IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ඉඩම් බලෙන් අල්ලාගත් හිටපු ඇමතිවරු රැසක් ගැන පරීක්ෂණ

තිඹිරියාගම බණ්ඩාර
රජයට අයත් දිවයින පුරා පිහිටි ඉඩම් ව්‍යාජ ඔප්පු සකස් කර විකිණීම පිළිබඳව හිටපු මැතිඇමතිවරුන් ගණනාවකට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. කිරිබත්ගොඩ ප්‍රාදේශීය සභාවට අයත් ඉඩමකට හොර ඔප්පු සකස් කර විකිණීම සම්බන්ධයෙන් මේ වෙන විට හිටපු ඇමති මර්වින් සිල්වා ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ලබන 17 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තබා ඇත.

2010 වසරේදී කළ මෙම නීති විරෝධී ක්‍රියාවට සම්බන්ධ යැයි චෝදනා ලැබූ හිටපු ඇමතිවරයෙකු වන ප්‍රසන්න රණවීර, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු, ව්‍යාපාරිකයෙකු සහ නීතිඥයෙකු ද අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කෙරෙමින් පවතී. පොදු දේපළ පනත යටතේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර මූල්‍ය අපරාධ කොට්ඨාසය ඉදිරිපත් කළ කරුණු අනුව හිටපු ඇමති මර්වින් සිල්වා ඇතුළු චූදිතයන් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට මහර මහෙස්ත්‍රාත් කාංචනා නේරංජනා ද සිල්වා නියෝග කළාය.
රු.කෝටි 7.5 කට අධික වටිනාකමක් ඇති කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයේ ඉඩමකට ව්‍යාජ ඔප්පු සකස් කර විකිණීම ඔවුන්ට ඇති චෝදනාවයි.
රජයට අයත් ඉඩම් විශාල ප්‍රමාණයක් මෙලෙස ව්‍යාජ ඔප්පු සකස් කර විකුණා ඇති බවට හිටපු මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුට චෝදනා එල්ලවීමත් සමග එම වංචාවලට සම්බනධ නීතිඥයන්, ව්‍යාපාරිකයන් ඇතුළු විවිධ පාර්ශ්ව පිළිබඳව ද තොරතුරු අනාවරණය වෙමින් පවතී. චූදිතයන් නීතියෙන් ගැලවීම සඳහා වසන් ව සිටීමේ උත්සාහයක් පවතින බවට ද තොරතුරු හෙළි වෙයි.

 



අදහස් (0)

ඉඩම් බලෙන් අල්ලාගත් හිටපු ඇමතිවරු රැසක් ගැන පරීක්ෂණ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 537 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 483 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site