමාර)
බදුලු ඔයේ අහස්මංකඩ තොටුපල හරහා එගොඩ මෙගොඩ වීමට පාලමක් නොමැතිවීමෙන් මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තල්දෙන 11 කණුව ගම්මානයේ දී මියගිය මාතාවකගේ සිරුර අද (15) පස්වරුවේ ගම්වැසියෝ බදුලු ඔයේ කරවටක් ගිලෙමින් ඔයෙන් ඒගොඩ පිහිටි පොදු සුසාන භූමිය වෙත රැගෙන යන අයුරු දක්නට ලැබේ.
මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තල්දෙන කුකුරුමහන්තැන්න, කොහාන, වැවතැන්න මාළිගාතැන්න හා ඒ අවට ගම්මානවල ජනතාවට බදුලු ඔයෙන් මෙපිට පිහිටි පොදු සුසාන භූමියට, මෙන්ම වෙල්යායට පැමිණීමට බදුලුඔය තරණය කිරිමට සිදුවේ.
බදුලුඔය හරහා එහා මෙහා යාමට පාලමක් ඉදිකර දෙන ලෙස මෙම ජනතාව වසර ගණනාවක සිට ඉල්ලීම් කළත් වසර දෙකකට පමණ පෙර මංකඩ හරහා පාලමක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළ මුත් හිටිහැටියේම එහි ඉදිකිරීම් අතරමග නවතා දමා තිබේ.
COMMENTS
ඔය ප්‍රදේශයට ප්‍රාදේශීය සභා උත්තමයෙක්වත් නැද්ද මන්දා... ජනතාවත් දැනගන්න ඕනේ කොහු ඉදල් අතට ගන්න... මනාප හිඟමනේ එද්දී මේ තමයි රටක් පත්කරපු ඉරණම.. උගතුන් සහ නූගතුන් එකතු වෙලා...
ඔය ගමත් එක්ක කවුරුවත් පිළිසඳරක් තියලා නැද්ද?
කෝටි ගාණක් සල්ලි නාස්ති කරමින් මීමුරේ ටුවර් වලට නාස්ති කරන සල්ලි වලින් මේ වගේ වැඩක් කරලා දෙන්න බැරිද? එහෙම හිතන්න තරම්වත් මනුස්සකමක් නැද්ද මේ පාලකයින්ට?
ලබන පාර ඡන්දෙටත් උදේම ගිහින් කතිරෙ ගහලා වරෙල්ලා... එතකොට පාලමක් ලැබෙයි.
ඉවසලා ඉන්න.. නෙලුම් කුළුණට හරි, ඉදිකිරීම් පවතින මැණික් කුළුණට හරි රටේ නායකයෝ නැග්ග වෙලාවක ඕක දකීවි... එවිට වහාම පාලම හදලා දෙයි.
සෑම රජයක් විසින් තම පහසුවට රටේම ඉඳන් බෙදා දීමේ ප්‍රතිඵල තමයි මේ... මිනිස්සුන්ගේ ගෙවල් හැමතැනම විසුරුවනවා. ඊටපස්සේ හැම තැනම යටිතල පහසුකම් ඕනෑ. කෝටි ගාණක් වියදම් කළත් පාවිච්චි කරන්නේ පවුල් කිහිපයක්.. අවුරුදු කීපයක් යනකොට හැමෝම ආයේ එකට ජීවත් වෙන්න නගරයට එනවා.
වතුර අඩු හින්දා හොඳයි...
වසර 2ට කළින් පාලමක් ඉදිකරන්න ආරම්භ කරලා තියෙන්නේ.. මේ ආණ්ඩුව ඕක නවත්තලා... දැන් මේවා ලොකු ප්‍රශ්න නෙවෙයි. මුස්ලිම් සිරුර භූමදානයට ඉඩ දුන්නොත් තමයි ප්‍රශ්නයක් වෙන්නේ.
දේශපාලුවනි, මෙන්න කරනවා නම් වැඩ. මහලොකුවට පුරසාරම් දොඩවා දොඩවා මහමෙරක් උසට කුළුණු ඉදිකලාට වැඩක් නැහැ. මේවා තමයි ජනතාවට අත්‍යාවශ්‍ය සේවාවන්. ඡන්දය ගන්න විතරක් ගම්වලට ගිහිල්ලා වැඩක් නැහැ.