IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


කොටස් වෙළදපොළ ඉහළ යෑම සැබෑවකද මැවීමක්ද ?

පොලී අඩු වී රඳවා ගැනීමේ  බදු වැඩි වීම  හේතුවක් විය හැකියි

සැබෑ වැඩිවීමක් නම් විදෙස් ආයෝජනවලට  ඉතා වැදගත්

ප්‍රධාන ආයෝජකයන්  කීප දෙනෙක්  කොටස් වෙළෙඳපොළ හසුරවනවාදැයි සොයා බලන්න

උපුල් වික්‍රමසිංහ
කොටස් වෙළෙඳපොළේ කොටස් මිල වාර්තාගත ලෙස ඉහළ යෑම මගින් ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය වී ඇතිය යන පණිවුඩය ජාත්‍යන්තරයට ලබා දෙන බවත් ආයෝජකයන්ගේ ආදායම් වැඩි වීමෙන් මුදල් සංසරණය ඉහළ ගොස් එයින් ආර්ථික වර්ධනයකට මග විවර වෙන බවත් ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති. මේ තත්ත්වය විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ඉතා වැදගත් වෙන බව ද ඔවුහු කියති. එහෙත් මෙය සැබෑ ලෙසම වැඩිවීමක් ද නැත්නම් ආයෝජකයන් කිහිප දෙනෙකු විසින් කෘත්‍රිමව කරන කටයුත්තක් දැයි සොයා බැලිය යුතු යැයි ඔවුහු පෙන්වා දෙති. මීට පෙර අවස්ථා කිහිපයකදීම මෙවැනි කෘත්‍රිම ඉහළ යෑම් සිදු කිරීමට ආයෝජකයන් කටයුතු කළ බවට චෝදනා නැගුණ බැවින් මේ දිනවල සිදුවන කොටස් මිල ඉහළ යෑම ගැන විනිමය සුරැකුම් කොමිසම අවධානය යොමු කළ යුතු බව ආර්ථික විශේෂඥයෝ පවසති. 

ස්ථාවර තැන්පතු පොලී අනුපාත ඇතුළුව පොලී අනුපාත පහළ යෑම, භාණ්ඩාගාර බිල්පත් සඳහා ගෙවන පොලී අනුපාත පහළ යෑම, රඳවා තබා ගැනීමේ බදු අනුපාතය සියයට 5 සිට 10 දක්වා ඉහළ නැංවීම ආදී හේතු මත වැඩි පිරිසක් කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමට පෙලඹීම නිසා කොටස් වෙළඳපොළ ඉහළ යන බව විශ්වාස කළ හැකි යැයි ආර්ථික විශේෂඳයන්ගේ මතයයි. 
කෙසේ වුවද ලංකාවේ වෙළෙඳපොළ තාර්කික එකක් නොවෙන බව පවසන ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා දැන් පවතින දේශපාලන ස්ථාවරත්වය මත වෙළෙඳපොළ සාධක ස්ථාවර වී ආයෝජක විශ්වාසය ඉහළ යමින් තිබෙන බව ද ප්‍රකාශ කළේය.


“බැංකු පොලි අනුපාත විශේෂයෙන්ම ස්ථාවර තැන්පතු පොලී අනුපාත පහළ යෑම, කොටස් වෙළෙඳපොළේ වර්ධනයට බලපා ඇති ප්‍රධාන හේතුවයි. භාණ්ඩාගාර බිල්පත්වල පොලී අනුපාත පහළ යෑමත් හේතුවක්. කොටස් වෙළෙඳපොළ වැඩි වෙනවා කියන්නෙ ආයෝජනයට මුදල් එකතු වෙනවා කියන එක. ආයෝජනයට සුදුසු පරිසරයක් නිර්මාණය වෙලා කියන පණිවුඩය ජාත්‍යන්තරයට ලබා දෙනවා. ඒ පණිවුඩය ගොඩක් වැදගත්. විදේශ ආයෝජනවලටට ඉතා වැදගත්” මහාචර්යවරයා පැහැදිලි කළේය.
මෙය තාවකාලික හෝ දීර්ඝකාලීන වර්ධනයක් ද යන්න තීරණය වෙන්නේ රජයේ ප්‍රතිපත්ති මත බවද කොටස් වෙළෙඳපොළේ වර්ධනය තව ටික දුරක් ගොස් නවතිනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද එවිට වර්ධනය වීමේ වේගය අඩු වෙන බව ද ඒ මහතා සඳහන් කළේය. 
කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ පෙන්වා දෙන්නේ කොටස් වෙළෙඳපොළේ වර්ධනය හේතුවෙන් ව්‍යාපාර හිතකාමී පරිසරයක් සම්බන්ධයෙන් පණිවුඩයක් ලබා දෙන බවය. සමාගම් අලුත් කොටස් නිකුත් කළ හොත් එය ආයෝජන ඉහළ යෑමට හේතුවක් විය හැකි බව ද ඔහු කියයි.
“ස්ථාවර තැන්පතු පොලී අනුපාත අඩු වීම, රඳවා ගැනීමේ බද්ද සියයට 5 සිට 10 දක්වා ඉහළ දැමීම වැනි හේතු මත කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීම් වැඩි වෙලා තියෙනවා. එයින් යහපත් ව්‍යාපාර හිතකාමී පරිසරයකට පණිවුඩයක් ලබා දෙනවා. 
නමුත් දැනට ආයෝජන වැඩි වීමක් වෙන්නෙ නෑ. සමාගම් අලුත් කොටස් නිකුත් කළොත් එය ආයෝජන වැඩි වීමට හේතුවක් වෙනවා. ප්‍රධාන ආයෝජකයො කිහිපයක් විසින් කොටස් වෙළෙඳපොළ හසුරවන බව නිතර කියවෙන කාරණයක්. කොටස් මිල ඉහළ නංවා ඔවුන් ඒ ඔස්සේ ලාභ ඉපැයීම අරමුණු කරනවා වෙනනත් පුළුවන්”
මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පවසන්නේ ද ලංකාව වැනි තාර්කික නොවන වෙළෙඳපොළක සුළු ව්‍යාපාරිකයන් පිරිසක් එකතු වී මාෆියාවක් නිර්මාණය කළ හැකි බවත් ඔවුන්ට වෙළෙඳපොළ හැසිරවිය හැකි බවත්ය. එහි ප්‍රතිඵලයක් ලෙස වෙළෙඳපොළ පිළිබඳ විශ්වාසය බිඳවැටී වෙළෙඳපොළ කඩාවැටීමට ඉඩ ඇති බවද ඔහු පෙන්වා දෙයි.
පසුගිය 26 වැනිදා කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 232.13 න් ඉහළ ගොස් තිබිණ. ඒ අනුව එදින අවසානයේදී සියලු කොටස් මිල දර්ශකයේ අගය ඒකක 15400.53 ක් ලෙස සටහන් වී තිබිණ.
කොළඹ කොටස් වෙළෙඳපොළ වර්තමාන ප්‍රගතිය සහ උදාවන නව වසරේ ප්‍රාග්ධන වෙළෙඳපොළ දිශානතිය සම්බන්ධයෙන් විමසා බැලීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සහ කොළඹ කොටස් හුවමාරුවේ වගකිවයුතු නිලයන් දරණ ප්‍රධානීන් සම්බන්ධ කරගැනීමට අප අවස්ථා කිහිපයකදී උත්සාහ කළද, එම උත්සාහයන් ව්‍යර්ථ විය.

 



අදහස් (0)

කොටස් වෙළදපොළ ඉහළ යෑම සැබෑවකද මැවීමක්ද ?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 40 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 341 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 362 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site