(යොහාන් භාසුර)

තායිලන්තයේ පැවැත්වෙන 25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 400X4 සහාය දිවීමේ පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද (16) පස්වරුවේ සමත් වූහ.

ශ්‍රී ලංකා පිරිමි සහාය දිමේ කණ්ඩායම එහිදී මිනිත්තු 3.01.56 ක කාලයක් වාර්තා කළේය.

ශ්‍රී ලංකා මීටර 400X4 සහාය දිවීමේ කාන්තා කණ්ඩායම එම ඉසව්වේ රීදි පදක්කම දිනාගනිමින් ශ්‍රී ලංකා වාර්තාවක් ද පිහිටුවීමට සමත් විය.