නිවෙස් ඇත්තෝ සහ නිවෙස් නැත්තෝ
මුළු ලොවම එක මිටට ගෙන පරසක්වල ගැසූ කොරෝනා වයිරසයේ බලපෑමෙන් මිදීම සඳහා සමස්ත ලෝකයටම ඇත්තේ එකම විකල්පයක් පමණි. ඒ තම තමන්ගේ නිවෙස් වලට වී, සෙසු ලෝකයාගෙන් වෙන්වී, තමන්ව අගුළු ලා ගෙන සිටීමයි. එහෙත් තමන්ටම කියා නිවෙසක් නැති කී දෙනෙක් අප අවට ලෝකයේ සිටිත්ද ?