දුරගමන් සේවාවල ගමන් ගන්නා මගීන්ට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ කලින් ආසන වෙන්කර ගැනීමේ පහසුකම හඳුන්වා දුන් බව අමාත්‍ය බිමල් රත්නායක මහතා අද පැවසීය.
බත්තරමුල්ලේ “මගනැගුම මහමැදුර” හි පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය,
අමාත්‍යවරයා මෙසේ ද කීය. ජනතාවගේ දෛනික ගමනා ගමන පහසුකම් වැඩිදියුණු කිරීම රජයේ ප්රමුඛ අරමුණක් වනවා.
නියමු ව්‍යාපෘතියක් ලෙස පෞද්ගලික බස් රථ සඳහා ආරම්භ කළ මෙම ක්‍රමය මඟින් බස් ගමන් ගන්නා වේලාවන් කලින්ම දැන ගන්න පුළුවන් ඒ මගින් රස්තියාදු වීම, වෙන් කළ ආසන අහිමි වීම, හදිසි ගමන් අවලංගු වීම සහ අධික සේවා ගාස්තු වැනි ගැටලු අවම වෙනවා.
පෙරදී ආසන වෙන්කිරීම සඳහා රුපියල් 200 – 300 අතර මුදලක් අය කළා.
නව ක්‍රමය යටතේ එක් ආසනයක් සඳහා ගෙවිය යුත්තේ රුපියල් 30 ක වැනි සුළු මුදලක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම වැඩක්. ස්තූතියි
දැනටමත් එහෙම කරන්න පුළුවන් busseat.lk. CTB එකට සීට් බුක් කරන්න තමයි ක්‍රමයක් ඕනේ.
හොඳ වැඩක්. කරුණාකර පුද්ගල හා ගෙවීම් කාඩ් වල දත්ත පරිස්සම තහවුරු විය යුතුයි. නැත්නම් හැකර්වරුන් අතට පත්වී අනවශ්‍ය කරදර ඇති වෙයි.
මෙම ක්‍රමය මම සභාපතිව සිටියදී 2017 දී NTC එකේ පටන් ගන්නා ලදී. එයට මොකද වෙලා තියෙන්නේ. මොරටුව විශ්ව විධ්‍යාලය මෙය සකස් කලේ. NTC නිලධාරීන් ඇමතිතුමාව අන්දනවා වගේ.
අම්මෝ ලොකු දෙයක්, ජයවේවා.
මෙම ක්‍රමයට ආසන වෙන් කර ගන්නේ කෙසේද ? මෙම ක්‍රමය ඇත්තටම ක්‍රියාත්මක වෙනවද ?
මම දැන් බුක් කරන්න බැලුවා. කොළඹ නුවර ,කොළඹ ගාල්ල ,කොළඹ මාතර ,කොළඹ බදුල්ල. ඔය කියන කිසිම මාර්ගයක දැනට බස් රථ නොමැති බවයි සඳහන් කරන්නෙ. 7, 8 , 9 කියන දවස් වෙනස් කොටත් බැලුවා. කටින් වැඩ කෝටියයි !
ඇමති තුමා කීවට සිස්ටම් එක වැඩ කරන්නේ නැහැ කොළඹ - නුවර ටිකට් බුක් කරන්න බැහැ