ඉන්දික හේවාවිතාරණ
ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්ෂව වැඩිවන ත්‍රිරෝද රථ ගාස්තුව ත්‍රිරෝද රථ සංගම් විසින් තීරණය නොකරනු ලබන බවත්, එම ගාස්තු ඉහළ යෑම ත්‍රිරෝද රථ හිමියන්ගේ කැමැත්ත මත සිදු වන බවත් සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා සඳහන් කළේය.
මේ අතර පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තුව 5%කින්, ආනයන අපනයන බහාලුම් ප්‍රවාහන ගාස්තුව 5% කින් හා බස් ගාස්තුව 4.1%කින් ඉහළ දැමීමට අදාල සංගම් තීරණය කර තිබේ.
ඩීසල් මිල ඉහළ යෑමට සාපේක්ෂව බහාලුම් ප්‍රවාහන ගාස්තුව 11.5%කින් වැඩි වී තිබුණද, ආනයන අපනයනකරුවන් ගැන සිතා මේ මස 01 වැනි දින සිට 5%කින් පමණක් ඉහළ දැමීමට කටයුතු කළ බවත් බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා සඳහන් කළේය.
ඉන්ධන මිල ඉහළ යෑම නිසා පාසල් ප්‍රවාහන රථ සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවී තිබෙන බවත්, පවතින ආර්ථික තත්ත්වය තුළ දෙමවුපියන්ගේ තත්ත්වය ගැන සිතා 01 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට පාසල් ප්‍රවාහන ගාස්තුව 5% කින් ඉහළ දැමීමට කටයුතු කළ බවත් සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවක සංගමයේ සභාපති හරිස්චන්ද්‍ර පත්මසිරි මහතා සඳහන් කළේය.
බස් ගාස්තුව 4.1%කින් ඉහළ ගියත්, රුපියල් 30.00ක්ව පවතින අවම බස්ගාස්තුවේ කිසිදු වෙනසක් සිදුවී නැති අතර, ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව සකස් කළ ගාස්තුව පිළිගන්නා බවත්, එහෙත් ඉන්ධන මිල ඉහළ යෑම නිසා බස් හිමියන්ට පාඩු දරා ගැනීමට සිදු වන බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
567
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
494
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
423
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ත්‍රීවීල් ගාස්තු වැඩි කිරීම රියැදුරන්ගේ කැමැත්තට