
(සුජිත් හේවාජුලිගේ)
පාස්කු සමයේදී හා අවුරුදු සමයේ දී දේවස්ථාන හා හෝටල් ඇතුළු වැදගත් ස්ථානවලට උපරිම ආරක්ෂාව දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ත්‍රිවිධ හමුදාපතිවරුන්ට හා පොලිස්පති වරයාට උපදෙස් දී ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන යුදහමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා මේ සම්බන්ධයෙන් ආරක්ෂක කවුන්සිලයේදී විශේෂ උපදෙස් මාලාවක් ලබාදුන් බවයි.
ප්‍රධාන හෝටල්වලට පාස්කු සමයේදී යුද හමුදා ආරක්ෂාව දෙන ලෙස ඒවායේ ප්‍රධානීන් ඉල්ලීමක් කර තිබෙන බවද යුද හමුදාපතිවරයා කීය.
ජනතාවට අවශ්‍ය සුදුසුම ආරක්ෂාව ලබාදීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත්, එම වැඩපිළිවෙළ ඉදිරි දිනවලදී ක්‍රියාත්මක කරන බවත්, ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
(ඡයාරූප ළහිරු හර්ෂණ)


COMMENTS
අනිත් කාලෙට ආරක්ෂාවක් අවශ්‍ය නැතුව ඇති. හමුදාවේ කට්ටියට වගකීම් සහ වැඩ බාරදුන්නට මොකද සේරම දේවල් අනාගෙන යනවා වගෙයි පෙනෙන්නේ. ඔහොම යුද්ධ කළා නම් හිතාගන්න පුළුවන් වෙන්න තිබුණු දේ...
වෙන ඉතින් දෙන්න දේකුත් නැහැනේ...
ආයේ කිසිම දෙයක් වෙන්නේ නෑ. කරන්න ඕනෑ දේවල් කරලා දැන් බලය ලැබිලනේ තියෙන්නේ...
රටට සහ ජනතාවට උපරිම ආරක්ෂාව දෙන්න තමයි ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ඉන්නේ... මොන විහිළුවක්ද උපරිම දෙන්න කියලා ආයෙත් මෙයා කියන්නේ? ඒ කියන්නේ මෙයා ඉස්සරවෙලා වැඩිය දෙන්න එපා කියලද? රට පාලනය කොහොම වුණත් විනෝද සමයට නම් හොඳයි.
ඔයා නිකන් ඉන්න... හමුදාවයි, පොලිසියයි පාරට බස්සලා.. ඒ ගොල්ලෝ ගෙවල්වලට වෙලා හොඳට කාලා බීලා සතුටින් අලුත් අවුරුද්ද සමරයි.. අපිට තමයි හුළං..
දේවස්ථානය රැකගන්න බැරි දෙවිවරු මොකටද අප්පා...!!!